යාපනය කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.25 out of 5)
Loading...
PLATE 1 : Chunnakam Excavations (where the Vallipuram statue was found)
PLATE 1 : Chunnakam Excavations (where the Vallipuram statue was found)
source : Nagadipa and Buddhist Remains of Jaffna by P.E Pieris and D. Litt. in the “Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland” Vol. 26, No. 70, Part I. (1917), Published by: Royal Asiatic Society of Sri Lanka (RASSL)

ආචාර්ය පොන්නම්පලම් රගුපති 1987 දී “යාපනයේ මුල් ජනාවාස: පුරාවිද්‍යා සමීක්ෂණයක්” ලෙස ප්‍රකාශයට පත් කල ඔහුගේ සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ යාපනයේ කයිට්ස් දුපතේ වේලානායි මංසන්දියට ඊසාන දෙසින් පිහිටි කුඹුරු අතර මුල් ජනාවාසවල සලකුණු සහිත සමීප ස්ථාන කිහිපයක් වාර්තා කරයි.

මෙම සංකීර්ණයේ ප්‍රධාන ස්ථානය වන්නේ කුඹුරුපිට්ටි ය. අක්කර 10-15 ක භූමි ප්‍රමාණයක විසිරී ඇති නටබුන් හා පුරාවස්තු ආචාර්ය රගුපති වාර්තා කරයි. ඔහු හුණුගල් පුවරු සහිත ස්තූපයකට සමාන කැටයම් කරන ලද කොරල් ගල් සහිත පස් කන්දක් මෙහි පවතින බව සටහන් කරයි. මෙම පස් කන්දෙහි එක් පැත්තක ඇලි කපන ලද ගල් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු අතර එහි පස් කැපීම නිසා පොකුණක් බවට පත්ව ඇත. අවට ඇති පුරාවස්තු වල සාන්ද්‍රණය හා විවිධත්වය මෙම ස්ථානයේ වැදගත්කමපෙන්වයි. මෙම ස්ථානයේ ඡායාරූප කිසිවක් ඉදිරිපත්කර නොමැත.

ඒ වටා ඇති නිට්ටිල්, කොලවට්ටායි සහ අවරන්තුල යන ස්ථානහි පැරණි මැටි වලං කැබලි හමු වී අතර අවරන්තුල පුරාවිද්‍යා ස්ථානයෙන් සඳුන් ආලේප සෑදීම සඳහා භාවිතා වූවායයි සැලකිය හැකි රවුම් අඹරන ගලක් සොයාගෙන ඇත.

මෙම වාර්තාව දැන් අවුරුදු 30 ඉක්මවා ඇති අතර වසර 30 කට වැඩි කාලයක් පැවති දෙමළ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව මෙහි නටබුන් සොයා ගත හැකිද යන්න සැක සහිතය. කෙසේ වෙතත් අදාළ බලධාරීන් මෙවන් ස්ථාන පිළිබඳව පර්යේෂණ කර අනාගත පරම්පරාවන් සඳහා ඕනෑම උරුමයක් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.

කුඹුරුපිට්ටි පුරාවිද්‍යා ස්ථානයේ පිහිටීම අක්ෂාංශ: 9°38’50.0″N සහ දේශාංශ: 79°53’55.0″E ලෙස දක්වා ඇත.

Kumpuruppitti, Cölavattai, Nittil, Avarantalä : Velanai Island Sites map from Early settlements in Jaffna : An Archaeological Survey
Kumpuruppitti, Cölavattai, Nittil, Avarantalä : Velanai Island Sites map from Early settlements in Jaffna : An Archaeological Survey

ආශ්‍රිත

  • Ragupathy, P., 1987. Early settlements in Jaffna : An Archaeological Survey. 1st ed. Madras: Sudarsan Graphics.

සම්බන්ධ වෙනත් පිටු

කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන් ගමන් මාර්ගය

කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)
හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව
මුළු දුර : කිලෝමීටර් 400 km
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින්
මුළු දුර : කිලෝමීටර් 365
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
යාපනය නගරයේ සිට කයිට්ස් දුපතේ වේලානායිහි කුම්පුරුපිට්ටි බෞද්ධ නටබුන් දක්වා
හරහා :කයිට්ස්
මුළු දුර : කිලෝමීටර් 26
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply