මුලතිවු කුරුන්දි (කුරුඳුමලේ) විහාර පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 5.00 out of 5)
Loading...

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය වසර 30 කට වැඩි කාලයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පවතී බැවින් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රවේශ විය නොහැකි විය. නමුත් වසර 2009 දී එල්ටීටීඊය පරාජයට පත්වීමෙන් පසු, මෙම ප්‍රදේශය යටිතල පහසුකම් හා පහසුකම්වල දැවැන්ත සංවර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඕනෑම ප්‍රදේශයකට සංචාරය කිරීමට අවස්ථාව ඇති වී තිබේ.

LTTE ත්‍රස්තවාදය අවසන් වීමත් සමග පෙර ප්‍රවේශ විය නොහැකි වනාන්තර තුලට නිදහසේ පිවිසීමට අවස්තාව ලැබිණි. මුලතිවු දිස්ත්‍රික්කය, වවුනියා දිස්ත්‍රික්කය, මන්නාරම දිස්ත්‍රික්කය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වනාන්තරවල සැඟවී ඇති පුරාණ බෞද්ධ ස්ථාන සිය ගණනක නටබුන් යුද හමුදාව විසින් මේ වන විට සොයාගෙන ඇත. දමිළ දේශපාලනඥයින්ගේ සහාය ඇතිව වසර 30 කට වැඩි කාලයක් දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් බෞද්ධයන් සිටි ගම්මාන සමුලඝාතනය කිරීම නිසා මෙම ප්‍රදේශ වල සුළුවෙන් හෝ පැවති බෞද්ධ සිද්ධස්ථාන රැක බලාගත් භික්ෂූන් කිහිපදෙනාටත් දායකයන් නොමැති විය.

LTTE ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසුව පවා දෙමළ දේශපාලනඥයින් විසින් බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන අවට සිටින අහිංසක දෙමළ ගම්වැසියන් උසිගන්වමින් මෙම ස්ථාන සංවර්ධනය හෝ සංරක්ෂණය කිරීම නැවැත්වීමට ගෝත‍්‍රික අන්තවාදයක් ක්‍රියාත්මක කරමින් පවතී.

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) දෙමළ: කුරුඳුමලෙයි) නටබුන් වර්තමානයේ දේශපාලනඥයින් විසින් නොකඩවා බාධා කරනු ලබන මෙවන් ස්ථානයක් වන අතර මෙය හින්දු කෝවිල් භූමියක් මිස බෞද්ධ ස්ථානයක් නොවන බව ප්‍රකාශ කරයි. කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) නටබුන් 1905 පුරාවිද්‍යා වාර්තාවේ විස්තර වශයෙන් ලේඛනගත කොට තිබේ. මෙම ස්ථානයේ සොයාගන්නා ලද සෙල්ලිපියක් අද අතුරුදහන් වී ඇත. 2013 අගෝස්තු මාසයේදී ගැසට් නිවේදනයකින් මෙම ස්ථානය ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම පුරාවිද්‍යා ස්ථානයේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා, ක්‍රි.පූ 250 දී මහා මහින්ද තෙරණුවෝ මේරටට පැමිණි කාලය වෙත අප ආපසු යා යුතුය. බුදුන් වහන්සේගේ දේශනා පාලි භාෂාවෙන් විය. අටුවා යනු පාලි භාෂාවෙන් ලියා ඇති අතර ඒවා ත්‍රිපිටකයේ ගැඹුරු ධර්මය සවිස්තරාත්මකව විස්තර කෙරෙන ලේඛනයි. මිහිඳු හිමියන් බුද්ධාගම ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු ලංකාවේ සිටි භික්ෂුන් මෙම ගැඹුරු විශ්ලේෂණ දේශීය භාෂාවෙන් (හෙළ බස) ලේඛනගත කළහ. ඒවා හෙළටුවා ලෙස හැඳින්වේ. හෙළටුවා අට්ඨකතා තුනකින් සමන්විත වේ. ඒවා මහා අට්ඨකතාව, පච්චරි අට්ඨකතාව සහ කුරුන්දි අට්ඨකථාව යන අට්ඨකථා තුනෙන් සමන්විත බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.

කුරුන්දි අට්ඨකථාව කුරුඳුමලේ කුරුන්දවාශෝක විහාරය (කුරුන්දවාශෝක විහාරය) හි ලේඛනගත කර ඇති බව විශ්වාස කෙරේ. මහාවංශයට අනුව, කුරුන්දවාශෝක ආරාමය කල්ලටනාග රජු (ක්‍රි.පූ. 109-104) විසින් ඉදිකර ඇති අතර එයට පළමුවන අග්ගබෝධි රජු (575-608) සහ පළමුවන විජයබාහු රජු (1070-1110) විසින් විවිධ පරිත්‍යාගයන් කොට ඇත. 1905 පුරාවිද්‍යා වාර්තාවට අනුව, කුරුඳුමලේ නටබුන් එම ප්‍රදේශයේ පුළුල්ව ව්‍යාප්ත වී තිබී ඇත.

මෙම නටබුන් පිළිබඳව මුලින්ම සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නේ 1895 දී උතුරු පළාතේ රජයේ ඒජන්ත ජේ. පෙන්රි ලුවිස් (J. Penry Lewis) වන්නිය පිළිබඳ වාර්තාවක් වන “වන්නි දිස්ත්‍රික්කයේ අත්පොත”හිය (Manual of Vanni District).

මුළු පළාතේම වඩාත් පුළුල් නටබුන් පවතින්නේ කුරුන්තන්කුලම් වැව බැම්මෙහි දකුණු කෙළවරේ කුරුන්තන්මලෙයි නොහොත් පියංගල හිය. පාකර් මහතා මෙසේ විශ්වාස කරයි;

බුදුරජාණන් වහන්සේ ලක්බිම දෙවන සංචාරයේ දී මෙම ස්ථානයටද වැඩම කොට ඇති බව කියනු ලැබේ. වැව් කණ්ඩියේ සිට කඳු මුදුන දක්වා ශෛලමය පඩි පෙළක් ගමන්කරයි. කඳු මුදුන පැතලි වන අතර ඉලිප්සාකාර හැඩයෙන් යුක්තය. අඩි 7 ක් හෝ අඩි 8 ක් පමණ උසකින් යුත් රැඳවුම් පවුරක් වැව මුහුණලා ඇති දිශාවේ හෝ බොහෝවිට සම්පූර්ණ කඳු මුදුණ වටා බැඳ ඇත.

කඳු මුදුනේ සහ වැව් බැම්මේ උතුරු කොටසේ පිටුපස නටබුන් කිහිපයක් තිබේ. නමුත් ඒවා බොහොමයක් නටබුන් වී ඇත්තේ කාලයාගේ ඇවෑමෙන්ත නොව පසුකාලීන දෙමළ වැසියන් විසින් හිතාමතාම කල විනාශයන් හේතුවෙනි. වැව් බැම්මෙහි දකුණු කෙළවරට භාගයකට පමණ දුරින් නාග පෙණ පහක් කැටයම් කල ගලක් සහිත පුරාණ විහාරස්ථාන භූමියකි.

වැව් බැම්මට පිටුපසින් මඩුකන්ද ,මහකච්චකොඩිය, ඉරියට්පෙරියකුලම වැනි අවම වශයෙන් විහාර තුනක හෝ වැදගත් ගොඩනැගිලි තුනක නටබුන් ඇත. මෙම ස්ථාන වල සමාන්තරව පිහිටුවා ඇතිව පේළි තුනක් සහිත හතරැස් ගල් කණු පවතී. එක් ස්ථානයක මඩුකන්ද මුරගල හා සමාන දොරටුපාල කැටයම් සහිත මුරගල් දෙකක් තිබී ඇත. මෙම මුරගල් උසින් අඩකට වඩා පොළොවේ වැළලී තිබූ අතර, එම මුරගල් දෙක අතර ඇති හිඩැස අනුව එහි සම්පූර්ණයෙන්ම වැළලුණු පියගැට පෙළක් ඇති බව පෙනේ. මුරගල් අතර විශාල ගසක් මැද වැඩෙමින් පවතී. කුරුන්තන්මලෙයි පැවති මෙම මුරගල් දෙක (මම විශ්වාස කරන ආකාරයෙන් 1858 දී) මුල්ලිවයික්කාල් කෝවිලේ ද්වාරය ඉදිකිරීම සඳහා මෙම ස්ථානයෙන් ගලවා ඉවත් කොට ඇත.

මඩුකන්ද මෙන් මෙහි පියගැට පෙළ දෙපස පවතින මකර තොරණක් සහිත කොරවක්ගල් දෙකෙන් එකක් පොළොව මතුපිටින් වැතිරී ඇති අතර අනෙක් කොරවක්ගල ආසන්නයේ පොළොවට වැළලී තිබිය හැක. මෙහි කැණීම් කිරීමේදී ඉහළම පියගැට දැකගත හැකි වූ අතර, අන් පියගැටද පොළොවට යටවී එසේම තිබිය හැක. මෙහි විශාල ශිලා ලේඛනයක් ද ඇත. තවත් තැනක රළු වශයෙන් නිම කරන ලද ගවයෙකුගේ රූපයක් පවතී. එහි හිස කැඩී ගොස් ඇති අතර එයට නමස්කාර කරන ආකාරයෙන් නෙළන ලද මිනිස් රුවක්ද පවතී. මෙම කැටයම දෙමළ ආක්‍රමණයෙන් පසු ඉදිකරන ලද හින්දු කෝවිලකට අයත් බව පෙනේ.

නටබුන් වූ දාගැබක ගඩොල් විශාල ප්‍රමාණයක් විසිරී තිබේ. මෙම දාගැබේ සෑම පැත්තකින්ම කුළුණුපිහිටයි.

වැව් බැම්ම පහතින් නගරයක් හෝ විශාල ගම්මානයක් පැවති බව ඒ පෙදෙසේ කුඩා ජල මූලාශ ඔස්සේ ඇති මැටි වළන් කැබලි පෙන්වන අතර එය ශිලා ලිපියේ කුරුන්ගම ලෙස හැඳින්වේ. එහි දෙමළ නම කුරුන්තනුර් ය. පසුකාලීන දෙමළ වැසියන් මෙහි කෝවිලක් ඉදි කර ඇති අතර, ඔවුන් සංඝබෝධි රජු විසින් ඉදිකරන ලද විහාරය සහ අනෙකුත් ගොඩනැගිලි කඩා බිඳ දමා ඒවායේ ගඩොල් සහශෛලමය කොටස් සියල්ලම ඉවත් කර ඇත. මෙම වැව් බැම්ම බිඳුණු කාලය හෝ නගරය අත්හළ කාලය නොදනී. නමුත් දහතුන්වන හෝ දහහතරවන සියවසේ සිට මෙම ස්ථානයේ ජනාවාස ඇති වී නොමැති බව පැවසිය හැකිය.

……………………………
……………………………

කුරුන්තන්කුලම් – තුන් වන මිහිඳු රජුගේ සෙල්ලිපිය. (937-1013 ක්‍රි.ව.), ඔහුගේ පාලන සමයේ අටවන වසරේදී තම මව (?) සහ දියණිය සමඟ වැව නැරබීමට ගිය කල කරවා ඇත. එය විශාල පුවරුවක පිහිටා ඇති අතර එය දිවයිනේ විශාලතම සෙල්ලිපි වලින් එකකි. නමුත් එය බොහෝ දුරට කියවීමට දුෂ්කරය –

මිහින්තලේ සෙල්ලිපි වැනි මෙහි සිටින භික්ෂූන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු නීති මාලාවක්ද මහා වැව (පෙනෙන පරිදි තන්නිමුරිප්පු) ඔහු ඉදිකළ බව හැඟවීමක්ද වගාවට අහිතකර ලෙස බලපාන සමහර ආරවුල්පිළිබඳවද සෙල්ලිපියේ සඳහන්ය. ගලෙහි කොටා ඇති සෙල්ලිපියේ ලේඛකයා තමා බවත්, ඔහුගේ බලතල පිළිබඳව යම් සැකයක් ඇති බවත් පෙනෙන රජතුමා, මෙහි අකුරු මැකී ගියද එම නීති රීති දිගටම ක්‍රියාත්මක වන ලෙස අණ කරයි.

මෙම අඩවියේ පැවති නගරය සෙල්ලිපියේ කුරුංගම (කුරන්ගම) ලෙස හැඳින්වේ.

මෙම ගල් පුවරුව දැන් කැබලි තුනකින් යුක්තය. එහි ඇති අකුරු ඉතා අලංකාරව හා ඒකාකාරව කපා ඇත. සෑම පේලියක්ම තිරස් රේඛා වලින් වෙන් කොට ඇත්තේ කෝදුවක් තබා කැපුවා හා සමානව කෙලිනි. මෙම පුවරුව වටා උන්නතත් වූ දාරයක් කපා ඇත.

Manual of the Vanni districts (Vavuniya and Mullaittivu), of the Northern Province, Ceylon (1895)

ලුවිස්ට අනුව, මෙම සෙල්ලිපිය අඩක් වැළලී තිබුනද වසර 1890 නොවැම්බරයේදී එය සම්පූර්ණයෙන්ම පිටපත් කර ඇත.

පාකර් මහතාට අනුව මෙහි හමුවූ සෙල්ලිපිය ලංකාවේ හමුවූ විශාලතම සෙල්ලිපි වලිනි එකකි. මෙම සෙල්ලිපිය තුන්වන මහින්ද රජුගේ (801-804) පාලන සමයේදී කුරංගම වැවේ ජලය භාවිතය සම්බන්ධ ආරවුලක් විසඳීම සඳහා සකස්කොට ඇත. මෙම වාර්තාවේ මෙහි ඇති මෙම ස්ථූපය වටදාගෙයකින් ආරක්ෂා කර ඇති බව ද සඳහන් වේ.

1905 පුරාවිද්‍යා පාලණ වාර්තාවට අනුව, කුරුඳුමලේ මෙම පළාතේ වඩාත්ම නටබුන් ඇති ස්ථානයයි. මෙම පාළන වාර්තාවේ කුරුඳුමලේ පිළිබඳ විස්තරය පහතින් දැක්වේ;

කුරුන්තන්-මලෙයි

ඔටියා-මලයි” සිට ඊසාන දෙසින් සැතපුම් හතක් පමණ දුරින් වනාන්තරයේ කන්දක් පවතී. එහි නාමයේ තේරුම “කුරුන්තන් ගසේ කන්ද” යන්නයි. කුරුන්තන් සිංහල භාෂාවෙන් “පන්ගුරු ගහ” ලෙස හැඳින්වේ.

“ඔටියා-මලයි” සිට ඇති කරත්ත මාර්ගය වැව්, ඇළ දොළ කිහිපයක තරණය කරමින් ගමන් කරයි. මෙම මාර්ගය තරණය කිරීම වියළි කාලගුණය තුළ වූවද අපහසු අතර වැසි කාලගුණ කාලයේදී තරණය නොහැකි විය යුතුය.

නයි-ආරු” කලපු වෙරළේ “ඔටියා-මලයි” සහ “කුමිල-මුනායි” අතර කරත්ත පාරේ සිට අඩු දුරක ඇති ස්ථානයක ස්ථිර ලෙස ජලය එකතු වී ඇත. මෙය “තන්නි-මුරිප්පු” ලෙස හැඳින්වෙන අතර මෙය නමක් නොමැති විශාල වැවේ වැව් කණ්ඩිය කැඩී ගිය ස්ථානයයි. මෙහි පල් වූ ජලය සහිත විශාල ගැඹුරු තටාකයක් පවතී.

මෙම වැව් බැම්ම කැඩී ගිය ස්ථානයේ සිට සැතපුම් එකහමාරක් පමණ උතුරින් පිහිටි කුරුන්තන්-මලයි පාමුල විශාල නොගැඹුරු පොකුණක් ඇති අතර, ඒ අසල කැණීමෙන් පානීය ජලය ලබා ගත හැකිය.

කුරුන්තන්-මලයි තන්නි-මුරිප්පු නමින් හැඳින්වෙන වැවේ උතුරු කෙළවර සහ කුරුන්තන්-කුලම්හි වැව් බැම්මේ දකුණු කෙළවර අතර පිහිටා ඇත. මෙම වැව් දෙකෙහි කණ්ඩිය කඳු බෑවුමට එක්වේ. මෙම කන්ද යම් ප්‍රදේශයන්හි කටු සහිත ගස් සමග ඝන ලෙස කැලෑවෙන් වැසී ඇත. එබැවින් එහි උස විනිශ්චය කිරීම අපහසුය. නමුත් මා සිතන පරිදි එය අඩි 200 ක් පමණ උස විය යුතුයි. මා මෙම ගමනේ සංචාරය කරන අනෙකුත් සියලුම කඳු වලට වඩා එය සම්පූර්ණයෙන්ම වෙනස් ය. මන්දයත් එහි එක පර්වතයක්වත් නොමැති අතර, එය සෑම පැත්තකින්ම එක හා සමානව ඉහළට නඟින අතර එය කඳු මුදුනට ආසන්නව බැමි සේ උස් වේ.

මෙම කන්දේ මුදුණ සමතලා වන අතර යාර 150 ක් යාර 100 ක් පමණ දිග පළල වේ. එය හතරැස් හැඩයෙන් යුක්ත වන අතර අක්කර තුනක් පමණ වේ. එයට පහළින් බැම්මේ සිට අඩි 10 ක් පමණ ඉහළට ඔසවා ඇති අතර, ලිස්සා යාම වැළැක්වීම සඳහා රැඳවුම් පවුරකින් වට කොට ඇත. මෙම පවුර මුළු කන්ද වටාම සොයාගත හැකි අතර ස්ථාන කිහිපයක තරමක් හොඳ සංරක්ෂණයක පවතී. මෙම ප්‍රදේශය ඉතා ඝන ලෙස වැඩී ඇති බැවින් විශාල ශුද්ධ කිරීමකින් තොරව නිවැරදි මිනුම් ලබාගත නොහැක. කෙසේ වෙතත්, මගේ සැලසුම් සහ විස්තරය පදනම් කරගත් ඒවා දළ වශයෙන් නිවැරදි ය. මෙම කඳු මුදුනේ ගොඩනැගිලි හතරක් පැහැදිලිව පෙනන අතර තවත් තුනක් නටබුන් ගොඩවල් ලෙස පවතී.

මෙම ස්ථානයේ ගොඩනැගිලි පිළිබඳ විස්තරයක් දීමට පෙර ඒවා ඉදිකරන ලද ද්‍රව්‍ය පළමුව විස්තර කිරීම අවශ්‍ය වේ. මක්නිසාද යත් මෙම ගොඩනැගිලි අංග හා සැලැස්ම බොහෝ දුරට සාම්ප්‍රදායික සිංහල ඉදිකිරීම් නිර්මාණ ශිල්පයට අනුව සිදු වී ඇති වුවද මෙම ගොඩනැගිලි ඉදිකිරීමේ අමුද්‍රව්‍යය සුවිශේෂය.

කුළුණු සහ පියගැට අනුරාධපුර සහ වෙනත් තැන්වල මෙන් ගලින් සාදා ඇත. එහෙත් ගොඩනැගිලිවල බිත්ති, මළු බැමි, දාගැබ සහ එහි ස්ථර සියල්ලම විශාල ගඩොල් වැනි කුඩා ගල් කුට්ටි වලින් නිමවා ඇත. එය අනුරාධපුර ඉදිකරන්නන්ගේ ශෛලමය බිත්ති හා පසුකාලීන පොලොන්නරුව ගඩොලින් නිමකළ නිර්මාණය මෙන් නොව, ගල තද, දුඹුරු, සිදුරු සහිත ඝන වූ ස්පොන්ජියක් වැනි පාශාණයකි. එම පාෂාණය අඟල් 10 x අඟල් 12 x අඟල් 4½ කුට්ටි වලට කපා ඇත, නමුත් සෑම විටම එකම ප්‍රමාණයෙන් යුක්ත නොවේ. මෙම බිත්ති කිසිවක් කපරාරු කර ඇති බවක් නොපෙනේ.

ගොඩනැගිලි පහත පරිදි එක් එක් කොනෙහි දළ වශයෙන් තබා ඇත. ඊසානදිග කොනෙහි දාගැබද, වයඹ දෙසින් වීහාරයද, ගිනිකොන දෙසින් වටදාගේද සහ නිරිත දෙසින් හොඳ නිමාවකින් යුත් විශාල ගොඩනැගිල්ලක් ද ස්ථානගත කොට ඇත. මෙම අවසාන ගොඩනැගිල්ල පිළිම ගෙය විය යුතුය.

දාගැබ උස් වූ අත්තිවාරමක් මත ස්ථර හතරකින් නිමවා ඇති අතර ප්‍රමාණයෙන් කුඩාය. මම සිතන පරිදි ඉහළ ස්ථර දෙක වෘත්තාකාරය. මෙම ගල් කුට්ටි වල ස්ථායිතාව අඩු බැවින් එහි ප්‍රතිපලයක් ලෙස මෙම ගොඩැල්ල නටබුන් වීම නිසා මේ පිළිබඳව නිගමනයකට ඒමට අපහසුය. අනුරාධපුරයේ මිරිසවැටිය දාගැබෙහි මෙන් පහළ ස්ථරයේ දකුණු හා බටහිර දෙපස බැම්මේ පියගැට ඉහළ තලයට නැඟී ඇත. එක් කණුවක් දාගැබහි බටහිර දෙසට ඉදිරියෙන් පිහිටා ඇති අතර එය බොහෝ විට පූජාසන ගෘහයක කොටසක් විය හැකිය.

දැනටමත් විස්තර කර ඇති ගල් කුට්ටි හාවිතයෙන් දාගැබ සම්පූර්නයෙන්ම ඉදිකර ඇති බව පෙනීමට තරම් එය විනාශ වී ඇති නමුත් දාගැබේ එහි හැඩය තවමත් විද්‍යාමාන වේ.

විහාරය කුළුණු තිස් හයක ගොඩනැගිල්ලකි. එය අඩි 50 x අඩි 40 ප්‍රමාණයෙන් යුත් අතර නැගෙනහිර දෙසට මුහුණලා ඇත. මෙහි බිත්ති සහ දොරටුව පොලොව මට්ටමට පහළින් පවතී. මෙහි කුළුණු අලංකාරව සැරසිළි කොට ඇති අතර වර්ග අඩි 1 ක හරස්කඩක් හා අඩි 10 ක් පමණ පොලොව මට්ටමට උඩින් පවතී. වටදාගේ අඩි 35 ක විෂ්කම්භයකින් යුත් වෘත්තාකාර ගොඩනැගිල්ලකි. පිටත බිත්තිය අඩි 2½ ක් පමණ ඝනකම ගල් කුට්ටි වලින් නිමවා ඇති අතර කුළුණු දොළහක් වේ. මම කුළුණු කැඩී පවතී. ඊට ඇතුලතින් කුළුණු අටකින් වට වූ තවත් වෘත්තාකාර කාමරයක් මේ තුළ ඇති අතර ඉන් 3ක් නොකැඩී ඇති අතර වටදාගේ නටබුන් අතරින් අඩි 5 ක් පමණ ඉහලට පවතී. සියලුම කුළුණු හතරැස් ය. දොරටුව උතුරින් පිහිටා ඇති අතර අඩි 3 අඟල් 8 ක් පළල සරල ගල් පඩි හතරකින් සමන්විත වේ. මෙහි මුරගල් හෝ කොරවක්ගල් පිහිටියේනම් ඒවා ඉවත් කර හෝ විනාශ කර ඇත.

මෙහි පිළිම ගෙය කුළුණු ගොඩනැගිලි තුනෙන් වඩාත්ම විස්තීර්ණ වන අතර එය වඩාත් හොඳ සංරක්ෂණ තත්වයේ පවතී. එය වේදිකාවක් මත ගොඩනැගිල්ලකින් සමන්විත වේ. මෙම වේදිකාව අඩි 85 x අඩි 64 පමණ ප්‍රමාණයෙන් වන අතර අඩි 4 ක් හෝ 5 ක් උසට ගල් කුට්ටි වලින් නිමවා පවුරකින් රඳවා ඇත. මෙහි පිවිසුම නැගෙනහිර දෙසට මුහුණ ලා පවතී. එය සරල පියගැටපෙළකින් සහ සරල කොරවක්ගලකින් සමන්විත වේ. මෙහි මුරගල් අතුරුදහන් වී ඇත. මෙම ගොඩනැගිල්ල අඩි 36 ක් අඩි 30 ක් පමණ වන අතර අමතර ද්වාරමණ්ඩපය අඩි 15ක් වේ. ප්‍රධාන ගොඩනැගිල්ලේ අඩි 8 x අඩි 1 x අඩි 1 ක් පමණ වන සරල හතරැස් කුළුණු තිස් හයක්ද ද්වාරමණ්ඩපයේ කුළුණු දහයක් ඇති අතර, අවම වශයෙන් හතරක් කැඩී බිඳී ගොස් ඇත. මෙහි කුළුණු හිස් මා පෙර දැක තිබු මෝස්තරයන්ගෙන් සම්පූර්ණයෙන් වෙනස්ය. දොරටුව වැළලී ඇති වුවද මුරගල් හි පුන්කලස නිර්මාණයක් කැටයම් කොට ඇති බව පෙනේ. ද්වාරමණ්ඩපය සහ ප්‍රධාන ගොඩනැගිල්ල අතර දොරටුවේ අඩි 6 ක් පමණ කැටයම්දි වූ ශෛලමය උඩළිපතක් තිබී ඇති අතර ඉන් තරමක විශාල කොටසක් බිම වැටී පවතී. එහි අලංකාර කැටයම් කරන ලද ගණ සහ මකර කැටයම් පේළි ද්විත්වයක් එහි සම්පූණ දිගෙහි පවතී. මෙම ගණ රුප සිංහල කැටයම්වල සාමාන්‍යයෙන් දකින ගණ රුප වලට වඩා වෙනස්ය. ඒවායේ හිස මත උස් තොප්පි ඇති බව පෙනේ. මේවා එක් පේළියක දොළොස් දෙනෙක් ද අනෙක් පේළියේ අටක් ද දැකගත හැක. ගොඩනැගිල්ලේ බිත්ති ගල් කුට්ටි වලින් නිමවා ඇත.

ඉහත සඳහන් කළ ගොඩනැගිලි හතරට අමතරව, පිළිවෙලින් විහාරයේ සහ වටදාගේ යන දෙකෙහි ද්වාරමණ්ඩප ලෙස පෙනෙන නටබුන් ගොඩ දෙකක් තිබේ. දකුණු පවුරට ආසන්නයේ සහ වටදාගේ සහ පිළිමගේ මද්‍යයේ කුළුණු කිහිපයක් තවත් කුඩා ගොඩනැගිල්ලක පැවැත්ම පෙන්වයි. කඳු මුදුනේ වෙනත් නටබුන් නොමැත. කඳු මුදුනට පහළින් රැඳවුම් පවුරකින් වටවූ තවත් මළුවක් පවතී. මෙම මලුව උතුරෙන් සහ නැගෙනහිරින් අඩි 60 ක් පළලය, නමුත් ඉතිරි පැති දෙක සම්බන්ධයෙන් මට වඩාත් සැක සහිතය. මෙහි යටිකැලෑව ඉවත් කළහොත් එය විසඳා ගත හැක. මෙම මළුවේ රැඳවුම් පවුර මම සැලැස්මේ තිත් රේඛාවලින් ඇඳ ඇත.

මෙම මළුවේ කුළුණු දොළොස් බැගින් වූ ස්ථාන 16 ක් ඇත. මේවා පන්සල් සහ සංඝාවාස විය. කඳුකරයේ දකුණු හා බටහිර පැතිවල පහළ මළුවක් ඇතැයි සිතීමට මම කැමැත්තෙමි. කඳු මුදුනේ සිට අඩි 200 ට වඩා පළල බටහිර දෙසින් සහ දකුණින් සමාන දුරින් බිත්තිවල අංශු මාත්‍රවලට අමතරව අඩි 80 x අඩි 60 පමණ දිග පළල ගැඹුරු පොකුණක් මට හමු විය. මෙම පොකුණ දැන් කුහරයක් පමණි, නමුත් මෙහි ශෛලමය බැමි කැණීම් කොට සොයාගත හැකි විය හැක.

මෙම කන්දේ විස්තර කිරීමට ඉතිරිව ඇත්තේ පුරාණ නගරය හා යටි මළුව සම්බන්ධ කරන පුළුල් පියගැට පෙළ මාර්ග දෙකකි. වඩාත් පරිපූර්ණ වන නැගෙනහිර පියගැට පෙළ මාර්ගය පිළිබඳ විස්තරයක් මෙම මාර්ග දෙකටම ප්‍රමාණවත් වේ.

කඳු මුදුනේ සිට පහළ ,මළුව දක්වා පියගැටපෙළ දහඅටක සෝපානයක් ඇත. සෑම පියගැට ගලක්ම අඩි 17 ක් දිග, අඟල් 10½ පළල, අඟල් 6 උස තනි ගලකින් නිර්මාණය කොට ඇත. මෙම පියගැට පෙළ රැඳවුම් පැවුර හරහා මළුවට ගිලී නොමැත, නමුත් මළුවේ කෙළවරින් සෝපානය ආරම්භ වේ. එය අඩි 10 ක් පමණ ඉදිරියට නෙරා ගොස්, පසුව මළුව මැදට බසී. ඉන්පසු මලුව කෙලවර සිට අඩි 17 x අඩි 1 අඟල් 4½ x අඟල් 6½ පමණ ප්‍රමාණයේ පියගැට 100 ක් පහළින් වනාන්තරයට කන්දෙන් බැස යයි. මෙම පියගැටපෙළ කඳු පාමුලට ළඟා නොවන අතර ඉතිරි කොටසේ හෝඩුවාක් ලෙස ඇත්තේ අඩක් වැළලුනු එක් ගලක් පමිණි. උතුරු පියගැටපෙළ ඇත්තේ වඩාත්ව නටබුන් තත්වයකය. නමුත් බටහිර පියගැටපෙළහි කඳු මුදුනේ සිට අඩි 100 ක් පමණ පහලින් පසට යටවී අඟල් 6 ක් පමණ පෙනෙන මුරගල් යුගලයක් ඇත.

පුරාණයේ මෙම කන්ද මුදුනේ සිට භික්ෂූන් වහන්සේලාට ලාංකාවේ ඕනෑම පාලකයෙකුගේ හදවත සතුටු කිරීම හැකි දසුනක් තිබෙන්නට ඇත. කන්දට පහළින්, නිරිත දෙසින්, තන්නි-මුරිප්පු නමින් හැඳින්වෙන වැව අක්කර දහස් ගණනක් විහිදී ඇත. නැඟෙනහිර දෙසින් නොගැඹුරු නයි-අරු කලපුවේ සුදුමැලි වූ නිල් ජල කඳ ඔබ්බෙන් සයුරත් සමග ක්‍ෂිතිජ රේඛාව පෙනේ. උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර අතර විශාල වැව් හරහා සාරවත් වූ කුඹුරු දැකගත හැක.

දාගැබ උඩට නැග වන ලැහැබට ඉහලින් කෙනෙකුට දැන් පවා මනරම් දර්ශනයක් දැක ගත හැකිය. නමුත් මහා වැව හා අලංකාර කෙත්වතු වෙනුවට ඇත්තේ වනාන්තරයක් පමණි, එය නැගෙනහිර හැර සෑම පැත්තකින්ම ක්ෂිතිජයට ළඟාවේ.

කුරුන්තන්-ඌර්

වැළලුණු කුරුන්තන්-ඌර් පැරණි නගරය බටහිරින් කුරුන්තන්-කුලම් සහ දකුණින් කුරුන්තන්-මලයි බෑවුම් වලින් මායිම්ව පිහිටා තිබේ. මෙහි බොහෝ නටබුන් අක්කර 200 ක චතුරශ්‍රාකාර භූමි ප්‍රමාණයක පිහිටා ඇති අතර එය දිශා තුනක් ගල් කුට්ටි යොදා සාදන ලද බැම්මකින් වටවී ඇති අතර හතරවන දිශාව වැව් බැම්මෙන් මායිම් වේ.

මුළු ප්‍රදේශයම ඝන කැලෑවක් වන අතර, කැණීම් හෝ දීර්ඝ ගවේෂණයකින් තොරව විශාල ගොඩනැගිලි කිහිපයකට වඩා ගුණාත්මකභාවය හෝ ප්‍රමාණය තීරණය කළ නොහැක. නමුත් කුළුණු කැබලි මෙම වටවූ අවකාශය පුරා තැනින් තැන දැකගත හැක.

මෙහි අනෙක් ගොඩනැගිල්ලට වඩා විශාල එක් ගොඩනැගිල්ලක් ඇති බවක් නොපෙනේ, නමුත් කුඩා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් තිබුණි. ඒවානම් නම් –

☯ බොහෝදුරට සමතලා කරන ලද කුඩා දාගැබ්
☯ හානියට පත් වූ ශෛලමය ගවයෙකුගේ රූපයක් අසල ගල් කණු කිහිපයක්. මෙය බොහෝ විට සිව දේවාලයක් විය හැකිය.
☯ අඩි 3 x අඩි 3 යි අඟල් 3 ප්‍රමාණයේ අඩි 1 යි අඟල් 1 ක විෂ්කම්භයකින් සිදුරක් කපා ඇති යෝනි ගලක්
☯ අඩි 4 යි අඟල් 6 ක් පළල සහ අඩි 25 ක් ගැඹුර ගඩොලින් බැඳි ළිඳක්. මෙහි මුල් අඩි 20 ක් වියළි ගඩොලින් බැඳ ඇති අතර ඉතිරි කොටසේ මෘදු පාෂාණය කපා ඇත.
☯ අඩි 2 අඟල් 6 x අඩි 1 යි අඟල් 9 ප්‍රමාණයේ ගල් පුවරුවක් මත උන්නත් කරන ලද යාච්ඤා කරන්නෙකුගේ කැටයමක්.
☯ නාගරාජ මුරගල් සහිත කුළුණු ගොඩනැගිලි.
☯ බොහෝ විට හින්දු කෝවිල් වියහැකි ගඩොල් ගොඩනැඟිල්ලක් කඩා වැටී පස් කන්දක් බවට පත්ව ඇත.

මෙම නටබුන් බෞද්ධ හා හින්දු මිශ්‍රණයක් පෙන්නුම් කරයි.

මෙහි ඇති විශාල ශිලා ලිපියක් ගැන “වන්නි අත්පොත” හි සඳහන් කර ඇත, නමුත් මට එය සොයා ගැනීමට නොහැකි විය. වැව් කණ්ඩිය කඩා වැටීමෙන්න පසු මෙම නගරය හරහා ඇල මාර්ගයක් සැදී ඇති අතර, එහි පතුල මැටි වලන් කැබලි වලින් පිරී ඇත. මෙවන් මැටි කැබලි විශාල ප්‍රමාණයක් මා කිසි තැනක දැක නැත. මේවා ඉවුරෙත්, ඇළෙන් බැහැරවත් සෑම තැනකමත් පොළොවෙන් මතු වී පෙනේ. මා විසින් ගත් ඉතා ආසන්න වශයෙන් සම්පුර්ණ බඳුනක් ඉතාගනකමින් හා බරින් යුක්ත වූ අතර හරස්කඩ අඟල් 8 ක් පමණ විය. තවත් කැබැල්ලක් මල් නිර්මාණයකින් සරසා තිබිණි.

මෙම වැවට උතුරින් සැතපුමක් දුරින් නටබුන් වූ ගල් පාලමක් මට හමු විය. එක් කුළුණක කුතුහලය දනවන ලකුණු දෙකක් අඟල් 3 බැගින් කපා ඇත. එය පැත්තට හැරවූ පැතලි “එච්” හැඩයකි. කුරුන්තන් නගරයේ හා ආරාමයේ ඉතිහාසය පිළිබඳව ලුවිස් මහතා සිය “වන්නි අත්පොත” හි මෙසේ සඳහන් කරයි.

“කඳු මුදුනේ සහ බැම්මේ උතුරු කොටසේ පිටුපස නටබුන් කිහිපයක් ඇති නමුත් ඒවා සියල්ලම අබලන් වීඇත්තේ කාලයාගේ ඇවෑමෙන් නොව පසුකාලීන දෙමළ වැසියන් විසින් හිතාමතාම විනාශ කිරීම තුලිනි.

තවත් තැනක දළ වශයෙන් නිම කරන ලද හිස කැඩී ගිය නමුත් ඉදිරියට එන ගවයෙකුගේ රූපයක්, සහ නමස්කාර කරන්නෙකු නිරූපණය කරන රූපයක් ඇත. දෙමළ ආක්‍රමණයෙන් පසු ඉදිකරන ලද හින්දු කෝවිලකට මෙම රූප අයත් බව පෙනේ.

පසුකාලීන දෙමළ වැසියන් මෙහි පුජා ස්ථානයක් ඉදි කොට ඇති අතර, ඔවුන් සංඝබෝධි රජු විසින් ඉදිකරන ලද විහාරය සහ අනෙකුත් ගොඩනැගිලි කඩා බිඳ දමා ගඩොල් සහ ගල් වැඩ සියල්ලම ඉවත්කොට ඇත.”

මගේ මතය අවතක්සේරු කිරීමට අකමැති වුවද, නටබුන් නිරීක්ෂණය කිරීමෙන් මෙම අනුමානයට සම්පුර්ණයෙන්ම එකඟ විය නොහැක.

කඳු මුදුනේ ඇති නටබුන් නිසැකවම බෞද්ධය. ඒවා පහළ ඇති ගොඩනැගිලි හා සසඳන කල හොඳ සංරක්ෂිත තත්වයක පවතී. දෙමළ පාලකයෙක් පැරණි සිංහල ගොඩනැඟිලි කඩා දමා ඔහුගේ දෙවිවරුන්ගේ දේවාලය මෙලෙස ලබාගත් ද්‍රව්‍ය වලින් ඉදිකර තිබේ නම්, ඔහුගේ දේවාලය එහි සොරකම් කළ පූර්වගාමියාට වඩා හොඳ සංරක්ෂණයක පවතිනු ඇත. නමුත් මෙය එසේ නොවේ. කඳුකරයේ ඇති ආරාමයේ තත්වය සාමාන්‍ය නටබුන්වේ වීමේ වේගයට සමානයි මම සිතමි.

සමහර විට බොහෝ ගල් කැටයම් ඉවත් කර ඇත. නමුත් මාගේ මතය ගොඩනැගිලි කඩා දැමීම් හෝ බිඳ භෙලීම්ත හා සමාන විනාශයක් මෙහි සිදු කොට නොමැත. පහළ නගරයට අමුද්‍රව්‍ය සඳහා කඳුකර ආරාමය විනාශ කලානම් කඳු මුදුනට යන ගමන් මගේ අතුරා ඇති විශාල කුට්ටි ඔවුන්ට පහසුවෙන් ගත හැකිව තිබිණි. නමුත් මෙය සිදු කර ඇති බවක් නොපෙනේ.

එපමණක් නොව, වැවට පහලින්ය ඇති නගරයේ නටබුන්, පොලොන්නරුව නගරයට වඩා ද්‍රවිඩ පෙනුමක් ඇති බව නොපෙනේ.

මගේ විශ්වාසය මෙම නගරයේ කෝවිල් ඉදිකරනු ලැබුවේ සොලමන් රජු වැනි පුරාණ ආගම පිළිගත්තද නව හඳුන්වාදීම්ටද අවකාශය දෙන පසුකාලීන සිංහල රජෙකු විසිනි.

H.C.P Bell, 1905. ARCHAEOLOGICAL SURYEY OP CEYLON – NORTH-CENTRAL, CENTRAL, AND NORTHERN PROVINCES. ANNUAL REPORT, 1905. Colombo: H. M. RICHARDS.

1905 වාර්තාවෙන් පසු ඊළඟ වාර්තාව පැමිණෙන්නේ 1964 දී මෙම අඩවියට පිවිසි එල්ලාවල පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගෙනි.

කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) විහාරය 

මුලතිව්‌ දිසාවේ පිහිටි වැදගත්‌ පුදතැන්‌ ගැන කළ හැකි, කළ යුතු කාලයේදී අවධානය යොමුකර තහවුරු කර ආරක්‍ෂක විධිවිධාත යෙදුවේ නම්‌ මේවා ආරක්‍ෂාවනු නියතය. එබඳු රැකවරණයක්‌ නොයෙදූ නිසා විනාශයට ගිය මේ ප්‍රදේශයේම පිහිටි ඉතාමත්‌ වැදගත්‌ ස්ථානයක්‌ ගැන මෙහිදී කරුණු දකක්වීමට අදහස්‌ කරමි. තෙල පුදතැන අද හඳුන්වනු ලබන්නේ කුරුන්දම්මලේ නමිනි. මේ ස්ථානයට යාමට මාර්ග කීපයක්ම ඇතත්‌ ඒ සියල්ල ගන වනයෙන්‌ වැසී ඇති අඩවිය හරහා වැටී ඇත්තේය. එසේම බිහිසුණු වන සතූන්ගෙන්‌ ගැවසී ඇත්තේය. යාපනය – වව්නියා මාර්ගයේ ඕමාන්තයි සිට නෙඩුන්කේනි හරහා මුලතිව්‌ මාර්ගයේ නෙඩුන්කේනියට සැතපුම්‌ තුනක්‌ පමණ තිබියදී හමුවන හන්දියෙන්‌ හැරී කුමුලමුණයි හරහා යන මුලතිව්‌ මාර්ගයේ ගිය පසු තන්තිමුරිප්පු වැව හමුවෙයි. වැවේ උතුරු කෙළවරේ සිට ඇති වනය පීරමින්‌ මඳ දුරක්‌ ගිය පසු කුරුන්දම්මලේ කන්දට පැමිණිය හැකිය. 

එසේම යාපනය – වච්නියා මාර්ගයේ පුලියම්කුලම්‌ හන්දියෙන්‌ නෙඩුන්කේනියට ගොස්‌ මුලින් කී මාර්ගයට සම්බන්ධ වී යා හැකිය. පුලියන්කුලමේ සිට යන මාර්ගයේ නෙඩුන්කේනි දක්වා ගොස්‌ ඉන්‌ පසු මුලතිව්‌ මාර්ගයෙන්‌ සැතපුම් කිහිපයක් යන විට තෙන්තුක්කියට හැරෙන හන්දිය හමුවේ. මේ මාර්ගය අවසන්‌ වන්නේ කුරුන්දම්මලේට මඳුක්‌ ඈතිනි. එහි සිට දඩයක්කාරයන්‌ යන කැළෑ මාර්ගයක්‌ තිබේ. මේ මඟින්ද කන්දට යා හැකිය. එහේත්‌ එය බොහෝ දුර පයින්‌ යා යුතු අතර, ඉතා බිහිසුණු උවදුරු ඇසි ගමනක්‌ ඳ වේ. මුලින්‌ සඳහන්‌ කළ මාර්ග දෙකෙන්‌ ගමන්‌ කරන විට නෙල්ලාරු හා නයාරු නමින්‌ හැඳින්චෙන ඔයන්‌ හරහා යා යුතුවේ. මෙහි දැනට පාලම්‌ ඉදිකර ඇති බැවින්‌ වාගන යා හැකි මාර්ග වේ. මේ ඔයන්‌ දෙකම නයාරු කලපුවට ගලා බසී. තන්නිමුරිප්පු වැවේ සිට කුමුලමුණයි මාර්ගයේ සැතපුම්‌ 1½ ක්‌ පමණ දුරින්‌ කුරුන්දන්මලේ දිස්වේ. මෙහි සිට මූදු වෙරළට වැඩිම දුරක්‌ නැත. මාර්ගයේ සිට කන්ද දක්වා යාමට මාර්ගයක්‌ නැත. මේ සම්පූර්ණ වනයෙන්‌ වැසී ඇති ප්‍රදේශයකි. නෙල්ලාරු හරස්‌ කර තන්නිමුරිප්පු වැව කර තිබේ. එය කුරුන්දම්මලේට දකුණින්‌ පිහිටියේය. කන්දට උතුරු පැත්තෙන්‌ කුරුන්දන්කුලම් වැව පිහිටියේය. මේ වැව්‌ දෙකම පුරාතන නිර්මාණයක්‌ බව ඒ ආශ්‍රිත නටබුන්වලින්‌ පැහැදිලි වෙයි. වැව්‌ දෙක එකට සම්බන්ධ කළැයි සැලකෙන ඇළක්‌ ඇති බව අපට මඟ පෙන්වීමට ගිය දෙමළ ජාතිකයා කීයේය. මේ කන්දට සමහර විට පියන්කල්ලු යන්නද ව්‍යවහාර කෙරේ. එය පියන්ගල යන්නේ දෙමළ ඌරුව්ති. කන්ද අක්කර සියයකට වැඩියැයි සිතමි. මෙහි මුදුන ඕවාල හැඩය ගත්‌ තැනකි. එතැනට පිවිසීමට ඇති උතුරු දකුණු දෙපසින්ම මාර්ග තිබී ඇත. ඒවායේ ශේෂ දැනට (1964) දක්නට ලැබේ. 

කන්දේ සෑම තැනකම විවිධ වර්ගයේ නටබුන්‌ මහත්‌ රාශියක්‌ තිබේ. මෙහි වට අඩි 140 ක්‌ වූද උස අඩි 21 වූද ගඩොල් ගොඩැල්ලකි. එය හරි මැදින්‌ හාරා ගඩොල් විසුරුවා විනාශ කර තිබේ. නිසැක ලෙසම මෙය මෙහි තිබූ දර්ශනීය ස්තූපය බව පැහැදිලිය. මෙම ගඩොළු ද ඉතා පැරණි යුගයට අයත්‌ ඒවාය. මඳ මඳ මතුවී ඇති අත්තිවරම්‌ සහිත ගල්‌ කණු ඇති තවත්‌ ගොඩනැගිල්ලකි. මෙය පිවිසීමට තිබු දොරටුව ළඟ වළක්‌ හාරා තිබිණි, ගොඩනැගිල්ල සහමුලින්ම චිනාශ වී තිබේ. මෙය බුදු මැඳුරක්‌ ලෙසට සැලකිය හැකිය. මේ හැර තවත්‌ ගොඩනැගිලි කීපයක ශේෂ තිබේ. මේ අතර වටදා ගෙයක සලකුණු ද දක්නට ලැබේ. මෙහි සමහර නටබුන්‌ හිතාමතා විනාශ කර ඇති ලක්‍ෂණ දක්නට ලැබිණි, ස්ථානයට ජලය ලබා ගැනීම පිණිස පාවිච්චි කරන ලදුයි සැලකිය හැකි ළිං හෝ පොකුණු හෝ දෙකක ශේෂ ද මෙහි චේ. ඒවා පසින්‌ චැසී ඇත්තේය. කන්දේ තැන තැන බැම්මේ ශේෂ ද පියගැට පෙළ ශේෂ ද දක්නට ලැබේ. මේ සියල්ල විමසීමේදී ඉතා හොඳින්‌ පැහැඳිලිචන කරුණක්‌ නම්‌ මේ පූජනීය ස්ථානය රා. ව. පූ. යුගයේ ආරම්භව වරින්‌ වර වර්ධනය වී ඉතාමත්‌ දියුණුවට ගිය වැදගත්‌ බෞද්ධ ආරාමයක්‌ මෙහි වූ බවයි. 

මේ ප්‍රදේශයේම මා ගිය කිසිදු තැනක මේ තරම්‌ නටබුන්‌ ඇති ස්ථානයක්‌ හමු නොවූයේය. අවසනාවකට මෙන්‌ මේ ස්ථානයේ සෙල්ලිපි හමු නොවූයේය. කුරුන්දන්කුලම නම්‌ වූ සෙල්ලිපියක තුන්වන මිහිඳු රජු (801-804) ගැන කියැවෙන බවත්‌, ජලය පිළිබඳ ආරාවුලක්‌ විසඳීමට රජු එහි ගිය බවත්‌, ඒ ප්‍රදේශය ‘කුරුන්ගම’ නමින්‌ ලිපියේ සඳහන්‌ වනබවත්‌ වාර්තාවක දක්වා ඇත. මේ ජල ප්‍රශ්නයට හේතුවූයේ තන්තිමුරිප්පු වැවේ ජලය බව සී. ඩබ්‌. නිකලස්‌ මහතා දක්වයි. එහෙත්‌ මේ ලිපිය සෑහෙන පමණ සෙවූ මුත්‌ අපට සොයාගත නොහැකි විය. නටබුන්‌ විනාශ කර ඇති බවට මෙයද කදිම සාධකයකි. මේ කන්ද ගැන දන්නා සමහරුන්ගේ අදහස නැත්නම්‌ ප්‍රවාදය මෙහි බුදුරජුන්‌ වැඩි ස්ථානයක්‌ බවයි. මඳක්‌ දුරින්‌ තැන තැන පදිංචි දෙමළ ජනයා එවක මේ කාරණය පිළිගෙන තිබුණේය. තොරතුරු විමසීමේදී ප්‍රකාශ වූ ඔවුන්ගේ අදහස්‌ අතර මේ ප්‍රවාදයද වූයේය. මේ කරුණ නිසා තෙල පුද තැන ගැන මඳ හෝ විමසීමක්‌ කිරීම උචිතමය. 

කුරුන්දක‘ නමින්‌ ගමක්‌ ගැන අට්ඨ කථාවල කීප විටකම දක්නට ලැබේ. කුරැදුගමුරට යනුවෙන්‌ කඩඉම්‌ පොත්වල දුක්වෙනුයේ පෙදෙසක්‌ ගැනය. පදී රට, කුරුදු රටට සමීපව පිහිටි බව පූජාවලිය, නිකාය සංග්‍රහය ආදියෙන්‌ පෙනීයි. කුරුදුගමුරට, කුරැදුරට, කූරුන්දක ආදී වශයෙන්‌ සඳහන්‌ වන්නේ එකම පෙදෙසක්‌ විය යුතුය. පදී රට යනු පදවිය නමින්‌ දූන්‌ හැඳින්වෙන ප්‍රදේශයයි. 2 වන පැරකුම්භා රජු (1236 – 1270) විසින්‌ විනාශ කරන ලද කාලිංග මාඝගේ බල කඳවුරක්‌ කුරුන්දියෙහි වූ බව මූලාශ්‍රවල දුක්වේ. ඊට ආසන්න කාලයේ ලංකාව ආක්‍රමණය කළ චන්ද්‍රභානුගේ කඳවුරක්‌ මෙහි පිහිටුවා ගත්‌ බවත්‌, එහි සිංහලයන්‌ තමා වසඟයට ගත්‌ බවත්‌ දැක්වේ. කුරුදුරට වරතමාන කැදෑකෝරළය ගා කඩවත්‌ කෝරළය යැයි අයිවර්ස්‌ මහතා කියයි. වව්නියාව දිසාවට අයත්‌ කරිකට්ටුමලෙයි දකුණු කොටස විය හැකි බව සමහරකුගේ මතයයි. 1 අග්බෝ රජු (571 – 604) කුරුන්ද නම්‌ විහාරයක්‌ කරවා ඇත්තේය. 1 විජබාහු රජු (1055 -1110) කුරුද විහාරය ප්‍රතිසංස්කරණය කරවීය. 1 අග්‍රබෝධි රජු කුරුන්ද විහාරය කරවා කුරුන්ද වාපී නමින්‌ වැවක්ද, පොල්‌ උයනක්ද කරවීය. ඛල්ලාට නාග රජු (100 – 103) කුරුන්දවාශෝක විහාරය තැන වූයේය. මේ ගැන සඳහන්‌ වන පැරණිම වංශ කතා ගත සිද්ධිය මෙයයි. එහෙත්‌ සමහර අට්ඨ කතා වංශ කතාවලට වඩා පැරණිය. සිංහලයේ පැවැති පැරණි හෙළ අටුවා අතර කුරුන්දට්ඨ කතාව එකකි. එයට මේ නම ඇති වූයේ කුරුන්දිකවෙලු විහාරයේදී ලියන ලද නිසා බව සඳහන්‌ වේ. බල්ලාට නාග රජු විසින්‌ කරවන ලද විහාරය කුරුැන්දපාසක, කුරුන්දවාශෝක වන දෙනමින්ම මහා වංස පිටපත්වල සඳහන්‌ වී තිබේ. 

කුරුන්දවාශෝක කුරුන්දවාපි අශෝක අක්‍රමවත්‌ කෙටිවීමක්‌ බව පෙනේ. කුරුඳු වැව අසල වූ අශෝක විහාරය ඒ නමින්‌ හැඳින්‌ වූවා විය යුතුය. කෙසේ හෝ මේ සියල්ලේම කුරුන්ද යන කොටස සුරැකී තිබේ. මුලින්‌ කී සෙල්ලිපියේ කුරුන්ගම ගැන සඳහන්‌ වේ. වර්තමාන ‘කුරුන්දම යන මේ නමේම ව්‍යවහාරයකි. ඒ අනුව අට්ඨකතා (සීහළට්ඨ කතා) රචිත යුගයේ එනම්‌ මිහිඳු මා හිමි යුගයේ සිටම කුරැන්දගම හා එම විහාරය පැවතියේය. එහි නම අද දක්වාම වෙනස්‌ වී නැත. සිංහල අටුවා ලිවීමේදී මෙහිදී එක අටුවාවක්‌ ලියැවිණි. එසේනම්‌ ක්‍රිස්තු පූර්ව යුගයේ මේ ප්‍රදේශය දියුණුව තිබූ බවත්‌ සිංහල බෞද්ධයන්‌ පදිංචිව සිටි බවත්‌ පැහැදිලිය. මෙහි බෞද්ධ භික්‍ෂූන්‌ වහන්සේ සිය ගණන්‌ වැඩ සිටි බව පෙනේ. මනෝරථපූරණියේ සඳහන්‌ වන එක්‌ තෙර නමක්‌ කුරුන්දකවාසී යනුවෙන්‌ විශේෂණ කර ඇත. උන්‌ වහන්සේ ඵුස්සමිත්ත තෙර නමින්‌ අටුවාවේ සඳහන්වේ. 

කුරුන්දන්කුලම, තන්නිමුරිප්පු වැව ඇතුළු මේ සියලු කොටස්‌ සාමාන්‍ය වශයෙන්‌ වුවද ඇවිද බැලීමට දින දෙකක්‌ වත්‌ ගතවේ. අපේ පරීක්‍ෂණවලදී මඟ පෙන්වීමට ගිය තලතුනා හැඩිදුඩි දෙමළ මනුෂ්‍යයා කාරුණිකයෙකි. ඇවිදීමට අමාරු නම්‌ සාමි කරේ තබාගෙන එක්ක යන්නම්‌ යැයි ඔහු සූදානම්‌ විය. එයින්‌ අප තේරුම්‌ ගත්තේ එදා අප දෙපක්‍ෂයේ වූ කාරුණික මිත්‍රත්වයයි. අදද මේ ප්‍රදේශයට යාම ඉතා දුෂ්කර කාර්යයකි. ඝන වනය, පැවති ත්‍රස්තවාදී කරදර, මාර්ග දුෂ්කරතා, ආහාර අහේනිය ආදී දහසක්‌ උවදුරු මේ පෙදෙස්‌ බිලි ගෙන තිබේ. වැළලී යන සිංහල බෞද්ධ අයිතියේ වැදගත්‌ සාධකය වූ කුරුන්දම්මලේ නටබුන්‌ ගැන වගකිවයුත්තන්ගේ උදාසීනත්වය කනගාටුදායකය. මේ අය කී දෙනෙක්‌ මේ ස්ථාන ගැන දනිද්දයි ප්‍රශ්න කළ යුතුව ඇත. 

එල්ලාවල මේධානන්ද හිමි, . ප්‍රාචීන පස්‌ස උත්තර පස්‌ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය

කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) ආරාමය පැවති වනාන්තරය 1933 මැයි 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද නො: 7981 ගැසට් පත්‍රය මගින් ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. නැවතත් 2013 අගෝස්තු 16 වන දින මෙම ප්‍රදේශය ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් 2018 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ස්ථානය සංරක්‍ෂණය කිරීම ආරම්භ කළ විට, දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් එම ප්‍රදේශයේ දෙමළ ජනයා කළඹා නටබුන් දැක බලා ගැනීමට එම ස්ථානයට පැමිණි බෞද්ධ පූජකවරුන් දෙදෙනෙකුට තර්ජනය කළහ. සංරක්ෂණ කටයුතු නැවැත්වීමට ඔවුන් සමත් වූ අතර මෙම ප්‍රයන්ත්නයන්ගෙන් ප්‍රදේශයේ සිවිල් නොසන්සුන්තාවයක් ඇති විය හැකි බව පවසමින් උසාවියෙන් තාවකාලික වාරණ නියෝගයක් ලබා ගත්හ. විහිළුව නම් සිවිල් නොසන්සුන්තාව ඇති කළේ මෙම ටී.එන්.ඒ මන්ත්‍රීවරුන්ම බවයි.

වාසනාවකට 2018 ඔක්තෝම්බර් මාසයේදී මුල්තිව් අධිකරණයේ විනිසුරුවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සංරක්ෂණ කටයුතු කරගෙන යාමට නැවත අවසර ලබා දුන්නේය.

මෙම ඓතිහාසික ස්ථානයට ළඟා වීමට තිබු මාර්ගය වුයේ වවුනියා නගරයේ සිට, A9 මාර්ගය ඔස්සේ ගමන් කර පුලියන්කුලම වෙත ළඟා වී නැදුන්කේණි දෙසට ඇති මාර්ගයට හැරෙන්න. ඉන්පසු නෙදුන්කෙනී පසුකර මුල්ලතිව් දෙසට කිලෝමීටර 6 ක් දුරින් නැදුන්කේණි මාර්ගයෙන් ගමන් කර කැලෑව දෙසට දකුණට සලකුණු නොකළ බොරළු පාරක් තිබේ. මෙම නටබුන් වෙත පිවිසෙන ප්‍රදේශයට ළඟාවීම සඳහා තන්නිමුරුප්පු රක්ෂිතය හරහා කිලෝමීටර 10 ක් මෙම මාර්ගයේ ගමන් කොට වන ප්‍රවේශ ප්‍රදේශයට ලඟාවිය හැක. සොයාගත් නටබුන් ප්‍රදේශයට ළඟා වීමට ඔබට වනාන්තරය හරහා ගමන් කළ යුතුය.

කෙසේ වෙතත්, මෙම ස්ථානය පිළිබඳ නව උනන්දුව සහ තවදුරටත් කැණීම් සිදු කිරීමත් සමඟ, මුලතිව් – කෝකිලායි මාර්ගයේ සිට මෙම ස්ථානයට නව පහසු මාර්ගයක් සකස් කර ඇති අතර එමඟින් ඉහත විස්තර කර ඇති වන ප්‍රවේශ ප්‍රදේශයටම ඔබව ලඟා විය හැක. මුලතිව් සිට කෝකිලායි පාරේ කිලෝමීටර් 11.0 ක් ගොස් අලම්පිල් හන්දියට ළඟා විය හැක. මෙම මංසන්දියෙන් දකුණට හැරෙන්න. කුරුඳුමලේ පුරාවිද්‍යා නටඹුන් වෙත පිවිසෙන මාර්ගය සඳහන් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර ඇති විශාල පුවරුවක් ඔබ හැරෙන ස්ථානයට යොමු කරනු දැකිය හැකිය. මෙම මාර්ගයේ කිලෝමීටර 12 ක් ගමන් කල විට ඔබ එම පිවිසුම් ප්රදේශයට ගෙන එනු ඇත. මෙම මාර්ගය වනය හරහා පැරණි මාර්ගය මෙන් නොව හොඳින් ඉදිකර කර ඇත. අනෙක් වාසිය නම් සියලුම මෙම මාර්ගයේ හමුදා කඳවුරු හා ජනතාව මෙම පුරාවිද්‍යා නටඹුන් පිළිබඳව දැනුවත් වී ඇති අතර මාර්ග දිශාවන් පිලිබඳව අසාගත හැක.

අක්කර 20 ක් පමණ ආවරණය වන කඳු මුදුන පුරාණ ගොඩනැගිලිවල නටබුන් වලින් පිරී තිබේ. කඳු මුදුන වටා කබොක් ගලින් කල බැම්මක් ඇති අතර මෙම බැම්මේ නටබුන් තවමත් සමහර ස්ථානවල දක්නට ලැබේ.

එක් පුරාණ ස්ථූපයක නටබුන් නටබුන්වල දකුණු දිශාවේ දැකිය හැකිය. අද ඔබ දකින්නේ අඩි 120 ක් පමණ විෂ්කම්භයක් සහිත විශාල පස් කන්දක් පමණ වන අතර ගස්වලින් වැඩුණු අඩි 20 ක් පමණ උසයි. නිධන් සෙවීම සඳහා නිධන් හොරුන් මෙම ස්තූපය හාරා ඇත. විවිධ ගොඩනැගිලිවල නටබුන් මෙම ප්‍රදේශය පුරා විසිරී ඇති අයුරු දැකගත හැකිය. පාෂාණ කණු, කැඩුණු සඳකඩපහණ, කොරවක්ගල් සහ ශෛලමය පියගැට පෙළ මුදුණ මත මෙන්ම පහළ මට්ටම්වලද විසිරී ඇත.

මෙම භූමිය හින්දු කෝවිලක් යැයි කියා දෙමල දේශපාලනඥයින් නොනවතින බාධක මද්‍යයේ වසර 2020 දී පමණ මෙම පුරාණ විහාර සංකීර්ණයේ නටබුන් සොයා ගැනීමේ උත්සාහයක් සංඝ රත්නය සහ සිවිල් ආධාරකරුවන් විසින් ආරම්භ කරන ලදී.

කැණීම් කණ්ඩායම් විසින් ස්තූපයේ නටබුන් සහ විශාල සෙල්ලිපියේ පොළොවට වැළලී ගිය කොටසක් සොයාගෙන ඇත. මෙය සොයාගත් සෙල්ලිපියේ දෙවන කොටස මෙය වන අතර තෙවැන්න තවමත් සොයාගෙන නොමැත.

A Bronze Buddha statue discovered at the Ancient Kurundumale (Kurundavashoka) Viharaya in Mullaitivu - මුලතිවු කුරුඳුමලේ (කුරුන්දවාශෝක) පුරාවිද්‍යා භූමියෙන් හමුවී ඇති ලෝකඩ සමාධි බුද්ධ ප්‍රතිමාව
A Bronze Buddha statue discovered at the Ancient Kurundumale (Kurundavashoka) Viharaya in Mullaitivu – මුලතිවු කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) පුරාවිද්‍යා භූමියෙන් හමුවී ඇති ලෝකඩ සමාධි බුද්ධ ප්‍රතිමාව
source : Administrative Report of the Archaeological Commissioner for the years 1970-1971

කබොක් ගලින් ඉදිකරන ලද ස්ථූපය කැණීමේදී ඉතා අලංකාර ලෙස කැටයම් කර ඇති මුල් යුගයේ ස්තූප ගොඩනැගීමට භාවිතා වූ අටපට්ටම් “යූප ගල“ක් හමුවිය. ලංකාව පුරා පුරාණ ස්තූප සමගින් මෙසේ කැටයම් කරනලද යුපගල් හමුවුවද දමිළ දේශපාලනඥයින් මෙය ශිව ලිංගයක් ලෙස හඳුන්වමින් මෙම භූමිය නැවතත් සිව කෝවිලක් ලෙස කියමින් දෙමල ජනතාව රවටමින් සිටී.

වෙබ් භූමියේ කැණීම් තවමත් අඛණ්ඩව සිදුවන අතර දේශපාලන මැදිහත්වීම් නොසළකා මෙම භූමිය සංරක්ෂණය කරනු ඇතැයි අපේක්ෂා කරමු.

මූලාශ්‍ර

  1. Lewis, P., 1895. Manual of the Vanni districts (Vavuniya and Mullaittivu), of the Northern Province, Ceylon. 1st ed. Colombo: H.C. Cottle, Acting Govt. Printer.
  2. H.C.P Bell, 1905. ARCHAEOLOGICAL SURYEY OP CEYLON – NORTH-CENTRAL, CENTRAL, AND NORTHERN PROVINCES. ANNUAL REPORT, 1905. Colombo: H. M. RICHARDS.
  3. Ellāvala Medhānanda, 2005. The Sinhala Buddhist heritage in the East and the North of Shri [i.e. Sri] Lanka. 1st ed. Colombo: Dayawansa Jayakody & Co.
  4. එල්ලාවල මේධානන්ද හිමි, 2013. ප්‍රාචීන පස්‌ස උත්තර පස්‌ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය. 5th ed. කොළඹ: දයාවංශ ජයකොඩි සහ සමාගම.
  5. අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි
  6. පුරාවිද්‍යා සංහාරකයන්ට කනේ පාරක්… මුලතිව් කුරුන්දාශෝක විහාරය සංරක්‍ෂණය කිරීමට උසාවි තීන්දුවක්

සම්බන්ධ වෙනත් පිටු

කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) විහාර පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) විහාර පුරාවිද්‍යා භූමිය ගමන් මාර්ගය

මුලතිවු සිට කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක) විහාර පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා: මුලතිවු
දුර: කිලෝමීටර 23
ගමන් කාලය : පැය 1ක් පමණ + වනය තුල ගමන
ගතකළයුතු කාලය : පැය 2-4 ක් පමණ
ගමන් මාර්ගය : මෙහි ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply