ත්‍රිකුණාමලය නගරය හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විලංකුලම වැව් ඉස්මත්ත හා ඒ අවට අනුරාධපුර මුල් යුගයට අයත් නටඹුන් වලින් පිරිගිය පෙදෙසකි.
විලංකුලම වැව පාමුල පිහිටි දිවුල් වැව රජමහ විහාරයේ ස්ථුප ඝණයට අයත් වන ඇටඹගස් උල්පත දා ගැබ හා ඒ අවට නටඹුන් අක්කර දහයක පමණ බිමක් පුරා විසිර පවති. දිවුල් වැව රජමහ වෙහෙරට කිලෝ මිටර් එකහමාරක් පමණ දුරින් වැව් බැම්ම කෙලවර වනයේ මෙම නටඹුන් පිහිටා තිබේ. සුවිශාල ආරාම සංකිර්ණයක නටඹුන් බව කිව හැකිය.
නටඹුන් අතර භික්ෂුන් වහන්සේලා විසින් පැන් සනහා ගන්නට ඇතැයි සිතිය හැකි ජල උල්පත් ද්විත්වයද වස්තුව ඇතැයි සිතා හාරා ඒ අවට පිහිටි ගල් කණු පෙරලා දමා තිබේ.
නටඹුන් අතර විශාල දා ගැබක් ඇත එය නිධන් හොරුන්ට බිලිව ඇත. එය අනුරාධපුර මුල් යුගයට අයත් විශාල ස්ථුපයකි. වට අඩි 200 ක් පමණ වන අතර උස අඩි 40 ක් පමණ වේ. නිධන් හොරුන් විසින් අඩි 30 ක් පමණ ගැඹුරට කිහිප තැනකින්ම එය හාරා තිබේ. දා ගැබට මදක් දුරින් කඩා දමන ලද අඩි 10ක් පමණ දිගින් යුතු අඩි හතරක පමණ පළලින් යුත් ශෛලමය මල් ආසනයකි. එය කඩා දමා තිබේ.
ස්තුපය පිහිටි බිම අවට තැන් කිහිපයක ගොඩනැගිලි කිහිපයකට අයත් ගල් කණු ගොඩැලි පහක් දක්නට ලැබෙන අතර මේවායේ මුරගල්, පියගැට පෙල වල්, කොරවක්ගල් හා සදකඩ පහන් එවකට දක්නට තිබු බව මේධානන්ද හිමියන් වාර්ථා කර තිබුණද මේ වනවිට ඒවා කිසිත් දක්නට නැත. මේධානන්ද හිමියන් සිය වාර්ථාවෙහි මෙසේ සදහන් කර ඇත. සදකඩ පහණ සරල නිමාවෙන් යුතු අනුරාධපුර යුගයට අයත් නිර්මාණයක් වන බැවින් මෙම පුජනිය ස්ථානයේ ආරම්භය ක්‍රි. ව. පලමුවන සියවසට තරම් පැරණි බවත් පුරාවස්තු අක්කර පහක් පමණ පුරා විසිරි ඇති බැවින් දියුණු ආරාමයක් මෙහි තිබු බව පෙනි යන්නේය. උන්වහන්සේ එසේ පැවැසුවද නිධන් හොරුන් සියල්ල හාරා විනාශ කර අවසන් කර තිබේ.
මෙම දා ගැබ අවට තවත් දා ගැබ් ගොඩැලි යැයි සිතිය හැකි උස් බිම් කිහිපයක්ම දක්නට ඇති අතර ඒ අවට පා දම් ගල් කිහිපයක්ද ඉඩෝරයට පවා නොසිදෙන පිරිසිදු දිය උල්පත් දෙකක් ස්ථුපයට දකුණින් හා නැගෙනහිරින්ද මා හට හමුවිය. එක් දිය උල්පතක් මෑතකදි හාරා ඇති අතර එහි පස් ඉවත් කිරිම නිසා ජලය ගලා යාම අවහිරව තිබේ. දෙවන උල්පත පලමු උල්පතට මිටර් 100 ක් පමණ දුරින් පිහිටා ඇත. ලුණු විල ශාකයෙන් උල්පත අවට වැසි ගොස් ඇතත් අවට මඩ වගුරක් සේ ජලය පිරි පවති. පිරිසිදු කිරිමෙන් යලි භාවිතයට ගත හැකිය.
පළමු දිය උල්පත ඇටඹගස් උල්පත ලෙස ගැමියන් හදුන්වයි උල්පත අසල අඩි 8 ක් පමණ උසැති ගල් කණු කිහිපයක් පෙරලා දමා ඇත. මේවා මිට පෙර සිටුවා තිබු බව ගැමියන් කියයි. උල්පත තුල වස්තුව සෙවු නරුමයන් විසින් පෙරලා දමන්නට ඇතැයි සිතිය හැකිය.
පාදම් ගල් කිහිපයක් දක්නට තිබු අතර එක් පාදම් ගලක් කුළු ගෙඩි පහරකට මෑතකදි ලක්ව ඇති බව පෙනි යයි. දා ගැබෙහි යුපස්ථම්බය දා ගැබ පාමුල පෙරලා තිබෙනු දක්නට ලැබේ. එහි මුදුනත කොටස දක්නට නැතත් අඩි හතරක පමණ වන මැද කොටස ඉතිරිව ඇත.
සම්බන්ධ වෙනත් පිටු
ඇටඹගස් උල්පත නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
ඇටඹගස් උල්පත නටබුන් රියදුරු දිශාවන්
ත්‍රිකුණාමලය ඇටඹගස් උල්පත නටබුන් දක්වා |
හරහා : මුළු දුර : කිලෝමීටර් 15 ගතවන කාලය : විනාඩි 20 + වනය හරහා ඇවිදීමට ගතවන කාලය ගත කිරිය යුතු කාලය : පැය 1 ක් පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)