යාපනය පේදුරු තුඩුව බලකොටුව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 3.40 out of 5)
Loading...
A 1693 map of Portuguese fort at Point Pedro from the Dutch National Archives
A 1693 map of Portuguese fort at Point Pedro from the Dutch National Archives (www.nationaalarchief.nl/)

පේදුරු තුඩුව යාපනයේ සිට කි.මී. 30 ක් ඊසාන දෙසින් පිහිටා ඇති අතර එය අතීතයේ සිටම නැව් සඳහා ස්වාභාවික නැංගුරම් පොළක් ලෙස භාවිතා කර ඇත. එය යාපනය අර්ධද්වීපයේ හොඳම ස්වාභාවික වරාය යැයි සැලකේ. පේදුරු තුඩුව යන නම “පොයින්ට් පේද්‍රෝ” යන ඉංග්‍රීසි නාමයෙන් බිඳී ඇති අතර පොයින්ට් පේද්‍රෝ නම පෘතුගීසි නාමය වන “පුන්ටා දස් පෙඩ්රාස්” යන නාමෙන් පරිණාමය වී ඇති අතර එහි අර්ථය “රොකී පොයින්ට්” යන්නයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි, පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු මායිම නොවේ. ලන්දේසි VOC සමාගම විසින් දෙවන ඇන්ග්ලෝ-ලන්දේසි යුද්ධයේදී 1665 දී පමණ පේදුරු තුඩුව හි මුහුදට දෙසට ඇති කොරල් පරයක් මත කුඩා ත්‍රිකෝණාකාර බලකොටුවක් ඉදිකර ඇත. එයට තිබුණේ ප්‍රධාන භූමියට මුහුණ ලා සෑදු එක් යුද අට්ටාලයක් පමණි. මුහුදු දිශාවේ තිබුණේ අට්ටාලයක් හෝ කාලතුවක්කුවක් නොමැති පවුරක් පමණි. බලකොටු පවුර මුහුදු දිශාවේ මීටර් 80 ක් දිග වූ අතර අනෙක් පවුරු ද්විත්වය මීටර් 42 ක් දිග විය.

1672 දී ලන්දේසි පුජකවරයෙකු වූ බැල්ඩියස් මෙම පේදුරු තුඩුව නගරය, වරාය සහ පල්ලිය පිළිබඳ කෙටි විස්තරයක් සපයයි. මෙම ප්‍රදේශය කපු ගසින් පොහොසත් වූ අතර කපු අස්වැන්න සඳහා ප්‍රසිද්ධියක් උසුලා ඇත. මෙහි බලකොටුවක් ඉදිකර ඇත්තේ කෙටි කලකට පෙර මෙම ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ ගැටුම් වලදී ය. මෙම ප්‍රදේශය දෙමළ භාෂාවෙන් පැරිචියර් ලෙස හැඳින්වෙන අතර එහි අර්ථය “කපු වරාය” යන්නයි. බැල්ඩියස්ට අනුව පැරිචියර් පල්ලිය මෙම පළාතේ විශාලතම හා වඩාත්ම පෙනුමෙන් යුත් එකක් විය. මෙම වරාය මාස 7-8 අතර කාලයක් නැංගුරම් දැමීම සඳහා ආරක්ෂිත වන නමුත් උතුරු මෝසම් ආරම්භ වන විට මෙය භයානක වෙරළ තීරයක් බවට පත්වේ.

බැල්ඩියස් දේශනා කළ පේදුරු තුඩුව පල්ලිය ඉදිරිපිට තිබෙන විශාල සියඹලා ගස පේදුරු තුඩුව හි තිබු වැදගත් සලකුණක් විය. අඩි 42 (මීටර 12.8) වට ප්‍රමාණයකින් සහ අඩි 65 ( මීටර් 20) උස මෙම ගස 1952 නොවැම්බරයේ සුළි කුණාටුවෙන් මුලින් ගැලවී වැටී ඇත.

1760 සැප්තැම්බර් 5 වන දින ඩෙන්මාර්ක මිෂනාරිවරයෙකු වන එස්.පී.සී.කේ හි ක්‍රිස්ටියන් ෆ්‍රෙඩ්රික් ෂ්වාස් මෙම සුප්‍රසිද්ධ බැල්ඩියස් දේශනා කළ ගස දැකීම සඳහා පොයින්ට් පේද්‍රෝ වෙත ගොස් ඇති අතර 1906 දී මෙම සිදුවීම සිහිපත් කරමින් මෙම සියඹලා ගස ශෛලමය සිහිවටනයක් තබා ඇත.

බැල්ඩියස්ගේ ගස

1658

ෂ්වාස්ගේ පැමිණීම

1760 සැප්තැම්බර් 5

කෙසේ වෙතත් අද මෙම ගල පවතින්නේ දැයි නොදනී.

මෙම බලකොටුවේ කිසිදු හෝඩුවාවක් අද ඉතිරිව නැත. මෙය පිහිටා තිබු ස්ථානයද රහසකි. බලකොටුවේ සිතියම මත පදනම්ව, මෙය ත්‍රිකෝණාකාර ප්‍රදේශයක ඉදිකර ඇති අතර පේදුරුතුඩුව වෙරළෙන් මුහුද දෙසට සාදා ඇතිබව පෙනේ. වෙරළ තීරයේ චන්ද්‍රිකා ඡායාරූප හා සැසදීමෙන් වඩාත්ම ගැලපෙන ස්ථානය පහත ගූගල් සිතියමේ සලකුණු කර ඇත. ක්‍රිෂාන් මෙන්ඩිස් මහතා සිය විශාරද උපාධිය සඳහා නිබන්ධනය වන ‘Fortifications and the Landscape – A GIS Inventory and Mapping of Kandyan and Dutch Fortifications in Sri Lanka‘ හි සිතියම් විස්තර සහ චන්ද්‍රිකා නිරූපණ මත පදනම්ව පේදුරුතුඩුව බලකොටුව පිහිටි ස්ථානය ලෙස ඉහත ස්තානයම දක්වා ඇත.

Massive Tamarind Tree at Point Pedro where Baldaeus preached in the 17th century.
Massive Tamarind Tree at Point Pedro where Baldaeus preached in the 17th century.
Source : A true and exact description of the most celebrated East-India coasts of Malabar and Coromandel and also of the Isle of Ceylon (1672)

ආශ්‍රිත

  • Tennent, J., 1860. Ceylon: An Account of the Island – Physical, Historical, and Topographical with Notes of its Natural History, Antiquities, and Productions – Volume 2. 4th ed. London: LONGMAN, GTIEEN, LONGMAN, AND ROBERTS.
  • Baldaeus, P., 1672. ‘A true and exact description of the most celebrated East-India coasts of Malabar and Coromandel and also of the Isle of Ceylon. 1st ed. Amsterdam: Janssonius van Waasberge en van Someren.
  • Journal of the Dutch Burgher Union of Ceylon, 1953. Baldaeus ‘Tree : Vanishing Landmarks Which Made Dutch History. XLIII(1), pp.51-52.
  • Mendis, C., 2020. FORTIFICATIONS AND THE LANDSCAPE : A GIS Inventory and Mapping of Kandyan and Dutch Fortifications in Sri Lanka. Master’s thesis. University of Amsterdam.

සම්බන්ධ වෙනත් පිටු

යාපනය පේදුරු තුඩුව බලකොටුව ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාපනය පේදුරු තුඩුව බලකොටුව ස්ථානය ගමන් මාර්ගය

කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)
හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව
මුළු දුර : කිලෝමීටර් 400 km
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින්
මුළු දුර : කිලෝමීටර් 365
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
යාපනය නගරයේ සිට යාපනය පේදුරු තුඩුව බලකොටුව ස්ථානය දක්වා
හරහා :පේදුරු තුඩුව මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 33
ගතවන කාලය : විනාඩි 50
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply