මහඔය උණුවතුරබුබුල වෙහෙරගල ආරන්‍ය සේනාසනය පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

ශුෂ්කවූ මහඔය ප්‍රදේශයේ සැඟවුණු වෙහෙරගල, උණුවතුරබුබුල නමින් හැඳින්වෙන ගම්මානයේ පවතින ගල්පර්වත සහිත කඳු ප්‍රදේශයකි. “මහඔය උණු වතුර ළිං” ලෙස හැඳින්වෙන සුප්‍රසිද්ධ උණු වතුර උල්පත නිසා මෙම ගම්මානයට මෙම නම ලැබී තිබේ. මෙම පර්වතයේ තිබී හමු වූ පුරාණ නටබුන් ක්‍රි.පූ 2 වන සියවස දක්වා කාලයකට දිව යයි. වෙහෙරගල ආරන්‍ය සේනාසනය මහඔය නගරයේ සිට මාදුරුඔය මාර්ගයේ කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා තිබේ.

වනාන්තරයෙන් යටව ගොස් පසුව නිධන් හොරුන් විසින් විනාශ කරන ලද මෙම භූමිය මීට වසර 40-50 කට පමණ පෙර වන අරමක් ලෙස පුනර්ජීවනය වුයේ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුනිසාවෙනි. මෙම භූමියේ නටබුන් අක්කර 10 ක් පමණ පුරා පැතිරී ඇති අතර පර්වතයේ පාමුළ නිධන් හොරුන් විසින් විනාශ කරන ලද සුන්බුන් වූ ස්ථූප දෙකක නටබුන් ඇත. මෙම විහාරස්ථාන ඉදිකිරීම සඳහා භාවිතා කරන ලද අමුද්‍රව්‍ය මත පදනම්ව ඒවා සියවස් 2-3 ක් දක්වා ඈතකට දිව යන බව නිගමනය කොට ඇත.

ස්තූපයට ආසන්නව, මල් අසුන් සඳහාවූ ශෛලමය කුළුණු හයක් සහ දැක ගත හැකිය. බිඳුණු ගිය ශෛලමය මල් ආසන, සඳකඩ පහන් සහ කොරවක් ගල් ප්‍රදේශය පුරා හමුවේ. මෙම ආරණ්‍යය ජනතාව අතර ප්‍රසිද්ධ වුයේ ගංගොඩවිල සෝම ස්ථවිරයන් වහන්සේ මෙම ආරණ්‍යයේ කලක් වැඩසිටි බව ප්‍රසිද්ධ වීමත් සමගය.

කටාරම් කෙටූ පුරාණ ලෙන් “කුටි” ලෙස වෙන් කොට ඇත. සෑම ලෙන් කටාරමකම ලෙන සදා සංඝයාට පුජා කල උපාසකයන්ගේ නම් දක්වා ඇත. ලෙන් ලිපි නවයක් සහ එක් පර්වත සෙල්ලිපියක් මෙම ස්ථානයෙන් සොයාගෙන ඇත. එක් ලෙන් ලිපියක් හැර අනෙක් සියල්ලම ක්‍රි.පූ 3 වන සියවසේ සිට 4 වන සියවස දක්වා විවිධ කාල වකවානුවලට අයත් වේ.

මෙම භූමියේ ප්‍රකාශයට පත් නොකළ පර්වත සෙල්ලිපිය විශේෂිතය . මෙරට පසේ බුදු කෙනෙකු පිළිබඳව සඳහන් වන සෙල් ලිපි සොයාගෙන ඇත්තේ 2ක් පමණි. ඉන් එකක් විනාශ වී ඇති කුරුණෑගල අග්ගල පාෂාණ සෙල්ලිපියයි. දෙවන හා දැනට පවතින එකම පර්වත සෙල්ලිපිය මෙම වෙහෙරගල ආරන්‍ය සේනාසනයෙහි පිහිටා ඇත. මෙම සෙල්ලිපිය තනි පේළියක නෙළා ඇති අතර “10 වන පසේ පසේ බුදුරජාණන්ගේ ස්තුපය පගිය උපාසිකාව විසින් කරවන ලදි” ලෙස අර්ථ දැක්වේ. ඉහත සඳහන් ස්ථූපය මෙහි හමු වූ නටබුන් වූ ස්ථූප දෙකෙන් එකක් විය හැකිය.

2014 ඔක්තෝම්බර් 10 වන දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය සමඟ රජය විසින් වෙහෙරගල නටබුන් සහ කටාරම් කෙටූ පුරාණ ලෙන් ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

සම්බන්ධ වෙනත් පිටු

මහඔය උණුවතුරබුබුල වෙහෙරගල ආරන්‍ය සේනාසනය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මහඔය උණුවතුරබුබුල වෙහෙරගල ආරන්‍ය සේනාසනය ගමන් දිශාවන්

මහඔය සිට උණුවතුරබුබුල වෙහෙරගල ආරන්‍ය සේනාසනය දක්වා
හරහා :මහඔය – පදියතලාව
මුළු දුර : කිලෝමීටර් 5
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply