යාපනය නැගෙනහිර අරියාලෙයි පුම්පුකාර් පුරාවිද්‍යා ස්ථානය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.25 out of 5)
Loading...
The Aiyanar Kovil at Pumpukar Colony, Ariyalai East. The present Kovil is built on an ancient archaeological site abounds with potsherds and other artifacts  from Early settlements in Jaffna : An Archaeological Survey
The Aiyanar Kovil at Pumpukar Colony, Ariyalai East. The present Kovil is built on an ancient archaeological site abounds with potsherds and other artifacts from Early settlements in Jaffna : An Archaeological Survey

අරියාලෙයි යනු යාපනය සහ ප්‍රධාන භූමිය අතර පිහිටා ඇති යාපනය අර්ධද්වීපයේ සිට මුහුදට විහිදෙන වැලි පරයකි. අරියාලෙයි හි මෙම වැලි තීරුව අර්ධද්වීපයේ සන්නිවේදන පද්ධතියට උපායමාර්ගිකව වැදගත් වේ. මෙම තීරුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියේ මන්නිතලෙයි ප්‍රදේශයෙන් පටු යාපනය කලපුවකින් වෙන් කරනු ලැබේ. උතුරු පැත්තෙන් එය සෙසු අර්ධද්වීපයෙන් වෙන් කරනු ලබන්නේ උප්පාරු කලපුවෙනි. එය සෙම්මානි හිදී යාපනය කලපුව සමඟ ඒකාබද්ධ වේ. යාපනය කළපුව තරණය කිරීමෙන් කෙනෙකුට මන්නිත්තලෙයි වෙත ළඟා විය හැකිය.

ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ අරියාලෙයි වැලිපරයේ පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන 2 ක් වාර්තා කරයි.

පළමු ස්ථානය මනිවම්තොට්ටම් වන අතර එය මධ්‍යතන යුගය දක්වා දිව යන පුරාන මැටි බඳුන් කැබලි හමුවූ ප්‍රදේශයකි. මෙය ඇත්තේ මාර්ගයට දකුණින් වූ පොල් වත්තක් තුලය. පුම්පුකාර් නව කොළනියක් වන අතර එය S.S.R. කොළනිය ලෙසද හැඳින්වේ. මෙය පිහිටියේ අරියාලෙයි අයියනාර් (අයියනායක) කෝවිල් අසලය. පුම්පුකාර්හි තිබී සොයාගත් මැටි බඳුන් කැබලි ක්‍රිස්තියානි යුගයේ මුල් සියවස් වලට අයත් ය. මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ නැගෙනහිර අරියාලෙයි අයියනාර් කෝවිල්ට යාබදවයි. ඇත්ත වශයෙන්ම, අයියනාර් කෝවිල පිහිටා ඇතිතේද මෙම පුරා විද්‍යා භූමිය මතයි.

මෙම ප්‍රදේශය පුරා විසිරී ඇති පැරණි මැටි බඳුන් කැබලි වලට අමතරව, ඇලි කැපූ ගඩොල්, කුළුණු සිටුවීමට භාවිතා කල කුළුණු පාදම්, දළ වශයෙන් කපන ලද ගල් කණු සහ ගල් පුවරු වැනි අවශේෂ මෙහි දක්නට ලැබේ. මෙහි කුළුණු පාදම් යම් පිළිවෙලකට ස්ථානගත කරා තිබෙනු දක්නට ලැබිණි. මෙහි තිබූ ශෛලමය පුවරු සෑදු ගල් වර්ගය යාපනයේ දක්නට නොමැති බැවින් ඒවා වෙනත් ප්‍රදේශයකින් ගෙන ආ බව පෙනේ. මෙහි හමුවූ පුරාණ වස්තුන් අතර දඹදෙණි යුගයට අයත් (1200 – 1202) ශ්‍රීමත් සහස්සමල්ල කාසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාසි සොයාගෙන ඇත. මෙම පුරාවස්තු අක්කර 10 ක පමණ භූමි භාගයක පැතිරී ඇත.

මෙම වාර්තාව දැන් අවුරුදු 30 ඉක්මවා ඇති අතර වසර 30 කට වැඩි කාලයක් පැවති දෙමළ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව මෙහි නටබුන් සොයා ගත හැකිද යන්න සැක සහිතය. කෙසේ වෙතත් අදාළ බලධාරීන් මෙවන් ස්ථාන පිළිබඳව පර්යේෂණ කර අනාගත පරම්පරාවන් සඳහා ඕනෑම උරුමයක් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.

A socket-stone or post-hole stone found near the Aiyanar Kovil, Ariyalai East. Several such stones in a particular arrangement were found in this site. from Early settlements in Jaffna : An Archaeological Survey
A socket-stone or post-hole stone found near the Aiyanar Kovil, Ariyalai East. Several such stones in a particular arrangement were found in this site. from Early settlements in Jaffna : An Archaeological Survey

ආශ්‍රිත

  • Ragupathy, P., 1987. Early settlements in Jaffna : An Archaeological Survey. 1st ed. Madras: Sudarsan Graphics.

සම්බන්ධ වෙනත් පිටු

යාපනය නැගෙනහිර අරියාලෙයි පුම්පුකාර් පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාපනය නැගෙනහිර අරියාලෙයි පුම්පුකාර් පුරාවිද්‍යා ස්ථානය ගමන් මාර්ගය

කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)
හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව
මුළු දුර : කිලෝමීටර් 400 km
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින්
මුළු දුර : කිලෝමීටර් 365
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
යාපනය නගරයේ සිට අරියාලෙයි පුම්පුකාර් පුරාවිද්‍යා ස්ථානය දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 11
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply