සෝමාවතී කෝම්පිට්ටුගල පුරාවිද්‍යා නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2.00 out of 5)
Loading...
Hidden deep in the elephant infested jungles of Somawathi National Park, This ancient Aramaic Site at Kompittugala lies hidden form the prying eyes close to the Mahaweli River banks
අලි ඇතුන් ගහන සෝමාවතී ජාතික වනෝද්‍යානය මද්‍යයේ සැඟවී ඇති කෝම්පිට්ටුගල පිහිටි මෙම ඉපැරණි ආරාමය මහවැලි ගං ඉවුරට සමීපයේ සැඟවී තිබේ.
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 217/ජී සිරිමංගලපුර ග්‍රාමසේවා වසමට අනුරූපව මෙම ඉපැරණි විහාර භූමිය පිහිටා ඇත. නිසි ප්‍රවිෂ්ඨ මගක් නොමැති මෙම පුදබිම සෝමාවතී ජාතික උද්‍යානයේ මහවැලි ගංගාවේ ප්‍රධාන බෙදීම පිහිටන විල්ලුව ආශ්‍රිතව පිහිටයි. ප්‍රධන ගංගාව බෙදී යන මෙම ප්‍රදේශය “සින්නවිල්ලුව” ලෙසද හඳුන්වයි. උස් ගල්කඳු පන්තියක් පිහිටා ඇති මෙම ස්ථානයේ වන උස්ම කන්ද මුදුන ආශ්‍රිතව පිහිටි ගල් පර්වතයේ මෙම ඉපැරණි බොදු පුදබිම හඳුනාගත හැක. පර්වතය ඉහලම මුදුනේ දාගැබක නටඹුන් හමු වෙයි.

පර්වතයේ උතුරු දිශාවේ සිට ඊසාන , දකුණ හා බටහිර දිශාමුඛව පර්වත බෑවුම්වල පිහිටි ලෙන් කටාරම් කොටවා භික්ෂුන් වහන්සේලාගේ භාවිතය පිණිස සකස්කොට ඇත. විහාරස්ථානයේ චෛත්‍ය නිර්මාණය සඳහා යොදාගත් පර්වත මුදුනත් ස්ථානයද ස්වාභාවිකවම දාගැබක හැඩයට සැකසී ඇත. එම ස්වාභාවික පිහිටීමද උපයෝගී කරගනිමින්ම එම ස්ථානයේ සෑය ඉදිකරවා ඇත. එහිදි පර්වතයේ බෑවුම මත ගඩොල් රැඳවීමට ඒ වටා සෙ.මී. 50-60 පළලින් යුතු කවාකාර තීරු ආකාරයට මට්ටම් කර ඇත. එම තීරු මත බදාම යොදමින් ගඩොල් රඳවමින් සෑය ඉදි කරවා ඇත. එම කවාකාර තීරුමත රඳවන බදාම තට්ටුව හොදින් පර්වත බිත්තිය මත රඳන පරිදි සෙ.මී. 1 ක පමණ විශ්කම්භයකින් යුතු සිලින්ඩරාකාර ගැටිති අර්ධ උන්නතව එහි මතුකොට ඇත. නිශ්චිත රටාවක් නොමැතිව මතුකොට ඇති මේවා නිසැකවම ඉහත අවශ්‍යතාවය මතම ගලෙහි මතුකරන්නට ඇත. පර්වත බෑවුම් වල පියැස්ස සහිතව පිහිටි ලෙන් වල බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි ද පවතී.

පර්වතය මුදුනට පිවිසීම සඳහා සරළ සඳකඩ පහනකින් ආරම්භව ඉහලට කරවා ඇති පියගැට 24 ක් සහිත පටු පියගැටපෙලකි. මෙම පඩිපෙලට ආසන්නව වම්පසින් තරමක් උස් තැනිතලා ස්ථානයක නටඹුන්ව ඇති ගොඩනැගිල්ලක අවශේෂ වෙයි. එම ගොඩනැගිල්ලට අයත් ගඩොල් හා වෙනත් ඉදිකිරීමකට සකස්කරන ලද කෝව ද මෙහිදී දැකිය හැක.

සරල ඉදිකිරීම් රටවක් සහිත මෙම ස්ථානය නිසැකවම අනුරාධපුර සමයට අයත්වනවාට සැක නැති අතර ස්ථානීය පිහිටීමත් සමගම අවට ප්‍රදේශයන්ට මනාවට දර්ශනය වන්නට ඇත.

වර්ථමාණයේ මෙම ස්ථානයේ කිසිදු භික්ෂු වාසයක් නොමැති අතර පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට පමණක් නම්කොට ඇත.

Hidden deep in the elephant infested jungles of Somawathi National Park, This ancient Aramaic Site at Kompittugala lies hidden form the prying eyes close to the Mahaweli River banks
අලි ඇතුන් ගහන සෝමාවතී ජාතික වනෝද්‍යානය මද්‍යයේ සැඟවී ඇති කෝම්පිට්ටුගල පිහිටි මෙම ඉපැරණි ආරාමය මහවැලි ගං ඉවුරට සමීපයේ සැඟවී තිබේ.
Photos by Sandruwan Heennapita

සම්බන්ධ වෙනත් පිටු

සෝමාවතී කෝම්පිට්ටුගල පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සෝමාවතී කෝම්පිට්ටුගල පුරාවිද්‍යා නටබුන් ගමන් මාර්ගය

ජාතික වනෝද්‍යානයක් තුළ පිහිටා ඇති බැවින් විශේෂ අවසරයක් ලබා ගන්නේ නම් මිස සාමාන්‍ය ජනතාවට එම ස්ථානයට ප්‍රවේශ විය නොහැක.


© www.amazinglanka.com

Leave a Reply