මාවනැල්ල උඩුමහන අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

මාවනැල්ල උඩුමහන අම්බලම මැටි බදාමයෙන් සාදන ලද කුඩා අම්බලමයකි. ජනප්‍රවාදයට අනුව, මෙම අම්බලම වලගමබා රජුගේ (ක්‍රි.පූ 89-77) සමය දක්වා දිව යයි. එහි ගොඩනැගිලි සැලැස්ම හතරැස් වන අතර විශාල කුළුණු හතරක් ගොඩනැගිල්ලේ වහලය රඳවා තබා ගනී. මෙම කුළුණු පහල කොටස හතරැස් වන අතර මද්‍යයෙදී සිලින්ඩරාකාර හැඩයට වෙනස් වේ. ගොඩනැගිල්ල වටා කෙටි තාප්පයක් ගමන් කරයි. මෙම බිත්තිය මගීන්ට ආසන පිල් ලෙසද භාවිතා කල හැකි ලෙස නිර්මාණය කර ඇත.

මෙම අම්බලමේ වහලය අර්ධ සිලින්ඩරාකාර සිංහල උළු භාවිතයෙන් සෙවිලි කොට ඇති අතර වහලය කැණිමඩලක් භාවිතාවෙන් සැලසුම් කොට ඇත. මෙය මහනුවර යුගයේ අම්බලම්හි භාවිතා කල විශේෂ වහල ඉදිකිරීමේ ක්‍රමයකි. වහලයේ ලී බාල්ක මධ්‍යයේ ඇති මඩොල් කුරුපාව නමින් හැඳින්වෙන ලී ඇණයකට බැඳී ඇත. වහලයේ මුළු බර සමානව බෙදා හරිනු ලබන්නේ මෙම මඩොල් කුරුපාව විසිනි. කැණිමඩල මඩොල් කුරුපාව මධ්‍යයේ පිහිටා ඇති අතර සාමාන්‍යයෙන් මල් සැරසිල්ලක් මෙම ලී කොටය අගිස්සේ කැටයම් කර ඇත. අවාසනාවකට මෙන් මෙම කැටයම් කල කොටස නිධන් හොරුන් විසින් කපා සොරකම් කර ඇත. මෙම ගොඩනැගිල්ල මෑත අතීතයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට භාජනය වී ඇත.

මාවනැල්ල කොළඹ සිට කිලෝමීටර් 92 ක් පමණ දුරින් පිහිටා ඇත. මාවනැල්ල සිට රන්දිවෙල හන්දිය දක්වා රඹුක්කන මාර්ගයෙන් වමට හැරී තලගොල්ල වෙත ළඟා වන මාර්ගයේ මීටර් 400 ක් දුරින් අම්බලම පිහිටා ඇත. මෙම මාර්ගයේ තවත් කිලෝමීටර් 1.3 ක් පහළින් වඩා විශාල නාපලාන අම්බලම (යටිමහන අම්බලම) අම්බලම පිහිටා ඇත.

සම්බන්ධ වෙනත් පිටු

මාවනැල්ල  උඩුමහන අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාවනැල්ල  උඩුමහන අම්බලම වෙත ගමන් දිශාවන්

කොළඹ සිට මාවනැල්ල   උඩුමහන අම්බලම දක්වා මාර්ගය
දුර: 95 km
ගමන් කාලය: පැය 2 යි
ගත කිරීමට කාලය: විනාඩි 15 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply