ගෝමරන්කඩවල මයිලවැව පුරාවිද්‍යා භූමිය (Gomarankadawala Mailawewa Archaeological Site)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මයිලවැව ග්‍රාම නිලධාරි වසමේ මයිල වැව වැව් ඉස්මත්තේ මෙම නටඹුන් සහිත දාගැබ පිහිටා ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කලකට පෙර සංරක්ෂණය කරනු ලැබු මෙම දා ගැබ ඉන් පසුව නිසි නඩත්තුවක් නොමැතිවිම නිසා වල්බිහිවි ගොස් සෑ ගර්භය තැන තැන පුපුරා ගොස් තිබේ. අගල් 156 ක් පමණ උසින් යුතු දාගැබෙහි උතුරු දෙසට වන්නට ගර්භය මැදින් කොටසක ගඩොලු ගැලවි තිබේ. අඩියක පමණ උසින් යුතු ගඩොලු වේදිකාවක් මත දාගැබ ඉදිකර ඇති අතර එය බුබ්බුලාකාර හැඩයක් ගනි.

දාගැබ වටා චතුරස්‍රාකාර ගඩොලු ප්‍රාකාරයකි. ප්‍රාකාරයේ උතුරින් තැන් කිහිපයක ගඩොලු ගැලවි ගොස් ඇත. දාගැබ හා ප්‍රාකාරය අතර මලුව පිහිටා තිබේ. මලුවට පිවිසිම සදහා දොරටුව අසල පියගැට පේලි තුනකි.

කවර කලෙක කවරෙකු විසින් ඉදිකරන ලද්දක්ද යන්න නොදන්නා මුත් දාගැබ සහිත මලුවට පිවිසෙන දොරටුවේ පියගැට පෙල අසල දකුණු පසට වන්නට ප්‍රාකාර බැම්මට හේත්තුවි ඇති දෙමළ බසින් ලියල ලද ටැම් ලිපියක් දක්නට ඇත. එය මෙතෙක් පරිවර්තනය කර ප්‍රකාශය‍ට පත්කර නොමැති බව එම්. ඒ. විමලසේනයන් රචිත සෙල් ලිපිවලින් හෙලිවන ශ්‍රී ලංකාවේ සමාජිය ඉතිහාසය කෘතියේ 9 වන පිටුවේ සදහන් වේ. මෙම ටැම් ලිපිය උසින් අගල් 54 ක් වන පළල අගල් 17 ක් වේ. මෙහි අක්ෂර පේලි 16 ක් දක්නට ලැබේ. අක්ෂර ඉතා පැහැදිලිව දක්නට ඇත.

දා ගැබට බටහිරින් දිගින් අගල් 47 ක් හා පලලින් අගල් 25 ක් වන ශෛලමය පුවරුවක් දක්නට ඇත. එහි වම් කෙලවර කොටසක් කැඩි ගොස් ඇත. තවත් අවශේෂ ශෛලමය කොටස් රැසක් හා කැඩි ගිය ශෛලමය කණු කොටස් කිහිපයක් දා ගැබට යාබදව රුකක් මුල දක්නට ලැබේ. ඊට මදක් ඔබ්බෙන් දාගැබේ යුපගල දක්නට ඇත. අගල් 88 ක් දිගින් යුත් එහෙත් කොටස් දෙකකට කැඩි ඇති යුපගලෙහි කොටස් දෙක එකම තැන වැටි තිබේ.

මෙම ස්ථානය මයිල වැව අංක දෙක පුරාවිද්යා වැඩබිම ලෙස දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවත් මෙම පුරාවිද්යා ස්ථානයේ පිහිටි දා ගැබ, දා ගැබ් ප්‍රාකාරයට හා දෙමල අක්ෂර සහිත ටැම් ලිපියට අමතරව දා ගැබට යාබදව පවතින පවතින ශෛලමය අවශේෂයන් ටැම්පිට විහාරයක නෂ්ඨාවශේෂයන් බව පුරාවිද්යා නිලධාරින් පවසයි.

සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎


මයිලවැව ස්තූපය සහිත මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් සංරක්ෂණය කොට ඇත්තේ වසර 1979 දීය. 1979 පුරාවිද්‍යා වාර්තාවේ මෙම ස්තූපය අඩි 25ක් පමණ උස බවත් එය නිදන්හොරුන්ගේ ග්‍රහණයට අසුවී නොමැති බවක් පෙනෙන්නට ඇති බවත් සටහන් කොට ඇත. මෙහි දකුණු පැත්තේ ගඩොල් බැම්ම අඩි 7.5ක් පමණ උසට හා අඩි 19ක් පළලට තිබී ඇත. ස්මාරකයේ බටහිර පැත්තේ පොලොන්නරුවේ වේලයිකාර සෙල්ලිපියේ ශෛලයට වෙනස්වූ පේළි 15 ක් අඩංගු අඩි 5½ ක් දිග ගල් පුවරුවක දෙමළ සෙල්ලිපියක් ඇත. මෙම ස්තුපයේ යූප කණුව අසල වැටී තිබී ඇත. ස්තුපයේ බටහිර දිශාවේ ගොඩනැගිල්ලක් පැවති අඩි 12ක් උසැති ශෛලමය කණු 20ක් හමුවී ඇත. ඒ අසල අඩි 3 අඟල්ග 11ක් දිග අඩි 2 අඟල් 1ක් පළල ශෛලමය මල් පූජාසනයක් හමුවී ඇත.

මයිලවැව පැරණි ස්තූපය 1984 වර්ෂයේ සිදුකළ කැණීම් මගින් සෙන්ටිමීටර් 5 ක් පමණ උසකින් යුතු සහ විෂ්කම්භය සෙන්ටි මීටර 4.3ක් වන රන් කරඬුවක් හමු විය. මෙම රන් කරඬුව තුළ අක්ෂර සහිත රන් සන්නසක් වූ අතර එය දිගින් සෙන්ටිමීටර් 12ක් සහ පළල සෙන්ටිමීටර් 2ක් පමණ වන අතර තුනී රන් තහඩුවකින් නිර්මාණය කර ඇත (Sumitta & Nanayakkara, 2022).

පෙළ –

  1. නමො තසස භගවතො අරහතො සමමා සම්බුධොහ
  2. ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුදධො විජජාචරණ
  3. සම්පනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිස දම්මසාරථි සතථා දෙවමනුසසානං බුදෙධා
    භගවාති.

අර්ථය – එම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුන් වහන්සේට නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන්
වහන්සේ මේ කරුණු නිසා අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු,
අනුත්තර පුරිස දම්මසාරති, සත්තා දේව මනුස්සා, බුද්ධෝ, භගවා නම් වන සේක (Sumitta & Nanayakkara, 2022).

මුලාශ්‍ර

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration report of the archaeological commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.17-19.
  • Sumitta, K. and Nanayakkara, R.K. (2022) ‘ශ‍්‍රී ලංකාවේ ධාතු කරඬු  ලිපි පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්’, භූපති :ශාස්ත්‍රීය සඟරාව , 1(1), pp. 37–57.
  • නැගෙනහිර උරුමයක අරුමය 

සම්බන්ධ වෙනත් පිටු

මයිලවැව පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මයිලවැව පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට මයිලවැව පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 50
ගතවන කාලය : පැය ½ –  1 
ගත කිරිය යුතු කාලය : පැය 1 ක් පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)