මාස්පොත අම්බලම – Maspotha Ambalama
මාස්පොත අම්බලම අලව්වේ සිට කිලෝමීටර 4.5ක් දුරින්ද නෙලුම්දෙනියේ සිට බෙලිගල මාර්ගයේ ගමන් ගන්නවානම් කිලෝමීටර 5.7ක් දුරින්ද පිහිටා ඇත. රමණීය කෙත්යායක් ආසනයේ පිහිටා ඇති මෙම අම්බලම කබොක් ගලින් හා බදාමයෙන් සාදා ඇත. අම්බලම පරිහරණය කරන්නන් සඳහා ඒ අසලම ලිඳක්ද පවතී.
මෙහි ලිං ගැට්ටේ බු.ව. 1497 ලෙස සටහන් කොට ඇත. එබැවින් මෙම අම්බලම 1953 වසරේ නිමවූවක් ලෙස සැලකිය හැක. මෙම අම්බලම මෑත අතීතයෙදී නැවත ප්රතිසංස්කරණයකට භාජනය වී ඇති බව පෙනේ.
පැරණි ශ්‍රී ලංකාව තුල පවතී අම්බලම් පද්ධතියේ එක් අම්බලමක් වීම ලෙස හැර කලාත්මක වටිනාකමක් මෙහි නොමැත.

Maspotha Ambalama is located at a distance of 4.5 km from Alawwa town and 5.7 km from Nelumdeniya on the Beligala road. Located in the edge of a beautiful paddy field, this ambalama is made of kabok stone and plaster. There is also a well nearby for Ambalama users.
Buddhist Era 1497 is marked on the well. Therefore, this Ambalama can be considered as completed in 1953. However it has undergone a renovation in the recent past.
Other than being one of the Ambalams in the Ambalam Network which existed in ancient Sri Lanka, there is no artistic value in this structure.




සම්බන්ධ වෙනත් පිටු
- Ambalama Heritage of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාණ අම්බලම් ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
මාස්පොත අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මාස්පොත අම්බලම රියදුරු දිශාවන්
ගලිගමුව සිට මාස්පොත අම්බලම දක්වා |
---|
හරහා : බෙලිගල පාර මුළු දුර :කිලෝමීටර 6 ගතවන කාලය : විනාඩි 15 ගතකල යුතු කාලය : විනාඩි 10-15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |