කුමණ තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 2.40 out of 5)
Loading...
Kiripokunahela Monastic Ruins inside the Yala National Park - යාල තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්
Kiripokunahela Monastic Ruins inside the Yala National Park – කුමණ තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්

යාල ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන රුහුනු ජාතික වනෝද්‍යානය තුල ඇති බොහොමයක් ගල්කුළු හා කඳු මත පුරාණ රුහුනු රාජධානියේ බෞද්ධ ආරාමයන් රාශියක් කාලයේ වැලිතලාවෙන් සැඟවී තිබේ. මෙම නටබුන් උද්‍යානය තුළ ඇති සෑම කඳු මුදුනකම පාහේ දක්නට ලැබෙන නමුත් නොයෙක් නීති හා මාර්ග නොමැති වීම හේතුවෙන් මෙම ප්‍රදේශ වෙත පුද්ගලයින් ගමන් කරන්නේ කලාතුරකිනි.

13 වන සියවසෙන් පසු, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඊසානදිග ප්‍රදේශයේ ශිෂ්ටාචාරය කෙමෙන් බිඳ වැටෙන්නට විය. යුද්ධ, වසංගත හා වාරිමාර්ග පද්ධති විනාශය හේතුවෙන් ජනතාවගේ ජීවනෝපායන් අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රදේශයෙන් ජනතාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මේ සමඟම මෙම ප්‍රදේශයේ මහා බෞද්ධ ආරාම ද ක්‍රමයෙන් හුදකලා වී මෙම උදාර ශිෂ්ඨාචාරය ක්‍රමක්‍රමයෙන් අවසානයේ රුහුණු වනාන්තර විසින් ගිල ගැනිණි.

19 වන සියවසෙන් පසු මෙම ප්‍රදේශයේ ජනාවාස නැවත ක්‍රමයෙන් වර්ධනය විය. නමුත් මේ වනවිට, බ්‍රිතාන්‍ය යටත් විජිත රජය යාල ප්‍රදේශය දඩයම් සඳහා රක්ෂිතයක් ලෙස වෙන් කර තිබු අතර නිදහසින් පසු එය ජාතික වනෝද්‍යානයක් බවට පත් විය. මේ මගින් එහි මායිම් තුළ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන පෙරපරදීම වන ආවරණය තුල සැඟවී ගියේය. මෙමගින් මෙම පුරාවිද්‍යා ස්ථාන පසුකාලීන මානව ක්‍රියාකාරකම් මගින් ආරක්ෂා වුවද ඒවා නිධන් හොරුන්ගේ පහසු දඩයම් භූමි බවට පත්විය.

යාල වන අඩවිය තුල මෙසේ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සමහරක් නම් කුඩුම්බිගල, කිරිපොකුනහෙල, බඹරගස්තලාව, බෝවත්තේගල, කෝන්ගල සහ නෙලුම්පත් පොකුන, විහාරගල, දිවුලනගොඩ, දෙමටගල, අතුරුමිතුරුගල, කනබිසෝවුන්ගේ ගල්ගේ සහ තලගුරුහෙල ය.

කිරිපොකුණහෙළ යනු යාල බටහිර ලෙසද හැඳින්වෙන කුමණ ජාතික වනෝද්‍යානය තුල බෞද්ධ ආරාමයක ගවේෂණය නොකළ නටබුන් සහිත ගල් තලාවකි.

1974 දී ප්‍රකාශිත “ලංකා සංචාරකයා සඳහා වූ අත්පොත” (Handbook for the Ceylon Traveller) වාර්තා කරන්නේ කිරිපොකුණහෙළ කුමණ වනෝද්‍යානයේ ඔකඳ පිවිසුමේ සිට සැතපුම් 2 ක් දුරින් පිහිටා ඇති අතර වියළි කාලවලදී නොයෙක් සතුන් ආකර්ෂණය වන කිසිඳා නොසිඳෙන කිරිපොකුණ කෙම (ගල්තලාවක් මත ඇති ජල කුහරය) දක්වා ජීප් ධාවන පථය පවතින බවයි. මෙම ජල කුහරයට සැතපුම් භාගයක් උතුරින් කිරිපොකුණහෙළ පැතලි මුදුනක් සහිත ගල් කන්දකි.

කිරිපොකුණ කෙම දක්වා දුෂ්කර ධාවන පථය තවමත් පවතින අතර කිරිපොකුණහෙළට අලි කොටි ගහන වනාන්තරය හරහා කිලෝමීටර 1.5 ක දුරක් පයින් ගමන් කල යුතුය. කිරිපොකුණ කෙම ගල්තලාවක් ඔස්සේ දිගේ මීටර් 4 ක් පමණ දිගින් යුත් ඔරුවක හැඩැති ස්වාභාවික පොකුණකි.

කිරිපොකුණහෙළ කඳු මුදුන හෙක්ටයාර තුනක් පමණ සමතලා බිමකි. එක් පැත්තක ඕවලාකාර පර්වතයක් යට කටාරම් කෙටූ ලෙනකි. ලෙණ තුළ බිම කුඩා සිනිඳු ගල් පුවරු අතුරා තිබේ. කටාරම යටින් බ්‍රාහ්මී සෙල්ලිපි පේළි කිහිපයක් තිබේ. ගුහාව ඉදිරිපිට තවත් කුඩා ජලය පිරුණු කෙමක් ඇත. ලෙණ තුල නටබුන් විනාශ වී ඇතත්, පැරණි ගඩොල් බිත්තියක අවශේෂ තවමත් දැකගත හැකිය.

මෙම ගුහාවේ වඩාත් වැදගත්ව අංගය වන්නේ ළෙන් බිත්තිවල ඇති ඓතිහාසික චිත්‍රයි. පැහැදිලි සුදු තීන්ත වර්ගයක් භාවිතා කරමින් අලියෙකු මත සිටගෙන සිටින මිනිසෙකුට මුහුණ දෙන දිවියෙකු ගල මතුපිට පින්තාරු කර ඇත. මෙම ලෙන් චිත්‍රය කළේ කවුරුන්ද යන්න හෝ ඔවුන් අයත් වූයේ කුමන කාල පරිච්ඡේදයටද යන්න පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. මෙම ප්‍රදේශය අතීතයේ වැදි ගෝත්‍රයක වාසස්ථානය වී ඇති අතර ඔවුන්ගේ වඳ වීම පිලිබඳ නොයෙක් ජනප්‍රවාද පවතී. ලේනම වැද්දන් පිළිබඳව ප්‍රචලිත ජනප්‍රවාද 2 ක්පවතී. පළමුවැන්න නම් පානම අවට වනාන්තරවල ජීවත් වූ බවට පවසන අර්ධ මිනිස් “නිට්ටාවෝ” හි පැවැත්ම හා වඳවීමයි. ජනප්‍රවාදයට අනුව අවසාන නිට්ටාවන් ලේනම වැදි ජනතාව විසින් ගුහාවකට කොටු කර සමූල ඝාතනය කිරීමයි. දෙවැන්න ලේනම දිවියන් පිලිබඳවය. ඔවුන් පානම ප්‍රදේශයට ආවේණික ලෙස ප්‍රසිද්ධ තේජාන්විත දිවියන් වර්ගයක් පිලිබඳවය. අවසානයේ ලේනම වැද්දන් ඔවුන් මරා විනාශ කර දැමූ “නිට්ටාවන් ට සමාන ඉරණමකට මුහුණ දී තිබේ. මෙම ජනප්‍රවාද දෙක මුලින්ම ලේඛනගත කළේ හියු නෙවිල් (1847 – 1897) විසිනි. ලේනම දිවියන් පිළිබඳ පොදු පුරාවෘත්තය නම්, ඔවුන් වඩා විශාල හා එඩිතර වූ මිනිසෙකු දුටු විගස පලා නොයන දිවියන් වර්ගයක්ව බවය.

පුරාවෘත්තයන්ට අනුව, ලේනම වැද්දන් විසින් කතරගමදෙවියන් සඳහා සාම්ප්‍රදායික පූජාවක් සංවිධානය කර ඇති අතර ඔවුන් රාත්‍රියේ උත්සවය ආලෝකමත් කලේ වල් ඌරෙකු මරා උගේ මේදය භාවිතයෙනි. මේ පිළිබඳව කෝපයට පත් කතරගම දෙවියන් දැවැන්ත දිවියන් ඔවුන් වෙත එවා ඇති අතර එක් පවුලක් හැර මුළු වැදි ගෝත්‍රයම පහර දී මරා දැමීය. මින් ඒක පවුලක් ගලක් මතට නැගී ජීවිතය බේරා ගත්තද, මෙම දිවියන් ඔවුන්ටද පහරදී මැරූ අතර එහි සිටි එක් පිරිමි ළමයෙකු පමණක් අසල ගමකට පලාගොස් ජීවිතය බේරාගෙන තිබේ. කිරිපොකුණහෙළ ගුහාවෙන් හමු වූ සිතුවම් දෙස බලන විට, මෙම සිතුවම ලේනම දිවියන්ගේ පුරාවෘත්තයට හා මෙම දිවියන් විසින් ලේනම වැද්දන්ගේ විනාශයට සම්බන්ධ බවට අනුමානයක්ද පවතී.

කිරිපොකුණහෙළ සිට මීටර් 200 ක් පමණ නැගෙනහිර දෙසින් කටාරම් කැපූ ලෙන් ගණනාවක් ඇති අතර ඒ හා සම්බන්ධ තවත් ගල් පර්වතයක් පවතී. මෙම පර්වතය මුදුනට ගලේ කැපූ පඩි පෙළක් පවතින අතර මුදුනේ ගඩොල් සහ ගල් පුවරු භාවිතයෙන් ඉදිකරන ලද ස්ථූපයක නටබුන් හමුවේ.

කිරිපොකුණහෙළ ඇති සමහර සෙල්ලිපි කියවා ප්‍රකාශයට පත් කර ඇත.

  1. බත සොමදෙව ලෙණෙ
  2. ශමික අනුඩියව දෙවියව ලෙණෙ
  3. වශහ ලෙණෙ ශගශ
  4. ශුමනශ ලෙණෙ ශගශ
  5. ශපති දුබලතිශහ ලෙණෙ ශගශ නියතෙ
  6. පරුමක ශුමනශ ශගශ
  7. කුඩරිවනුහි වසන ජෙට චපයෙහ
    අබි කෙලිබ පදගඩ චිදවය පලසව
    සතනට පටි

කිරිපොකුණහෙළ පූජා භුමිය ඉදි කරන ලද්දේ කවරෙකු විසින්ද යන්න පැහැදිලි නැතත් මෙම දැවැන්ත වනාන්තරය තුළ ඇති නටබුන් සහ අනෙකුත් ස්ථාන මත පදනම්ව මෙම මනස්කාන්ත භූමිය ක්‍රි.පූ 3 සිට 2 වන සියවසට අයත් යැයි උපකල්පනය කරහැක.

පහත ගූගල් සිතියමේ කිරිපොකුණහෙළ සලකුණු කොට ඇත්තේ ආසන්න ලෙස බව සලකන්න. මෙම ස්ථානයන්ට ගමන් කිරීමට විශේෂ අවසර ගත යුතුය.

යාල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව

  1. ආකාස චේතිය
  2. අතුරුමිතුරුගල (පහත සිතියම බලන්න)
  3. අතුරුමිතුරුවැව
  4. බඹරගස්තලාව
  5. බෙම්බාව
  6. බෝවත්තේගල
  7. බ්‍රාහ්මණතොට
  8. දෙමටගල
  9. දික්කන්දනේගල
  10. දිවුලානගොඩ (වෙහෙරදිවුලාන)
  11. ගෝනගල
  12. ගොයන්කොළ මායාගල
  13. හඳුනේරුව
  14. ඊරියපොල 
  15. කනබිසෝ ගල්ගේ
  16. කටුපිල (පහත සිතියම බලන්න)
  17. කටුපිල මංකඩ (පහත සිතියම බලන්න)
  18. කිරිපොකුණ හෙළ
  19. මහකිරිවැඩුමගල
  20. කෝන්ගල

මූලාශ්‍ර 

  • 1974. Handbook for the Ceylon Traveller. 1st ed. Colombo: Studio Times.
  • එල්ලාවල මේධානන්ද හිමි, 2013. රුහුණේ යටගියාව සහ සෙල්ලිපි. 1st ed. කොළඹ 10: දයාවංශ ජයකොඩි සහ සමාගම.
  • Wijesinghe, M., 2016. The place that time forgot. [online] sundayobserver.lk. Available at: <http:// archives.sundayobserver.lk /2016/03/13/ spe-her-01.asp> [Accessed 19 April 2021].

සම්බන්ධ වෙනත් පිටු

කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන් ගමන් මාර්ගය

කුමණ ජාතික වනෝද්‍යානයට ප්‍රවේශය ඇත්තේ ඔකඳ හරහාය. මෙම ප්‍රදේශයට කොළඹ සිට වේගවත්ම මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වුවද, බලංගොඩ – බෙරගල හරහා ගමන් කරන මාර්ගය ඉතා දර්ශනීය ය.

මාර්ග I : කොළඹ සිට ක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කුමණ උද්‍යාන පිවිසුම දක්වා ඔකන්දමාර්ග II : කොළඹ සිට බලංගොඩ ඔස්සේ කුමණ උද්‍යාන පිවිසුම දක්වා
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – මත්තල – තණමල්විල – වැල්ලවාය – මොණරාගල – පොතුවිල් – පානම – ඔකඳ
දුර : කිලෝමීටර් 420
ගමන් කාලය : පැය 7.30
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
හරහා : බලංගොඩ – බෙරගල – වැල්ලවාය – මොනරාගල – පොතුවිල් – පානම – ඔකඳ
දුර : කිලෝමීටර් 345
ගමන් කාලය : පැය 9.30
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
පොතුවිල් සිට කුමණ උද්‍යාන පිවිසුම දක්වා
හරහා : පොතුවිල් – පානම – ඔකඳ
දුර : කිලෝමීටර් 32
ගමන් කාලය : පැය 1.
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply