වැලිඔය කිරිඉබ්බන්වැව පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා නටබුන් (Walioya Kiriibbanwewa Pansalgodella Archaeological Ruins)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

කිරිඉබ්බන් වැව ජලාශය වැලිඔය සිට මුලතිව් මාර්ගයේ කිලෝමීටර 5ක් ගමන් කලවිට හමුවේ. අක්කර 230ක් පමණ ප්‍රදේශයක් වසා සිටින, අක්කර අඩි 2400ක ධාරිතාවයෙන් යුතු මෙම පුරාණ ජලාශය 2019 වනතෙක්ම ගරාවැටී නිසි ප්‍රයෝජනයක් ගත නොහැකිව පැවතිනි. නමුත් 2019 කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ මෙම වැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කොට අක්කර 370ක ගොවිතැන් කටයුතු සඳහා මෙන්ම පාණීය ජල අවශ්‍යතා වෙනුවෙන්ද මෙම වැව ප්‍රයෝජනයට ගනු ලැබේ.

පන්සල්ගොඩැල්ල යනුවෙන් හඳුන්වන ස්ථානය කිරිඉබ්බන්වැව දකුණ ප්‍රදේශයේ මීටර 15ක් පමණ උස කිලෝමීටරයක් පමණ දිගින් යුතු කුඩා කඳු ගැටයකි. මෙහි අනුරාධපුර මුල් යුගයට අයත් කටාරම් සහිත ලෙන් 3ක් හා නටබුන් වූ ගොඩනැගිලි සහිත පුරාණ සංඝාරාමයක සාධක පවතී. වර්තමානයේ මෙහි ගල්කන්ද විහාරය නමින් කුඩා විහාරස්ථානයක් පවත්වාගෙන යයි.

මෙහි ඇති උතුරු දිශාවට වන්නට ඇති ලෙණ දෙමහල් ලෙණක් ලෙස සකස්කොට ඇත. මෙහි ප්‍රධාන ලෙණට ඉහලින් වූ ගල් කොටසක් තවත් ලෙනක් ලෙස සකසා ඇත. ඉහළ ලෙනෙහි බිමෙහි ශෛලමය ආසනයක් හාරා සාදා ඇත. එය තුලට ජලය ගලා ඒම වැලැක්වීම සඳහා ගලෙහිම සාරන ලද කාණුවකි.

මෙහි බිම් ලෙනෙහි පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි 2කි. මෙම ප්‍රදේශයේ හමුවී ඇති එකම පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපිය මෙය වන බැවින් එය පුරා විද්‍යාත්මක බැවින් ඉතා වැදගත්ය. ඒවායේ අර්ථය මෙසේ දැක්වේ.

පළමු ලිපිය : පරුමක දේවගේ භාර්යාව වූ අජරියගේ ලෙණ
දෙවන ලිපිය : රාජකුමාර ගණකාධිකාරී ……………….. ලෙණ (සංඝයාට) නියත කර දෙන ලදී

මෙම ලෙනට අතීතයේ සිට අවට ගම්වාසීන් විවිධ ආගමික කටයුතු පවත්වා ඇති බැවින් මෙම ලෙනෙහි පුරාවිද්‍යා අගයට යම් හානියක් සිදුව ඇත.

මෙම ලෙනට වම් පසින් කඳු මුදුනෙහි ගඩොල් ගොඩනැගිල්ලක සාධක දක්නට ඇති අතර එය නිදන් සොරුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇත. මෙහි පිහිටීම අනුව මෙය දාගැබක අවශේෂ බව අනුමාන කෙරේ. ලෙනට දකුණු පසින් මුදුනට නැගීමට පෙත්මගක අවශේෂ දක්නට ලැබේ. පෙත්මග අවසානයේද තවත් ගඩොල් ගොඩැල්ලක් පවතින අතර මෙයද දාගැබක අවශේෂ බව විශ්වාස කරයි.

විශාල ප්‍රදේශයක් පුරා විසුරුණු ගොඩනැගිලි සහිත මෙම කඳුගැටය මත පැරණි කණු පාදම් වලින් යුත් ගොඩනැගිලි පාදම් පැරණි උළු වළංකටු හා පැරණි ගල් බහුලව දකින්නට ලැබේ. මෙම භූමියෙන් මීටර දෙකහමාරක් පමණ උසැති කුඩා පර්වතයක් දැකිය හැකි අතර එම පර්වතය මතුපිට කිසියම් ඉදිකිරීමක් සඳහා සකසා ඇති බවක් පෙනේ. නිදන් හොරුන්ගේ ග්‍රහනයට නතුවී ඇති මෙම පුරාවිද්‍යා භූමිය අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ ආරාමයක් ලෙස හඳුනාගත හැක.

කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ මෙම කඳු ගොඩැල්ල පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කරන ඉල්වා ඇත.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි155-157
  • 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka, pp.228-231.
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

වැලිඔය කිරිඉබ්බන්වැව පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැලිඔය කිරිඉබ්බන්වැව පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පදවිය සිට වැලිඔය කිරිඉබ්බන්වැව පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා :වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 22
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply