මාතලේ හත්තොට අමුණ බෞද්ධ නටබුන් (Monastic Ruins of Haththota Amuna)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
කැටයම් සහිත ශෛලමය පුවරුවක් - Monastic Ruins of Haththota Amuna
මාතලේ හත්තොට අමුණ නටබුන් – කැටයම් සහිත ශෛලමය පුවරුවක්

ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ මහා වනය මැද, ඓතිහාසික වටිනාකමකින් යුක්ත නටබුන් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතී.

එම ප්‍රදේශයට අයත් ආකරහැඩිය ග්‍රාම සේවක වසමේ නාගොල්ල ප්‍රදේශයේ අක්කර 7, 8ක භූමියක මෙකී නටබුන් තැන, තැන විසිරී ඇත. මහ වන මැද කිලෝමීටර, හතරක පමණ දුරක් පා ගමනින් ගොස් මේ ස්ථානයට අපි ළඟා වූයෙමු.

එහිදී හේන් වගාව සඳහා කලකට පෙර යොදාගත් බිමක මෙම නටබුන් විසිර තිබිණි. අඩි 3 , 3 1/2 ප්‍රමාණයේ ගල්කණු සිය ගණනක් අඩි 15 ක් පමණ දිගින් යුක්ත බාල්ක යැයි සැලකිය හැකි ගල්කණු කීපයක් දාගැබක් තිබූ බවට සාධක සපයන ගර්භයක කොටසක්, බෙහෙත් ඔරුවක කොටසක් බවට සාධක වන කොටසක් පැරෑණි ගෙපළක කොටසක් හා ගල්වෙඩි දමන ලද ගල්තලා දෙකක් මෙම භූමියේදී දැක බලා ගන්නට හැකි විය.

දෙවැනි අග්බෝ හා වලගම්බා රජ දවස මේ ස්ථානයේ ආගමික මධ්‍යස්ථානයක්වූ බව පුරා වෘත්තවල සඳහන් වේ. නටබුන් අතර පැරැණි ගඩොල්වල කැබැලි කිහිපයක් ද ඇත.

ලේල්ඔය ශ්‍රී නිකේතාරාම විහාරස්ථානයේ අධිපති යටවත්තේ රතනසාර හිමියන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලග්ගල කියන්නේ රාවණා යුගයේ සිට පැවත එන දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන තැනක් .

අනුරාධපුර යුගයේ රජවරුන් විවිධ කර්මාන්ත , මාලිගා වෙහෙර විහාර මෙහෙ හැදුවා. දෙවැනි අග්බෝ වළගම්බා , මහා පරාක්‍රමබාහු වගේ රජවරුන් ඒවා කළේ .

ඒත් අද ඒවා මහ කැලයෙන් වැහිලා. පොළවට පස් වෙලා. ඒ උරුමය අපි ගොඩ ගන්න ඕන. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ඊ. එම් කපිලරත්න බණ්ඩා මහතා අදහස් දක්වමින් ලග්ගල කියන්නේ ඓතිහාසික වශයෙන් ඉහළ වටිනාකමක් තියෙන තැනක්.

ලක්දිව කියන අප රටේ නාමය ලග්ගල මුල් කරගෙන හැදුන බවයි අපි අහලා තියෙන්නේ. වැලලිලා තියෙන ලග්ගල පුරාණය එළියට ගත යුතුයි. මේ ප්‍රදේශයට ආදරය කරන අය එකතු වුණොත් මේ නටබුන්වල ඉතිහාසය අපට දැනගත හැක.

Source : Dinamina
රත්තොට සමූහ – කිංස්ලි රිචඩ් සිල්වා

පහත ගූගල් සිතියමේ ස්ථානය ලකුනුකොට ඇත්තේ ආසන්න වශයෙන් පමණි. ස්ථානය පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වේ.

සම්බන්ධ වෙනත් පිටු

හත්තොට අමුණ ආශ්‍රිත නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හත්තොට අමුණේ ආරාම නටබුන් වෙත ගමන්මග

මහනුවර සිට පල්ලේගම හත්තොට අමුණ දක්වා මාර්ගය
හරහා : හසලක
දුර: 120 km
ගමන් කාලය: පැය 2.5 – 3.5
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply