දෙවනගල රජමහා විහාරය – Devanagala Rajamaha Viharaya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (10 votes, average: 3.10 out of 5)
Loading...
Devanagala Raja Maha Viharaya - Dhathu Mandiraya where the Dalada was kept
Devanagala Raja Maha Viharaya – Dhathu Mandiraya where the Dalada was kept
Photos are copyrighted by their owners

දෙවනගල රජමහා විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නිතර ආන්දෝලනයට හා ජාතිවාදී ඉස්ලාම් ජාතිකයින්ගෙන් බැටකන පුරාණ විහාරස්ථානයකි. දෙවනගල විහාරය ඉදිකර ඇත්තේ පොලොන්නරුව රාජධානියේ මහා පරක්‍රමබාහු රජුගේ (1153-1186) යුගයේදී බව විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානය මුලින්ම ඉදිකරන ලද්දේ වලගම්බා රජු ලෙස වඩාත් ප්‍රචලිත වට්ටගාමිණි අභය ((ක්‍රි.පූ 89-77) රජු විසින බවද ජනවහරේ පවතී. මෙම විහාරස්ථානය අතීතයේ දී බුදුන්ගේ දළදා ධාතුන් වහන්සේ තැම්පත් කල ස්ථානයක් අතර මෙම පුරාණ දළදා මන්දිර ගොඩනැගිල්ලේ නටබුන් තවමත් මෙහි දැකගත හැකිය.

පසුකලකදී මහනුවර රාජධානියේ විමලධර්මසූරිය (1592 – 1604) රජතුමා ද මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට දායක වී ඇත.

දෙවනගල ඇති එක් සෙල්ලිපියක් පරාක්‍රමබාහු රජු විසින් ඔහුගේ හමුදාවේ අණ දෙන නිලධාරියෙකු වන කීර්ති නුවරගල (කිත් නුවර ගල්) වෙත අවට ප්‍රදේශයේ ඉඩම් පරිත්‍යාගයක් කිරීම විස්තර කර ඇත. මෙම පරිත්‍යාගය කොට ඇත්තේ ඔහු විසින් සාර්ථකව බුරුම රජුට එරෙහිව බුරුමයට හමුදා ප්‍රහාරයක් එල්ලකිරීමට කෘතගුණ සැලකීමක් වශයෙනි. මෙම සෙල්ලිපියේ සම්පූර්ණ පරිවර්තනය 1969 දී එම්. ඩී. ගුණසේන විසින් ප්‍රකාශයට පත් කරන ලද කොත්මලේ අමරවංස හිමි විසින් රචිත “ලක්දිව සෙල්ලිපි” ප්‍රකාශනයේ අඩංගු වේ.

විමලධර්මසූරිය රජු සමහර ඉතිහාසඥයින් විසින් මහනුවර රාජධානියේ දෙවන නිර්මාතෘවරයා ලෙස සලකනු ලැබේ. කොනප්පු බන්ඩාර ලෙස උපත ලැබූ ඔහු පෘතුගීසි නාමයෙන් අවුස්ත්‍රියාවේ දොන් ජුවාන් ලෙස බෞතීස්ම විය. 1581 දී පෘතුගීසීන් විසින් දෝන කැතරිනා ලෙස බෞතීස්ම කරවූ කුසුමාසන දේවිය සිංහාසනයේ නියම හිමිකරු ලෙස මහනුවර රාජධානියට පත් කරන ලදී. එකල සීතාවාක රාජධානිය පාලනය කළ පළමුවන රාජසිංහ රජු වහාම ඇයව පහකොට මනනුවර රාජධානිය සීතාවක රාජධානියට ආඳා ගත්තේය.

මෙම කාලයේදී කොනප්පු බන්ඩාර පෘතුගීසි හමුදාවේ අණ දෙන නිලධාරියෙකු වූ නමුත් ඔහු මහනුවර පෘතුගීසීන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා සංඝයා වහන්සේලා සමඟ කුමන්ත්‍රණය කළේය. 1572 දී ඔහු ක්‍රිස්තියානි ධර්මය අත්හැර බුද්ධාගම වැලඳ ගත් අතර මහනුවර රාජධානියේ විමලධර්මසූරිය රජු ලෙස අභිෂේක විය. රාජකීය ලේ වැගිරීම ස්ථාපිත කිරීම සඳහා ඔහු කුසුමාසනා දේවි සමඟ විවාහ වූ අතර රාජධානිය ආක්‍රමණය කිරීමට උත්සාහ කළ පෘතුගීසීන්ට එරෙහිව ඉතා සාර්ථක සටන් 2 ක් කළේය.

පසුව විමලධර්මසූරිය රජු විසින් දෙවනගල රජමහා විහාරය දෙවනගල රතනසාර හිමි වෙත භාරකාරත්වය ප්‍රදානය කරන ලදී. මෙහි ඇති දෙවන ශිලා ලේඛනයෙන් විමලධර්මසූරිය රජු විසින් දෙවනගල රජමහා විහාරය සඳහා කරන ලද පරිත්‍යාග විස්තර කෙරේ.

වසර 1876 දී සිදු කරන ලද ඉඩම් මිනුම් මත දෙවනගල විහාරයට අයත් අක්කර 72 ක භූමි ප්‍රමාණයක් වසර 1941 දී ආරක්ෂිත පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

1900 අග භාගය වන විට මෙම විහාරය නටබුන් වී තිබූ අතර මුස්ලිම්වරු පන්සලට අයත් ඉඩම ආක්‍රමණය කිරීමට පටන් ගෙන තිබුණි. අද දෙවනගල පර්වතය වටා මුස්ලිම් කොලනියක් පිහිටුවා ඇති අතර විහාරයට අයත් සියලු ඉඩම් ඔවුන් විසින් අල්ලාගෙන ඇත. අවාසනාවට ඔවුන් මෙම පර්වතය වටා භූමියේ පුරාණ විහාරයේ සියලු නටබුන් විනාශ කර එහි පුරාවිද්‍යාත්මක වැදගත්කම මකා දමා ඇත. දෙවනගලහි ඇති එක් සෙල්ලිපියක් අධි සාන්ද්‍රිත අම්ලයක් වත් කිරීමෙන් විනාශ කිරීමට උත්සාහ කර ඇත. බුදුරජාණන් වහන්සේගේ පාද මුද්‍රණයේ ගල් කැටයම් සූරමින් හා වෙනත් ආකාරයෙන් විකෘති කර ඇත. මහනුවර යුගයට අයත් සියලුම ප්‍රතිමා සහ ස්ථූප නිධන් සොයමින් විනාශ කර ඇත.

මෑතදී (2012-2014 පමණ) දෙවනගල උරුමය නැවත නගා සිටුවීම පිළිබඳව යම් ප්‍රබෝදයක් ඇති වුවද එය ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ මුස්ලිම් ප්‍රජාව පන්සලට අයත් ඉඩම අත්හැරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ය. 2005 දී සහ වඩාත් මෑතදී 2013 දී ප්‍රදේශය අවට ඉඩම් නැවත මැනීමට රජය උත්සාහ කළේය. බලපෑමට ලක් වූ සිංහල ප්‍රජාවෙන් කිසිදු විරෝධයක් නොතිබුණද, මුස්ලිම් ප්‍රජාව මෙම අභ්‍යාසයට දැඩි ලෙස විරුද්ධ වූ අතර දෙවරක් මෙම කාර්යය නිම කිරීමට නිලධාරීන්ට ඉඩ නොදුනි. .

Kuragala buddhist monastery
Concentrated acid pored on valuable Dewanagala Stone Inscription
image source : sinhalabuddhist.com
Devanagala Buddha's foot print - attmpt to destroy it
Devanagala Buddha’s foot print – attmpt to destroy it
Source : dharmadveepayeiranama.blogspot.com

අවසානයෙදී නිලධාරීන්ට සිදු පර්වතයේ භූමි ප්‍රමාණය මැනීමට සහ පර්වතයේ සිට මීටර් 400 ක් පමණ දුරින් පිහිටි ස්වාරක්ෂක කලාපයක් පමණක් ඉතිරි කිරීමට පමණය. එහෙත් මෙම ස්වාරක්ෂක කලාපය සලකුණු කිරීම පවා ඉස්ලාම්වාදීන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් කඩාකප්පල් කර ඇති බව එකල වාර්තා විය.

වසර 2013 අප්‍රේල් මාසයේදී යම් නොදන්නා පිරිසක් විසින් විහාරය වටා වැවී තිබු මානා පඳුරු ගිණි තබා තිබූ බව වාර්තා වූ අතර ඉන් විහාරයට ජලය සපයන ජල නළයට විශාල හානියක් සිදු වී තිබිණි.  අදටත් සංවිධානාත්මක ලෙසම මෙම ඓතිහාසික උරුමය විනාශ කිරීම් සිදු වේ. 2021 වසරේ ජනවාරී මාසයේද සංවිධානාත්මක පිරිසක් විසින් 16 වන දින පෙරවරුවේ බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන දෙවනගල විහාර භූමියේ පාදමේ බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන ඉපැරණි ගල් පුවරු සහ ගල්පාදමට යොදා ගත් ඉපැරණි ගල් කණු ගොඩ ගෙන ඒවා වල දමා හංගා ඒ සියල්ල විනාශ වන ලෙස සංවර්ධන කටයුත්තකට සකස් කරමින් තිබූන බව වාර්තා විය.

මෙම පැරණි භූමිය රැක ගැනීමට බිම් මට්ටමින් කොතෙක් උත්සාහ කලද නියාලු දේශපාලකයින් මෙම ඓතිහාසික උරුමයේ ආරක්ෂාව හා රැකවරණය පිලිබන්දව කිසිදු පියවරක් ගැනීමට බියව සිටිති.

දෙවනගල ටැම්පිට විහාරය

දෙවනගල විහාරයේ මහනුවර යුගයේ ගොඩනගන ලද ටැම්පිට විහාරයක් පවතී. වර්තමානයේ එම ටැම්පිට විහාරය වටා නව ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.

ටැම්පිට විහාරය යනු අඩි 3-4 ක් පමණ උස ගල් කඳන් මත දැව වේදිකාවක් ඒ මත ඉදිකරන ලද ව්‍යුහයකි. වහලය දැව වලින් තැනූ ව්‍යුහයක් මගින් රඳවා ඇති අතර බිත්ති සාමාන්‍යයෙන් කටු මැටියෙන් සාදා කපලාරු කොට ඒ මත නොයෙක් චිත්‍ර හා මෝස්‌තර අඳිනු ලැබේ. මෙම ගොඩනැඟිලි මහනුවර යුගයේ ජනප්‍රිය ආගමික ගෘහ නිර්මාණ සැලැස්මක් විය.

දෙවනගල ටැම්පිට විහාරයේ මධ්‍යයේ විසිතුරු මකර තොරණක් යටින් අලංකාර සිටි බුද්ධ ප්‍රතිමාවකි. සිටි පිළිමය අසල දෙවිවරුන්ගේ පිළිම දෙකක් පිහිටා තිබේ. දේවතාවන්ට යාබදව සිටගෙන සිටින බුද්ධ ප්‍රතිමා දෙකක් සහ එකිනෙකාට මුහුණ ලා සිටින බුදු පිළිම දෙකක් ඇත.

මෙහි ප්‍රධාන ප්‍රතිමාවට ඉහළින් ඇති මකරතොරණේ විෂතාවයක් පවතී. බොහෝ අවස්ථාවන්හීදී, දෙපස මකරුන් දෙදෙනෙකු ඉහළ කේන්ද්‍රයේ “කිහිඹි මුහුණ” දෙසට ඉහළට මුහුණ ලා සිටිති. කෙලින්ම ඉදිරිය බලා සිටින්නේ කිහිඹි මුහුණ පමණි. මෙහි මකරුන් දෙදෙනාද විහිළු දනවන සිනාවකින් යුතුව ඉදිරිය බලා සිටින අයුරු දැකගත හැක.

සම්බන්ධ වෙනත් පිටු

දෙවනගල රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


දෙවනගල රජමහා විහාරය ගමන් මාර්ගය

පර්වතය මුදුනේ ඇති විහාරස්ථානයට නැගීමට ආසන්න වශයෙන් විනාඩි 45 ක් ගතවේ

මාවනැල්ල නගරයේ සිට දෙවනගල රජ මහා විහාරය දක්වා මාර්ගය
හරහා : බක්මීදෙණිය
දුර : කිලෝමීටර 7
ගමන් කාලය: විනාඩි 10 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Tagged with: , ,