කුච්චවේලි වනයේ සැඟවුණු මසන්වැව වෙහෙර පුරාවිද්‍යා නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 4.00 out of 5)
Loading...

මසන්වැව කියන්නේ ත්‍රිකුණාමල කුච්චවේලි වනයේ සැඟවුණු තවත් පුරාණ  බෞද්ධ ආරාමයක්. කුච්චවේලි වනයේ මෙවන් නටබුන් ස්ථාන බොහොමයක් පවතිනවා. සෙම්බුමලේ. බඹරගල, දෙබරගල මේවායින් සමහරක්. මෙයින් සෙම්බුමලේ පුරාවිද්‍යා නටබුන් අතරේ එම නටබුන්ම භාවිතා කර දැනටමත්  හින්දු කෝවිලක් ස්ථාපනය කරලා බෞද්ධ  ඉතිහාසය මකාදැමීමේ උත්හාසයක නිරත වෙනවා.  මීට වගකියයුත්තේ ප්‍රදේශයේ සිටින දෙමළ ජනතාව නොව ජාතිවාදය අවියක් කරගත් දෙමළ දේශපාලක්ඥයන්.   අපි බෞද්ධයන් වශයෙන් අවම වශයෙන් මෙම පුරාණ සිද්ධස්ථාන නැරඹීමටවත් නොයනවනම් තව ටික කලකින් මෙම ස්ථාන සියල්ල අන්‍යාමිගකයින්ගේ ග්‍රහණයට අසුවේවි.

කුච්චවේලි පිහිටියේ ත්‍රිකුණාමලයෙන් කිලෝමීටර 30ක් පමණ උතුරින්.  මසන්වැව රජමහා විහාරය තිබෙන්නේ කුච්චවේලි  සිට කිලෝමීටර 8ක් රට තුලට වන්නට. ඔබ කුච්චවේලියේ පොලීසිය ඉදිරිපස ඇති ඇතුල්පාරෙන් ගිරිහඬු සෑය නරඹන්නට යනවා නම් ඔබ නොදැනීම මෙම නටබුන් විහාරය ඇති පින්බදුගම  පසුකරගෙනයි යන්නේ. මෙම විහාරයට යන මාර්ගය තිබෙන්නේ මෙම මාර්ගයේ 8වන කිලෝමීටර කනුව අසලමයි. මෙම කනුව අසලින් කුඩා බොරළු පාරක් වම් අත දෙසට දිවයනවා.  මෙම මාර්ගයේ මීටර 100ක් පමණ ගියවිට මෙම නටබුන් ප්‍රදේශයට ලඟා විය හැකියි.

මෙම පුරාවිද්‍යා ස්ථානයට මුලින්ම වැඩම කර ඇත්තේ  අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නාහිමි වහන්සේ 1970 දශකයේ. එතුමා මෙම ප්‍රදේශයේ බෞද්ධයන් අහිමි වෙමින් පවතින බෞද්ධ උරුමයන් දැක මෙම ප්‍රදේශයේ  බෞද්ධ නටබුන් සොයමින් ඒවා ආරක්ෂා කළා. මසන්වැවට කිලෝමීටර 2ක් පමණ ගිනිකොණ දෙසින් වන මැද  පිහිටි සෙම්බුමලේ පුදබිම සොයාගෙන චේතියගිරි පුරාණ රජමහා විහාරය ලෙසින්  ලියාපදිංචි කර තිබෙන්නේත්,  කුච්චවේලි පිච්චමල් විහාරය ආරක්ෂා කර තිබෙන්නේත් මෙම ස්වාමීන්වහන්සේ.

එතුමා මෙම ප්‍රදේශයට පැමිණි විට මුල්ම පදිංචි ස්‌ථානය වූයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මෙම එළඳකුලම (මසන්වැව) පුරාණ රජමහා විහාරයයි. එවිට මෙම ස්‌ථානය අදටත් වඩා ගණ කැලෑවකින් වැසී ගිය ස්ථානයක්.  රන්බණ්‌ඩා නමැති උපාසක මහතා සමග එහි පොල් අතු මඩුවක්‌ සාදාගෙන රාත්‍රි කාලය ගත කිරීම සඳහා විශාල පලු ගහක්‌ උඩ පැලක්‌ ඉදිකරවාගෙන එතුමා මෙහි පදිංචිය ආරම්භ කර ඇත.

වසර කිහිපයකට පසු එවක විද්‍යා හා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යව සිටි සී. සිරිල් මැතිව් මහතාගේ උපදෙස්‌ පරිදි  ලංකා තුනී ලෑලි  සංස්ථාව මෙම  විහාරය දියුණු කිරීමේ කටයුතුවලට උදවුකර තිබෙනවා.

ක්‍රි.ව. 1979 ඉඳලා 1984 අවුරුද්ද විතර වෙනකම් සෙම්බුමලේ පුරාවිද්‍යා බිම දැවැන්ත පුරාවිද්‍යා වැඩ බිමක්‌ විදිහට තිබුන බවට වාර්තා තිබෙනවා. එමනිසා මසන්වැව නටබුන්ද මෙම කාලයේදී  සංරක්ෂණය කළා වෙන්න පුළුවන්. අද එම ස්ථානයේ ස්තුපයක් පිහිටි ප්‍රදේශය සංරක්ෂණය කර තිබෙනවා. මෙම ස්තුපය පිහිටියේ සතරැස් වේදිකාවක් මත. සතර දිශාවෙන් ශ්‍රී පතුල් ගල් ආසන  පිහිටුවා තිබෙනනවා.

මෙම ප්‍රදේශය LTTE ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත් පසු මෙහි ආරක්ෂාවට වැඩ සිටින්නේ තරුණ කැප්පෙටි හිමියනුයි. ඔහු  අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නාහිමියන්ගේ ගෝල නමක්.

මෙම ස්තූපය සතර දිසාවෙන්ම වනයෙන් වටවෙලා. මෙම වනගත වූ ප්‍රදේශයේ ගඩොලින් කල බෝධිඝරයක් දක්නට ලැබෙනවා. එම බෝධිඝරය අසල ශෛලමය ආසනයක් දක්නට ලැබෙනවා. මෙම ආසනය නිදන් හොරුන් අතින් හෝ ත්‍රස්තවාදීන් ගැසූ බෝම්බයකින් විනාශ වී ඇති බව කැප්පෙටි හිමි පවසනවා.

බෝධිඝරයට දකුණට වන්නට පුරාණ විහාර ගොඩනැගිලි පිහිටලා තිබෙනවා. මේවාද නිදන් සොරුන් මනාව ගවේශනය කර තිබෙන්නේ. නමුත් නටබුන් වූ ගල්කණු වැනිදෑ තවමත්  වනයට යටවී තිබෙනවා.

මෙම ස්තුපයට ආසන්නයට වෙන්නට කුඩා කඳු ගැටයක් තිබෙනවා. එය මත විශාල ස්තුපයක නටබුන් තිබෙනවා. මෙම ස්තුපය සම්පූර්ණයෙන්ම විනාශවෙලා. මෙම පර්වතයට නුදුරින් පුරාණ මසන් වැව වාරිකර්මාන්තය දැකගන්නට පුළුවන්. දැන් මෙහි ජලය රඳන්නේ නැහැ. මෙම ප්‍රදේශය LTTE ත්‍රස්තවාදීන් රජකරන සමයේ ඔවුන්ගේ ප්‍රධාන ගමන් මාර්ගයක් වැටී තිබුනේ මෙම වැව හරහා. ඔවුන් වාහන සඳහා වැව් කණ්ඩිය  කපා තිබෙන බව කැප්පෙටි හිමි පවසනවා.

ඔබත් නුදුරේදී ගිරිහඬු සෑය නැරඹීමට යනවනම් මසන්වැව රජමහා විහාරයටත් ගොඩවීමට අමතක කරන්න එපා. එහි වැඩ සිටින ස්වාමින් වහන්සේටත් එය ශක්තියක් වේවි.

සම්බන්ධ වෙනත් පිටු

කුච්චවේලි මසන්වැව රජමහා විහාරය නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුච්චවේලි මසන්වැව රජමහා විහාරය  නටබුන් රියදුරු දිශාවන්

කුච්චවේලි සිට  මසන්වැව රජමහා විහාරය නටබුන් දක්වා
හරහා :නිලාවේලි
මුළු දුර : කිලෝමීටර් 8
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : පැය 1 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com