කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.75 out of 5)
Loading...
Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
Image courtesy of Dr. Ashan Geeganage

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය හා ඒ අවට හමුවන නටඹුන් සහිත ප්‍රදේශය වර්ථමානයේ පිච්චමල් විහාරය යන නමින් හදුන්වනු ලබයි.

මෙම ස්ථානය මුහුදට ආසන්නයේ පිහිටිම නිසා සමුද්‍ර විහාරයන්ට අයත් එකක් විය හැකි බව වියතුන්ගේ මතයයි. පෙර රජ දවස කණිකාරවෙල්ලික විහාරය ලෙස හදුන්වා ඇති මෙම වෙහෙර ආශ්‍රීතව පවතින නටඹුන් දෙස බැලු කල මෙය අනුරාධපුර මුල් යුගයේ දියුණු ආරාමයක්ව පැවැති බව පෙනි යන්නේය.

බුදුමැදුරක හා සංඝාවාසයන්හි අත්තිවාරම් මෙම නටබුන් පරිශ්‍රයෙන් හමුවන අතර සංස්කෘතික බසින් ලියැවුණ ශිලා ලිපියක්ද හමුවේ එය සංස්කෘතික බසින් රචිත පළමු ශිලා ලිපිය බවට මතවාද ඇතත් මෙරටින් හමුවු පලමු සංස්කෘතික ශිලා ලිපිය මෙය බවට මහාචාර්‍ය සෙනරත් පරණවිතානයන් පවසයි. ක්‍රිස්තු වර්ෂ හය හෝ හත්වන සියවසෙහි මෙම ලිපිය ලියන්නට ඇති බව වියතුන්ගේ පිළිගැනීමයි.

මෙම කාලය තුල කුච්චවේලි ප්‍රදේශයේ බුදුසමය දිප්තිමත්ව පැවැති බවත් දෙස් විදෙස් දහස් ගණන් ජනයා මෙම ස්ථානය වන්දනා මාන කිරිමට නිතර නිතර පැමිණ ඇති බව වියතුන්ගේ අදහසයි. නැගෙනහිර වෙරළ තීරය පුරා ක්‍රිස්තු වර්ෂ හත හා අට වන සියවස් වල ලියන ලද සංස්කෘතික සෙල් ලිපි රැසක් හමුවන අතර ඇතැම් ඒවා මෙම විහාරය ඇතුළු අවට බොදු පුදබිම් වලින් හමුවීම තුලින් මෙම පුදබිම පෙර රජ දවස මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බව ගවේෂකයන්ගේ අදහසයි.

ථේරවාදය හා මහායානය වශයෙන් මෙන්ම මහා විහාරය හා අභයගිරිය වශයෙන් පලමු වරට මෙරට නිකාය භේදය ඇතිවු අනුරාධපුර යුගයේ වලගම්බා රජුගේ දෙවන අභිෂේක සමයේ මෙරට මහායාන බුදුදහම සදහා රාජ අනුග්‍රහය ලැබි තිබු බවත් අභයගිරි විහාරවාසි නිකායික භික්ෂුන් සංස්කෘතික භාෂාව මුල් කරගත් මහායානික අදහස් දැරූ පිරිසක් වු අතර මොවුන් දකුණු ඉන්දියාව සමග නිරන්තර සබදතා පවත්වනු ලැබීමත් එවකට දකුණු ඉන්දියාව සමග නාවික ගමනා ගමනය පිළිබදව වෙළද සබදතා පුල්මුඩේ වරාය කුච්චවේලි වරායන් ආශ්‍රීතව පැවැති බැවින් ඒවා ආශ්‍රීතව මෙම සමුද්දික භික්ෂු ආරාමය පිහිටවු බව සිතිය හැකිය.

සංස්කෘතික භාෂාව මුල් බැසගත් මහායාන දහම බල පැවැත්වු භික්ෂු ආරාම සංකීර්ණයක් මෙම ප්‍රදේශයේ එදා දක්නට තිබි ඇති බවත් මේවා සදහා රාජ්‍ය අනුග්‍රහයද ලැබි තිබු බව මෙම විහාරය හා ඒ ආශ්‍රීතව දක්නට ලැබෙන සංස්කෘතික සෙල් ලිපි ඇසුරින් හදුනාගත හැකිය.

රුවන් වැලි මහ සෑයට වන්දනා කිරිම සදහා දුටු ගැමුණු රජතුමාට පිච්ච මල් ගෙන ගියේ මෙම ප්‍රදේශයෙන් බවත් එම නිසා මෙම විහාරය පිච්චමලී විහාරය ලෙස හදුන්වා ඇති බව ජනප්‍රවාදයන්ට අනුව කියැවේ.

මෙම පුරාවිද්‍යා ස්ථානය අසම්පුර්ණ කැණීමකට ලක්වු ප්‍රදේශයක් බව එහි තිබෙන මෑත කාලින ගොඩනැගිලි දෙස බැලු කල පෙනි යයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1978. 11. 18 වන දින පලමුව මෙම ස්ථානයේ වැඩ ආරම්භ කරනු ලැබීය. මෙහි අවට භූමියේ කරණ ලද කැණීම් වලදි පිළිම ගෙවල් දෙකක නටඹුන්ද ඒ අවට ප්‍රාකාර බැම්මක්ද හමුවී ඇත. එම බැම්ම අසල ඇති තානායම් ගොඩනැගිල්ල 1984 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගනු ලැබීය.

මෙම ස්ථානයෙන් හමුවන එක් පිළිමගෙයක බැම්ම සදහා යාපනය අර්ධද්වීපයට ආවේණිකවු හුණුගල් යොදා ගෙන ඇති බව පෙනියයි. මෙම පිළිමගෙයට බටහිරින් පදනාගරයක් යැයි බොහෝ දුරට නිගමනය කල හැකි ගොඩනැගිල්ලක නටඹුන් හමුවිය. නටඹුන් වලට අයත් ගල් කණු කිහිපයක් කුච්චවේලි පොලිසිය පවතින භුමිය තුල දක්නට ලැබේ.

හුණු ගල්වලින් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල අසල පොලවේ කැනීම් කිරිමේදී මතුපිට පොලවෙන් අඩි හයක් පමණ ගැඹුරින් වැළලී තිබු බුදු පිළිමයක් හා සිරස් දෙකක් හමුව තිබේ. මෙම පිළිමය හිටි පිළිමයකි. කොණ්ඩයෙන් උඩ ශ්‍රීවයෙන් පහල කොටසය එහි සිවුරු රැල්ල මනාව නිරූපණය වේ. දකුණු අතෙහි කොටසක් දක්නට නැතත් එය කලාත්මක ප්‍රථිමා නිර්මාණයකි.

එම ස්ථානයෙන්ම මතු කරගත් ප්‍රථිමා ශීර්ෂ දෙකෙන් පළමු වැන්නෙහි කණ සහිත ශ්‍රීවයෙන් පතුරක් ගැලවි ගොසිනි. නාසය අගින් කැඩි තිබේ. ශිරෝජාල තරමක් විනාශ වි ඇතත් ඌර්ණ රෝම ලක්ෂණය සුරක්ෂිතව තිබේ. දෙවන ප්‍රථිමා ශිර්ෂය නාසය බොහෝ සෙයින් විනාශ වි තිබේ. ශිරෝජාල හා ඌර්ණ රෝම සළකුණ මුළුමණින්ම විනාශවි ඇත. මෙම ප්‍රථිමා කැබලි ඒ මේ අත විසිරි පොලව යට තිබි සොයා ගැණිනි. මෙම ප්‍රථිමා නිර්මාණ කලාව දෙස බැලු කල එය ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බව නිගමනය කල හැකි බව පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි.

එම පිළිම අසලින් රෝම කාසි කිහිපයක් හා වළං කැබලි කිහිපයක්ද සොයා ගැනීමට හැකිවිය. රෝම කාසි ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසට අයත් ඒවා බව කියැවේ. මෙම පිළිමය හා මෙයට ප්‍රථම 1950 වසරේදී සොයා ගත් පිළිමය නිර්මාණයෙන් එක හා සමාන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රථිමා නෙලා ඇති ආකාරය අධ්‍යයනය කිරිමේදි ඒවා ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බව සිතිය හැකිය.

නටබුන් සහිත බිම පුරා ගඩොලු හා ගල් කැබලි දක්නට ඇති අතර මතුකර ගත් ප්‍රාකාර බැම්ම ගඩොලු භාවිතයෙන් කර ඇති බව පෙනි යයි. මෙහි ඇති ගොඩනැගිලිද එකම කාලයට අයත් වන අතර මෙම ස්ථානයෙන් කැණීම් කර මතුකරගත් සියලු දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙහි පවත්වාගෙන යන අබලන් කෞතුකාගාරයේ තබා ඇත. කැණිම් කර මතුකරගත් සියලු පුරා වස්තු අනාරක්ෂිතව මෙම ස්ථානයෙහි පවතින අතර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනිමට කෞතුකාගාරය අලුත්වැඩියා කිරිම වගකිව යුත්තන්ගේ යුතුකම වන්නේය.

සටහන : ලක්මාල් කේ. බදුගේ

සම්බන්ධ වෙනත් පිටු

කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය ගමන් මාර්ගය

ත්‍රිකුණාමලය (දුම්රිය ස්ථානය) සිට කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය දක්වා
හරහා :නිලාවේලි
මුළු දුර :කිලෝමීටර 33
ගතවන කාලය  : විනාඩි 45
ගතකල යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com