සියම් මහ නිකායේ ජීවමාන සංකේතයක් බඳුවූ ත්‍රිකුණාමලයේ බෝරුක් සතර (Four Historic Bo Trees in Trincomalee)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 2.33 out of 5)
Loading...

කන්ද උඩරට රාජ්‍ය සමයෙහි පරිහානියට පත්ව තිබු මෙරට සම්බුද්ධ ශාසනයෙහි පුනර්ජීවනයක් ඇති කල ත්‍රිකුණාමලය නෙල්සන් සිනමා ශාලාව ඉදිරිපිට විෂම චතුරස්‍රාකාර බිම් කඩක පිහිටි වසර 267 ක් පැරණි ඓතිහාසික බෝ රුක් හතර හා ඒවා පිහිටි බිම කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව වල් වැදි යමින් පවති.

ත්‍රිකුණාමලය ශාන්ත ස්ටීවන් යුධ සුසානයට යාබදව නෙල්සන් සිනමා ශාලාව ඉදිරිපිට බිමෙහි මෙම බෝ රුක් සතර දක්නට ලැබේ. කපුටු බෝ රුක් ලෙස සිතා කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කලක් අතහැර දමා තිබු මෙම ස්ථානය පිළිබදව හා එහි වැදගත්කම පිළිබදව ගත් කතුවරයෙකු හා පුරාවිද්‍යා ගවේෂකයකු වු කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දිවංගත පී. ඇල්. සිරිසේනයන් විසින් 2003 වසරේදී කල හෙලි කිරිමකින් පසුව සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශය විසින් 2009 ජනවාරි 23 වනදා අංක 1586 දරණ ගැසට් නිවේදනයෙන් මෙම ඓතිහාසික බෝරුක් සතර හා එය පිහිටි භුමිය පුරාවිදයා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කරනු ලැබීය. පසුව එම නිවේදනය 2009 මැයි මස 21 වන දින මෙම බෝ රුක් පිහිටි ස්ථානයෙහි පිහිටවනු ලැබීය.

කන්ද උඩරට රාජ්‍ය සමයෙහි හින්දු ආභාෂය සමාජය තුල වැඩි වැඩියෙන් අරක් ගැනීම නිසා දෙවියන්ට පුද පුජා පැවැත්වීමට වැසියන් කටයුතු කිරිම තුල මෙරට ථේරවාදි උපසම්පදා ක්‍රමයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානියත් වේගයෙන් සිදුවිය. සිවුරු දැරුවද සාමණේර වත් පිලිවෙත් වත් පවා නොදැන සිටි ගණින්නාන්සේලාගෙන් සග සසුන පිරි ගොස් තිබුණි මෙවන් වටපිටාවක පිරිසිදු ථේරවාදි බුදු දහම යලි ස්ථාපිත කිරිමට පළමුවන විමලධර්මසුරිය රජු වරක් උත්සහ දැරූ අතර බුරුමයෙන් උපසපන් භික්ෂුන් වහන්සේලා ගෙන්වා මෙරට උපසපන් භික්ෂු පරපුරක් යලි ඇති කිරිමට ගත් ඒ උත්සාහය විනාශ කර දැමීමට එදා සග සසුනට ඇතුලුව සිටි ගණින්නාන්සේලා කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් යලි යලිත් රජවරුන් කිහිප දෙනෙකුම මෙරට ථේරවාදි භික්ෂු උපසම්පදා ක්‍රමය ඇති කිරිමට සියම් රටින් උපසපන් භික්ෂුන් වහන්සේලා වැඩම කරවීමට ගත් උත්සාහයන්ද විවිධ හේතු කාරණා මත ව්‍යවර්ථව ගියේය.

අවසානයේ එම ප්‍රයන්තය සාර්ථක කරවමින් උපසපන් භික්ෂුන් වහන්සේලා මෙරටට වැඩමවිමේ භාරදුර කාර්ය ඉටු කරමින් මහෝපාද්‍ය උපාලි හිමි ප්‍රමුඛ ආභිධම්මික ආරියමුණි හා විනයාචාර්්‍ය මහානාම හිමියන්ද ප්‍රමුඛ සියමින් භික්ෂුන් වහන්සේලා පහලොස් නමක්ද සාමණේර හිමිවරු හත් දෙනෙකුද ඇතුළුව ආරක්ෂකයන් 74 දෙනෙකු සමග විල්බාවේ ගෙදර මුදියන්සේ ලන්දේසී වෙළද සමාගමකට අයත් නැවකින් ත්‍රිකුණාමලය කොටුව ඉදිරිපිට පිහිටි වරායට 1753 මැයි මස 14 වැනි දින සේන්දු විය.

උපසපන් භික්ෂුන් වහන්සේලා ත්‍රිකුණාමලයට වැඩම කල පුවත ඇසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිය මහ ඇමතිවරයා ඇතුළු දෙතිස් ඇමතිවරුන් යවා වැඩම කර සිටි ආර්්‍යයන් වහන්සේලා ගෞරව පුර්වකව පිළිගනිමින් වරාය ඉදිරිපිට පිහිටි බිම් කඩක විශාල වේදීකාවක් තනවා එම වේදිකාව මත ආර්්‍යයන් වහන්සේලා වඩා හිදුවා තිබිණි.

මෙම ස්ථානය සිහිවිම පිණිස එදින බෝ අංකුර සතරක් පිහිටුවීමටත් එය බෞද්ධ සංකේතයක් ලෙස ගෞරව පුර්වකව රැක ගැනීමටත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු කටයුතු කර තිබුණි.

ඒ කෙසේ වෙතත් ඓතිහාසික බෝ රුක් සතර පිහිටි භුමිය මේ වනවිට අතහැර දමා තිබේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වුවද මෙම බෝ රුක් ආරක්ෂා කර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසිදු වුවමනාවක් නැති බව පෙනි යන්නේ එකී බෝ රුක් වල ආරක්ෂාවට බව පවසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුදලින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පුද්ගලික කොන්ත්‍රාත්කරුවකු හරහා ඉදිකල ආරක්ෂිත වැට බෝ රුක් සතර විනාශ වන පරිදි ඉදි කිරිම හේතුවෙනි.

2012 වසරේ ඉදිකල මෙම ආවරණ වැට සදහා රුපියල් 8,76,059 ක මුදලක් වැය කර තිබු නමුත් මේ වනවිට එම ආවරණ වැටෙහි යකඩ බට පමණක් ඉතිරිව දැල් සියල්ල කැඩී ගොස් තිබෙනු දක්නට ලැබේ. ආවරණ වැටෙහි ගැල්වනයිස් පයිප්ප බට බෝ රුක් හතරෙහි කදට හානි වන ලෙස පාස්සා ඇති හෙයින් යකඩ බට වසාගෙන බෝ රුක් වැඩෙ‍මින් තිබේ. එම බිම් කඩ සහිත ස්ථානය කිසිදු කටයුත්තකට භාවිතා නොකරන ලෙසට ලන්දේසීන් විසින් නියෝග පනවා ආරක්ෂා කල අතර පසුව එය ඉංග්‍රීසී පාලන සමයේදීද නොවෙනස්ව පැවැතුණි.

සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලයේ බෝරුක් සතර සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලයේ බෝරුක් සතර රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට ත්‍රිකුණාමලයේ බෝරුක් සතර දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 2
ගතවන කාලය : විනාඩි 5
ගත කිරිය යුතු කාලය : විනාඩි 10 ක් පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply