දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 3.00 out of 5)
Loading...
Divulwewa Ancient Monastery

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාණ පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් ගහන වන අතර සාමාන්‍ය සංචාරකයින්ගේ ඇස නොගැටෙන වටිනා පුරාවිද්‍යා ස්ථාන දිස්ත්‍රික්කය පුරාම ජනයා ගමන් නොගන්නා අසුමුලු වල දැකගත හැක.

බොහෝ අය නොදන්නා දිවුල්වැව පුරාවිද්‍යා භූමිය එවැනි සංරක්ෂණය කොට ඇති වටිනා ස්ථානයකි. මෙම ස්ථානයේ පුරාණ නාමය කෝමරිකාවල යැයි කියනු ලබන අතර මෙය පුරාණයේ නේවාසික භික්ෂූන් සිය ගණනක් වාසය කල ආරාම සංකීර්ණයකි.

අනුරාධපුර රාජධානි සමයේ දී දිවුල්වැව ආරාමය සමෘධිමත්ව පැවති බව පෙනේ. සංරක්ෂණය කරන ලද පිළිම ගෙවල් හා භික්ෂූන් වහන්සේලා වැඩ සිටි කුටි භූමිය පුරා ඇති නමුත් නටබුන් අතර කැපී පෙනෙන ලක්ෂණ වන්නේ ගල් කණු මත (ටැම්පිට) පුස්තකාලයක් සහ ගල් බේසමක් සහිත මුළුතැන්ගෙයක් යැයි විශ්වාස කෙරෙන ගොඩනැගිල්ලකි. භික්ෂුවගේ සිවුරු සායම් ගැන්වීම සඳහා භාවිතා කල ගල් හා වැසිකිලි ගල් ද දැකිය හැකිය. මෙම ගොඩනැගිලි අනුරාධපුර යුගයේ මැද භාගයේ සිට 3 වන සියවස දක්වා කාලයට අයත් බව පෙනේ. කුළුණු මත ගොඩනැඟිලි (ටැම්පිට පුස්තකාලය) වැනි සමහර අවශේෂ බොහෝ පසුකාලීන මහනුවර යුගයේ ඉදිකරන්නට ඇත.

නමුත් දිවුල්වැව පුරාවිද්‍යා රක්ෂිතයේ සැඟවුණු ආකර්ෂණය වන්නේ අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාවේ අනුරුවක් සේ සදා ඇති ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවයි. මෙම සමාධි ප්‍රතිමාව අනුරාධපුර ශෛලියට ඉතාමත් සමාන වන අතර හොඳින් සංරක්ෂණය වී තිබේ. මෙය උස මීටර් 2.13 ක් වන අතර අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි සමාධි බුදුන්ගේ උස මීටර් 2.21 කි. පෙරළීමෙන් නාසයට පමණක් හානි සිදුවී ඇත. මෙම ප්‍රතිමාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සාදන ලද වියනක් යට වර්තමානයේ පිහිටා තිබේ.

අනුරාධපුරයේ සමාධි පිළිමයට සාපේක්ෂව බලන කල පිළිමයේ සිවුර අදෘශ්‍යමාන වන අතර කිසිදු නැමීමක් පෙනෙන්නට නොමැත. මෙම යුගයේ බොහෝ බුද්ධ ප්‍රතිමා වලට වඩා ඉණ ප්‍රදේශය පුළුල් හා පූර්ණ ය.

මෙම ආරාම සංකීර්ණයට යාබදව භික්‍ෂු සුසාන භූමියක් පවතී. මීට ආසන්නයේ කොක්එබේ හි මෙගලිතික සුසාන භූමියක් පැවත ඇති හෙයින් මෙම සුසාන භූමියද මෙම ආරාමයට පෙර සිටම පැවත එන්නක් විය හැක.

දිවුල්වැව පුරාවිද්‍යා භූමිය හබරණ-හල්මිල්ලෑව මාර්ගයේ ගලෙන්බිඳුනුවැව හා හල්මිල්ලෑව අතර පිහිටා ඇත. දිවුල්වැව හි පිහිටීම මින් කිලෝමීටර කිහිපයක් දකුණින් පිහිටි මහදිවුල්වැව සමඟ පටලවා නොගත යුතුය. මෙම ස්ථානයට පිවිසීම සඳහා හබරන සිට මරදන්කඩවල දෙසට කි.මී.15ක් ගමන්කොට ගනේවල්පොල සිට ගලෙන්බිඳුනුවැව සහ කොමරිකාවල වැව පසුකරමින් කිලෝමීටර් 18 ක් ගමන් කරන්න. හෙට්ටුවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් සවිකොට ඇති කළු පුවරුවක් මෙම ස්ථානයට මග පෙන්වයි. දිවුල්වැව පුරාවිද්‍යා භූමිය මෙම මාර්ගයේ මීටර 350 ක් පහළින් පිහිටා ඇත. එම මාර්ගයේම තවත් කිලෝමීටර 1 ක් ගමන් කල විට මනරම් දිවුල්වැව වැව වෙත පිවිසිය හැක

දිවුල්වැව හි නටබුන් 1960 දශකයේදී සොයා ගන්නා ලද අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු 1977 දී ආරම්භ කර ඇත. පුරාවිද්‍යා කොමසාරිස්ගේ 1979 පරිපාලන වාර්තාව මෙම ස්ථානය පිළිබඳව මෙසේ වාර්තා කරයි;

සමාධි බුදුන්ගේ පිළිමයට වයඹ දෙසින් මඳක් දුරින් සුන්බුන් සහිත ගොඩැල්ලක් පිහිටා ඇත. නැගෙනහිර හා බටහිර පැතිවල පහළ වේදිකා දෙකක් ඇති බව පෙනෙන මෙම මලුව කැණීම වසර අවසාන වන ආරම්හ කරන ලදී. හිඳි පිළිමය සහිත පිලිමගේයහි උතුරු හා නැගෙනහිරට කැණීම් කරන ලද සුන්බුන්වූ බිත්ති සංරක්ෂණය කර ඇත.

ඉහත සඳහන් පිළිම ගෙයහි ඊසාන දෙසින් පිහිටි ගඩොල්වලින් තැනූ පිළිම ගෙය සංරක්ෂණය කරන ලදී. මෙම පිළිම ගෙය ඉදිරිපස කොටසක් සහ පැති දොරටුවක් (හෝ ප්‍රදක්ෂිණා පථයේ පිටවීම) දැකගත හැක්කේ අනුරාධපුර යුගයේ අග භාගයේ සහ පොලොන්නරුව යුගයට අයත් එවැනි ගොඩනැගිලිවල ය.

වැඩබිම සහ දෙපාර්තමේන්තු නිල නිවාස සඳහා ළිඳක් කැණීම අවසන් කරන ලදී.

ආශ්‍රිත

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration report of the archaeological commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.17.
  • Lanka Excursions Holidays – Kandy. n.d. Diwulwewa and its Samadhi Buddha. [online] Available at: <https://www.lanka-excursions-holidays.com/divulwewa.html> [Accessed 13 June 2021].

සම්බන්ධ වෙනත් පිටු

දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය ගමන් මාර්ගය

කොළඹ සිට දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය දක්වා හබරණ සිට දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා : අඹේපුස්ස – කුරුණෑගල – දඹුල්ල – හබරණ
මුළු දුර : කිලෝමීටර් 237
ගතවන කාලය : පැය 5.30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :
මුළු දුර : කිලෝමීටර් 52
ගතවන කාලය : පැය 1.15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)