ඩෙල්ෆ් දුපතේ බෞද්ධ නටබුන් – Buddhist Remains in Delft Island

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.25 out of 5)
Loading...
The largest of the ancient pagodas found at Delft Island in Jaffna

The largest of the ancient pagodas found at Delft Island in Jaffna
Image courtesy of Dr. Ashan Geeganage

ඩෙල්ෆ් යනු යාපනය මුහුදේ තිබෙන දූපත්  සමූහයෙන් විශාලතම දූපතයි. මෙම දූපත යාපනයට තරමක් දුරින් පිහිටලා තියෙන්නේ. ඒක  නිසා දූපතට යන්න තියෙන්නේ බෝට්ටුවෙන්. ගමනට පැයක පමණ කාලයක් ගත වෙනවා.  දිනකට වාර 5ක් කුරිකඩ්ඩුවාන් ජැටියෙන්,  ඒ කියන්නේ නාගදීප බෝට්ටු යන ජැටියෙන් මෙම දූපතට බෝට්ටු ගමන් කරනවා. ඒ පෙරවරු 8.00, 9.30, පස්වරු 1.30, 3.00 හා 4.00 යන වේලාවන්ට.ඩෙල්ෆ් සිට පෙරවරු 6.30, 7.30, 11.30, පස්වරු 2.30 හා 4.00 යන කාල වලට බෝට්ටු පිටත් වනවා.

යාපන වැසියන් නැදුන්තිවූ නමින් හැඳුන්වූ මෙම දූපත ලංදේසි  පාළන යුගයේදී  අශ්වයන් බෝ කිරීම සඳහා භාවිතා කර ඇත. එම නිසාම මෙම දිවයින ඔවුන් අශ්වයන්ගේ දූපත (Ilha das Cavalkos) ලෙස නම් කර තිබිණි. ඉන් පසුව පැමිණි ලන්දේසීන් විසින්ද මෙම දූපත එසේම පවත්වාගෙන ගොස් පසුව මුළු දිවයිනම අශ්වන් සඳහා වෙන්කර ඇත. බ්‍රිතාන්‍යන් යාපනයට පැමිණීමෙන් පසු 1800 මුල් කාලයේදී දිවයිනේ දකුණු ප්‍රදේශය අශ්වයින් සඳහා වෙන්කර ඇති අතර එම ශත වර්ෂය අවසාන කාලයේදී අශ්වයින් බෝ කිරීමේ ක්‍රියාවලිය තවත් ව්‍යාප්ත වී ඇත. නමුත් 1906 වනවිට මෙම දිවයිනේ අශ්වයන් බෝකිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇත.

මෙම දිවයිනේ ඇති බෞද්ධ නටබුන් වාර්තා මුළින්ම වාර්තා කරන්නේ 1832දී “පෙන්” (PENN) යන කතෘ අන්වර්ථ නාමය භාවිතා කරන පුද්ගලයෙකු වසින් “කොලම්බෝ ජර්නල්”  (Colombo Journal) පුවත්පතටයි.

ඔහු මෙම දූපතේ බලකොටු 2ක් අත්බව සඳහන් කරයි. මින් එකක් ඊසාන දිගින් පිහිටා ඇතිබව පවසනවා. මෙය දූපත්වාසීන් විසින් “ගිනි රජුන්ගේ බලකොටුව” (fireking’s fort) ලෙස හඳුන්වන බව දක්වනවා. ගිනිරජු ලෙස  ඔහු පරිවර්තනය කර ඇත්තේ ප්‍රදේශවාසීන් පුරාණ  ප්‍රාදේශීය රජෙකු ලෙස සලකන වෙඩි අරසන් විය යුතුයි. දැනද මෙම නටබුන් ඔවුන් හඳුන්වන්නේ වෙඩි අරසන් කෝට්ටෙයි ලෙසය.

ඔහුට අනුව මෙම බලකොටුව දූපතේ ඊසාන දෙසින් මුහුදට මීටර 200ක් පමණ ඇතුලෙන් පිහිටනවා. එය යාර 60ක පමණ වට ප්‍රමාණයකින් හා අඩි  20ක් පමණ උසකින් යුත්තයි.  මෙහි පිට පෘෂ්ඨය නොයෙක් බොරදමින් හැඩ කරන ලද හුනුගලෙන් නිම කර තිබිණි. මෙම ගොඩනැගිල්ල තිබුණේ පොලොව මට්ටමින් අඩි  12ක් පමණ උසින්.  මෙම වේදිකාවට නැගීමට නැගෙනහිර හා බස්නාහිර දිශාවෙන් පියගැට තිබී ඇත. මෙහි හතරැස් බැම්මේ කොටස් යාන්තමින් පෙනී ඇත. තවද ඔහු මේ අවට ගල් කණු සිටුවීමට භාවිතා කරන මැද සතරැස් කුහරයක් සහිත ගල් කුට්ටි පැතිරී තිබුණ  බව සඳහන් කරයි. අවසානයේ ඔහු පවසන්නේ මෙම ශෛලියේ ගොඩනැගිල්ලක් මෙහි කිසිම ස්ථානයක දැක නොමැති බව හා මෙය මහනුවර ඇති දාගැබක ස්වභාවයක් ගන්නා බවයි.

ප්‍රධාන ස්තූපය වටා තවත් කුඩා පරිවාර ස්තුප 4ක නටබුන් එකළ  තිබී ඇත. එවා සියල්ල ඝණ්ටාකාර හැඩයක් ගෙන ඇත. ඔහුට අනුව මෙහි  පරිවාර ස්තූප 6ක් මුලදී තිබී ඇත.  නැගෙනහිර හා බස්නාහිර දෙසින් සතරැස් වේදිකාවට ඇති පියගැට පෙළ දෙපස ස්තූප දෙක බැගින්ද  උතුරු හා දකුණු දිශාවෙන් ස්තූපය බැගින්ද සදා තිබී ඇත.

ජේ. ලුවිස් නමත බ්‍රිතාන්‍ය ජාතිකයා 1909දී පල කළ  ලිපියකට අනුව එම කාලය වනවිට PENN විසින් සඳහන් කර තිබූ මෙම ස්තුප  නටබුන් බොහෝ ලෙස විනාශයට පත්ව තිබූ බව සඳහන් කරයි.

එක්දහස් නවසිය හැට  දශකයේදී චාල්ස් ගොඩකුඹුර විසින් මෙම ස්තුප පාදම්  සීමිත සංරක්ෂනයකට ලක් කොට තිබේ.  ඉන්පසු ත්‍රස්තවාදී සමයේ අත හැර දමා තිබූ මෙම ප්‍රදේශය 2009 දී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගත් පසු නැවත සංරක්ෂණය කර ඇත. 2013දී මධ්‍යයම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥයින් විසින් සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල දී මෙතෙක් අනාවරණය නොවී පැවති සෙල්ලිපි තුනක් පළමු වරට අනාවරණය කරගැනිමට සමත් විය. මෙම සෙල්ලිපි සලපතළ මළුවේ අතුරා තිබු ගල් මත කොටා තිබී ඇත.

මෙම ලිපි තුනෙක් දෙකක් දෙමළ අක්ෂර භාවිතයෙන් සටහන් කර ඇති අතර අනෙක් ලිපිය බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කර ඇත. දෙමල අක්ෂරයෙන් සඳහන් ලිපි 14-15 සියවස් පසු යුගයට හා බ්‍රාහ්මී ලිපිය 1-2 සියවස් අතරට අයත් විය හැකි බව නිර්නය කර ඇත. මේ අනුව මෙම පූජා  භූමිය අවම වශයෙන් ක්‍රිව 1-2 සියවස් අතර සිට 14-15 සියවස් දක්වාම පැවති බව උපකල්පණය  කළහැක.

පුරාවිද්‍යාව හා උරුම සංරක්‍ෂණය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රවීණයෙකු වූ ආචාර්‍ය රෝලන්ඩ් සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ස්තූපඝර පිලිබඳ අද්‍යනයක යාපනය කදුරුගොඩ හා  ඩෙල්ෆ්හී වටදාගේ ගොඩනැගිලි නටබුන් හමුවී තිබුබ බව පවසයි.   ඩෙල්ෆ් දූපතේ තිබෙන එකම බෞද්ධ ස්ථානය මෙය බැවින් පුරාණයේ මෙම ස්තූපය වටා වටදාගෙයක් තිබිය හැකිය.

1980 දශකයේ යාපනය ප්‍රදේශයේ දෙමළ  ත්‍රස්තවාදය  හිස එසවීමත් සමග කදුරුගොඩ හා  ඩෙල්ෆ් ප්‍රදේශයන්හී කැනීම් නැවතිණි.  වසර 30ක ත්‍රස්තවාදය මෙම පුජා භූමි වල පරිහානිය වේගවත් වීමට දායක විය.  ත්‍රස්තවාදය 2009 දී  මුලිනුපුටා දමන විට මෙම වටදාගේ ව්‍යුහයන්ගේ කිසිවක් ඉතිවී නොතිබුණි.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

සම්බන්ධ වෙනත් පිටු

ඩෙල්ෆ් දුපතේ බෞද්ධ නටබුන් සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


ඩෙල්ෆ් දුපතේ බෞද්ධ නටබුන් රියදුරු දිශාවන්

කොළඹ සිට යාපනයට (මාර්ග 1)

කොළඹ සිට යාපනයට (මාර්ග 2)

හරහා : කුරුණෑගල -දඹුල්ල – අනුරාධපුර – වවුනියාව
මුළු දුර :කිලෝමීටර 400
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : පුත්තලම  – සීලාවතුර – පූනරීන්
මුළු දුර: කිලෝමීටර 365
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න 

යාපනය සිට ඩෙල්ෆ් දුපතේ බෞද්ධ නටබුන් දක්වා

හරහා : කුරුණෑගල -දඹුල්ල – අනුරාධපුර – වවුනියාව
මුළු දුර :කිලෝමීටර 32
ගතවන කාලය  : බෝට්ටු ගමන සමග (පැය 2 -3 අතර)
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න (කුරිකඩ්ඩුවාන් ජැටියට)

© www.amazinglanka.com
Comments
Tagged with: