හිරුවල්පොල ශ්‍රී පුෂ්පාරාමය ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...

හිරුවල්පොල ශ්‍රී පුෂ්පාරාමය පුරාණ විහාරය පිහිටා ඇත්තේ බිංගිරිය (හලාවත – පඩුවස්නුවර මාර්ගයේ) සහ දුම්මලසූරිය (මාදම්පේ-කුලියාපිටිය මාර්ගයේ) අතර ය. මෙම විහාරස්ථානය බිංගිරිය සිට කි.මී. 7.5 ක් සහ දුම්මලසූරිය සිට කි.මී. 8.8 ක් දුරින් පවතී.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

හිරුවල්පොල ටැම්පිට විහාරය සෙන්ටිමීටර 82.5 ක් උස ශෛලමය කණු 20 ක් මත පිහිටුවා ඇත. අභ්‍යන්තරයේ ඇති පිළිම ගෙය වටා ප්‍රදක්ෂිණා පථයකි. මෙම පථයේ ඉදිරිපස පළල මීටර් 1.30 ක් වන අතර දෙපැත්ත සහ පිටුපස පුද්ගලයෙකුට යන්තම් ඇවිදීමට තරම් ප්‍රමාණවත් සෙන්ටිමීටර 56 ක් පළල වේ. අභ්‍යන්තර පිළිම ගෙය දිග මීටර් 3.30 ක් වන අතර පළල මීටර් 2.51 කි. සම්පූර්ණ ගොඩනැගිල්ලේ දිග මීටර් 5.16 ක් වන අතර පළල මීටර් 3.63 කි.

ටැම්පිට විහාරයට සම්බන්ධ කරමින් ඉදිරිපස මණ්ඩපයක් ඉදිකර ඇත. දෙපස ජනේල 4 ක් සහ පුළුල් ඉදිරිපස දොරටුව හැර මෙය සෑම පැත්තකින්ම ආවරණය වේ. මෙම ගොඩනැගිලි දෙකම සෙවිලි කර ඇත්තේ මහනුවර යුගයේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන සාමාන්‍ය පැතලි උළු භාවිතා කරමිනි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

හිරුවල්පොල ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හිරුවල්පොල ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

මාදම්පේ සිට හිරුවල්පොල ටැම්පිට විහාරය දක්වා
හරහා :පඬුවස්නුවර පාර
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply