අරන්දොර පෘතුගීසි බලකොටුව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2.00 out of 5)
Loading...
A 1695  map of Portuguese fort at Arandora from the Dutch National Archives
A 1695 map of Portuguese fort at Arandora from the Dutch National Archives (www.nationaalarchief.nl/)

අරන්දොර බළකොටුව මැණික්කඩවර ප්‍රධාන බලකොටුවේ මූලික කඳවුරක් ලෙස භාවිතාවූ පෘතුගීසි බලකොටුවකි. මෙම බලකොටුවේ මූලෝපායික පිහිටීම වටහා ගත් ලන්දේසීන් 1666 දී මහනුවර IIවන රාජසිංහ රජුගේ කැමැත්තට එරෙහිව බලකොටුවක් ස්ථාපනය කරන ලදි. ඔවුන් බලකොටුව ඉදිකරන ලද්දේ අරන්දොර කඳු මත නොව එහි කඳු පාමුල පහත් බිමෙහිය. මෙය මුර අට්ටාල 4ක් සහිත සතරැස් බලකොටුවක් විය.

බෙල් මහතා 1675 ඔක්තෝබර් දිනැති බැතාවියාවේ කවුන්සලයේ ප්‍රධානියා වන රයික්ලොෆ් වැන් ගොන්ස් විසින් කරන ලද වාර්තාවේ “ඇලව්” (අලව්ව) හි මුරපොළක වැදගත්කම සටහන් කොට ඇති අයුරු සටහන් කරයි.

ඉහතින් දක්වන ලද පරිදි මෙම මුරපොළ සතර හා සත්කෝරළ දේශ සීමාවේ පිහිටා ඇත. අපේ රැකවල වූයේ සත්කෝරලයෙන් එකක් වූ කටුගම්පොල කෝරලේ අනිත් පසෙහි ය. ගඟට දකුණු දෙසින් වූයේ බෙලිගල් කෝරළය හෙවත් සතර කෝරලයේ සමෘද්ධිමත්ම ප්‍රදේශයයි. අරන්දර එහි ප්‍රධාන නගරය විය සතරකෝරලයේ වියපත් ගැමියන් ඔවුන්ගේ දිසාවේ විසින් නිතර නිතර (රැස් වෙන ලෙස) කැඳ වූ කල්හි ඔවුන් රැස් වූයේ බෙහෙවින් වැදගත් වූ මෙහිය.

මෙහි (අරන්දර) ද අලව්ව අරභයා සඳහන් කළ පරිදි සියලුම මාර්ග එක් වනවා පමණක් නොව මහනුවර සිට වැටී ඇති මහා මාර්ගය ද අලව්වට වඩා කෙටි දුරකින් ඒ හරහා දිවෙයි. මෙහි වාතාශ්‍රය සැපදායකය. ප්‍රදේශය මුළුමනින්ම පාහේ ජනාකීර්ණ ගම්මාන වලින් පිරි පවතී. ද උඩරට වැසියන්ට එරෙහිව යුද වදිනු පිණිස මැනවින් පුහුණු කළ ක්‍රිස්තියානි ලස්කිරිඤ්ඤ භටයන් සැපයෙන්නේද මේ ප්‍රදේශයෙනි.

මෙම කෝරළයෙහි සහල් බහුලය. පෘතුගීසීන්ගේ කඳවුර (යුද) පිටියෙහි පැවැති විට කඳවුර පිහිටවන ලද්දේ මෙහිය. මේ නිසා අප අපගේ ප්‍රධාන බලකොටුවක් හෙවත් ආරක්ෂක පරිඛාවක් අරන්දොර පිහිටුවීමු. රුවන්වැල්ල ගඟ ඉස්මත්තේහි පිහිටි තුන්තොට (කන්නන්තොට) මැණික්කඩවර ‘දොරවක කරා විහිදී මාර්ගය’ ඉතා වැදගත් දංඕවිට මුරපොළ (යනාදිය) තවදුරටත් සුරක්ෂිත කරනු පිණිස අප විසින් වැඩි දියුණු කළ පැරණි පෘතුගීසි බලකොටුව ඇතුළත පිහිටියා වූ බලසම්පන්න බලකොටුවක් ද ඉදිකළ කළෙමු. අපගේ රැකවල් සියලු පහරදීම් වලින් සුරක්ෂිතය.

දෙවන රාජසිංහ සමඟ සබඳතා බිඳ වැටීමත් සමඟ, 1668 සැප්තැම්බර් මාසයේ දී ලන්දේසි VOC දේශසීමා බලකොටුවලට මහනුවර රාජධානි වැසියෝ පහර දුන්හ. නමුත් මෙම ප්‍රහාරය නොනවතා ඉදිරියට ගෙන නොගිය අතර මෙම ප්‍රහාර පරිස්ථානීය විය. එබැවින් VOC මිලීෂියාව මෙම බලකොටු නැවත අත්පත් කර ගත්හ. කෙසේ වෙතත්, 1670 ඔක්තෝම්බර් මාසයේදී රාජසිංහ රජු විසින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර, අරන්දොර බලකොටුව යටත්කොට මුළු බලකොටුවේ සියල්ල සිරකරුවන් ලෙස රැගෙන ගියේය. ලන්දේසීන් ඔවුන්ගේ මිනිසුන් නිදහස් කරන ලෙස බලකරමින්, පළිගැනීම් තර්ජනය කොට, මඩකලපුව, කොට්ටියාර් සහ කල්පිටිය වරායන් වසා දැමූ නමුත් රජු නොසැලී සිටියේය.

මාත්ශුකර් සහ බතාවියේ ජනරාල්වරයාට 1677 නොවැම්බර් මස අද්‍රියන් වෑන් රීඩ් විසින් යැවු “Considerations on Ceylon” හි මෙසේ සඳහන් වේ.

රාජසිංහ හා ගෞරවනීය කොම්පඤ්ඤ අතර 1670 නොවැම්බර් මස ඇරඹුණු යුද්ධයට හේතු :

අරන්දොර අහිමිවීම : අවසානයේදී රජ කුපිත වීමට පටන් ගති. ඔහු පැවසූ පරිදි රජුගේ සතුරෝ සහ රහසින් පලායන්න වැළඳ ගන්නා ලදහ. ඔහුගේ භූමියට බාධා පමුණුවන ලද්දේ ය. ඔහුගේ ලුණු ලේවා ආක්‍රමණය කරන ලද්දේය. ඔහුට බාධා කළා පමණක් නොව ඔහුගේම ජනයෝ ඔහුට එරෙහිව යොදවනු ලැබූහ. මේ හේතුකොටගෙන පුනස්ථාපනය පිළිබඳව ඔහුගේ සියලු අපේක්ෂා විනාශවී ගියේය. මේ නිසා 1970 දී හෙතෙම ස්වකීය සොල්දාදුවන් කොළඹට ළං වන තෙක් හැම පැත්තෙන්ම පහත රටට එවීය. සතරකෝරලයේ දී ඔහු අරන්දොර බලකොටුවේ ආරක්ෂක හමුදාවට රජුගේ නාමයෙන් එය අත්හැර යන ලෙස නියම කළහ. එසේ නැතහොත් ඔවුන් බලහත් කාරයෙන් පලවා හැරීමට සිදුවන බවට තර්ජනය කළහ.

බෙහෙවින් උස් වූ කඳු සතරක් පාමුල පිහිටි උස් බිම් වලින් වටවූ කාලතුවක්කු වෙඩි සැරයකින් වුවද බලකොටුවට දැනුම් දිය හැකි කුඩා තැනක ය. ඒ නිසා එය නිරාවරණය තැන අයුරින් පවතී.

ධජභාරක හෑන්ස් ස්ටීන්බෙක් වැරදි හා අසන්තෝෂය පිළිබඳ සියලු භේද ඉවත් කරනු වස් ආණ්ඩුකාර තැන වෙතින් උපදෙස් ලැබ, (ඒ පිළිබඳ) පැහැදිලි නියෝග නොලත් හෙයින් එබඳු කාර්යයක දී ක්‍රියා කරන්නේ කෙසේ දැයි නොදැන බලකොටුව අතහැර දැමීම කළ යුතු හොඳම දේ යැයි කල්පනා කළේය. ඊට වඩාත්ම හේතු වූයේ ඔහු කළ යුත්තේ රජු සමඟ සාමය පැවැත්වීම ද එසේ නැතහොත් යුද්ධ කිරීම ද යන්න ඔහුට තීරණය කොට ගත නොහැකි වීමය. ආණ්ඩුකාර තැන මේ කරුණ තමාට ම සීමා කොට තබා ගැනීමට ද ඊට හේතුවිය. හොඳින් හෝ නරකින් හෝ හෙතෙම එය විස්තර නොකෙළේය. අවමානය පිළිබඳව කොටස්කරුවකු වීමට හවුල් නොවීය. එය දුර්වලයාගේ උර මත තැබීය. මද දුරක් යාමෙන් පසු ඔවුහු කොළඹට වැටී තිබු මාර්ගය ගස් වලින් අවහිර කර තිබෙන බව දැනගත්හ. මේ නිසා ඔහු පෙරළා බලකොටුවට ඒමට පෙලඹුණු නමුත් හාත්පසින් වටලනු ලැබීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය වටහා ගෙන ඔවුහු යටත් වූහ. එහිදී අල්ලා ගනු ලැබූ ඔව්හු මහනුවරට ගෙනයන ලදහ. ඕලන්දයින් 48 දෙනෙකු ද තුප්පාසින් 12ස් දෙනකු ද ලස්කිරිඤ්ඤ භටයන් 100 දෙනෙකු ද වශයෙන් ඔවුන්ගේ සංඛ්‍යාව 180ක් විය. මෙම නිලධාරියා නිර්ලජ්ජී දඩබ්බරයෙකු ලෙස ලිපි වලින් තවම අවමානයට පාත්‍ර වෙයි. මන්දයත් එසේ නොවන්නට මෙම විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුකාර තැනටම වග උත්තර බැඳීමට සිදුවන බැවිනි.

1675 දී මහනුවර හමුදාවන්ගේ තර්ජනාත්මක ප්‍රහාරයක් හේතුවෙන් ඔවුන් (ලන්දේසි) අරන්දොර සහ තවත් මුරපොළවල් අතහැර දැමූ බව එම වාර්තාවේම සඳහන් වීමෙන් අරන්දොර කොටුව ලන්දේසීන් 1970න් පසු නැවත අත්පත් කරගෙන ඇති බව පෙනේ.

1681 දී ලන්දේසි VOC හා මහනුවර රාජධානිය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, VOC හමුදාව විසින් 1665 න් පසු අත්පත් කරගත් ප්‍රදේශයන්ගේ බලකොටු අතහැර දමා, පවතින බලකොටු ශක්තිමත් කර, නව බලකොටු ගණනාවක් ඉදි කළේය.

බ්‍රිතාන්‍යන් ශ්‍රී ලංකාවේ පාලනය අතගත් පසු, ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් 1818 දී අරන්දොර හි හමුදා ඛණ්ඩයක් රඳවා තබා ඇති අතර එය 1821 දී “ෆෝට් කිං” බලකොටුව යටතට රැගෙන ඇත. 1834 දී මෙය අත්තපිටිය බලකොටුව සමඟ අතහැර දමන ලද බවක් පෙනී යයි.

1892 දී බෙල් මහතා මෙම බලකොටුවේ නටබුන් තත්වය මෙසේ වාර්තා කරයි;

මෝසම් වැසි හා වනගහනය (එක මිල්ල ගසක වට ප්‍රමාණය අඩි 7කි. අඩි 6ක් ඉහලය) පුරාණ බලකොටුවේ පිට මායිම මුළුමනින්ම අකා මකා දමා ඇත්තේය. නිගමනය කල හැකි තරම් දුරට නම් එය අඩි 162×150ක භූමි භාගයක් ආවරණය කරන්නා වූ පැති සයක් ඇත්තාවූ ආරක්ෂක පරිඛාවට අඩි 20ක් පමණ ඉහලින් සිටින සේ උසට ඔසවා ඇත. සුපුරුදු ආකාරයෙන් ඉදිරියට නෙරා සිටින අට්ටාල මෙහි නැත. එසේම ගල් හෝ ගඩොල් යොදා ගොඩනැගිළි ඉදි කිරීමක් පිළිබඳව කිසි ලකුනක්ද එහි නැත.

අද වන විට මෙම බලකොටුවේ කිසිදු නටබුන් හෝ ස්ථානය පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. ක්‍රිෂාන් මෙන්ඩිස් මහතා සිය විශාරද උපාධිය සඳහා නිබන්ධනය වන ‘Fortifications and the Landscape – A GIS Inventory and Mapping of Kandyan and Dutch Fortifications in Sri Lanka‘ හි මෙම ස්ථානය  7°11’27.2″N 80°18’02.0″E  හි තිබිය බව පවසයි.

Superimposed plan of Arandara to scale in its present location (source: NSDI Geoportal OSM imagery with inland waterways vector layer)
Superimposed plan of Arandara to scale in its present location (source: NSDI Geoportal OSM imagery with inland waterways vector layer)
source : FORTIFICATIONS AND THE LANDSCAPE A GIS Inventory and Mapping of Kandyan and Dutch Fortifications in Sri Lanka

ආශ්‍රිත

  1. H. C. P. BELL, 1904. ARCHEOLOGICAL, SURVEY OF CEYLON. REPORT ON THE KEGALLA DISTRICT · OF THE PROVINCE OF SABARAGAMUWA. 1st ed. Colombo: GEORGE J. A. SKEEN.
  2. H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ්), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.
  3. Jayasena, R., and Floore, P. (2010). Dutch Forts Of Seventeenth Century Ceylon And Mauritius: An Historical Archaeological Perspective. In First Forts, Leiden, The Netherlands: Brill.
  4. Mendis, C., 2020. FORTIFICATIONS AND THE LANDSCAPE : A GIS Inventory and Mapping of Kandyan and Dutch Fortifications in Sri Lanka. Master’s thesis. University of Amsterdam.
  5. De Silva, K., 1981. A History of Sri Lanka. 1st ed. London: C. Hurst & Co.

සම්බන්ධ වෙනත් පිටු

අරන්දොර බලකොටුව ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අරන්දොර බලකොටුව ස්ථානය ගමන් මාර්ගය

කොළඹ සිට අරන්දොර බලකොටුව ස්ථානය දක්වා නෙලුම්දෙණිය සිට අරන්දොර බලකොටුව ස්ථානය දක්වා
හරහා :කඩවත – නිට්ටඹුව – වරකාපොල – නෙලුම්දෙණිය
මුළු දුර : කිලෝමීටර් 79
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය :බලකොටුව නොමැත
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :
මුළු දුර : කිලෝමීටර් 7
ගතවන කාලය : 10
ගත කිරිය යුතු කාලය : බලකොටුව නොමැත
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)