පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.75 out of 5)
Loading...
Archaeological Ruins of Puttalam Vanathavilluwa Malvila Rajamaha Viharaya - පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ  නටබුන්
Archaeological Ruins of Puttalam Vanathavilluwa Malvila Rajamaha Viharaya – පුත්තලම වනාතවිල්ලුව මල්විල රජමහා විහාරයේ නටබුන්

මල්විල රජමහා විහාරය පුත්තලම් දිස්ත්‍රික්කයේ වනතාවිලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කරඩිපුව (කරඩිපුවල්) ග්‍රාම නිලධරි කොට්ටාශයේ සාලියපුර හි පිහිටා ඇති අතර දුටුගැමුනු රජුගේ (ක්‍රි.පූ. 161-137) යුගය දක්වා දිව යයි. පුත්තලම – එළුවන්කුලම මාර්ගයේ කිලෝමීටර 13 ක් පමණ ගමන් කර කරදිපුව (කරදිපුවල්) වෙතින් දකුණට හැරී තවත් කිලෝමීටර 3 ක් නැගෙනහිර දෙසට ගමන් කල විට මෙම ස්ථානය හමුවේ.

මෙම පුරාවිද්‍යා ස්ථානය 1970 දශකයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇති අතර 1979 වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ සඳහන්වේ.

මෙම වාර්තාවට අනුව ස්තූප ගොඩැල්ල අඩි 35 ක් උසය. වට ප්‍රමාණය අඩි 300 කි. නිධන් හොරුන් ගොඩැල්ල මුදුනේ අඩි 3½ වළක් හාරා තිබුණි. එසේ නමුත් ධාතු ඝර්භය වෙත ලඟා වීමට ඔවුන් සමත් වී නැත. යූපගල අඩි 13 අඟල් 2 ක් උස සහ අඩි 4 ක් වටකුරු ය. කුළුණ අෂ්ටාස්‍ර හැඩයෙන් යුක්ත වන අතර ඉහළ කෙළවර වටකුරුව මධ්‍යයේදී දාර පේළි 8 ක් සම්බන්ධ වේ. එය ගොඩැල්ල මුදුනේ වැතිරී ඇති බව වාර්තාකොට ඇත.

පිළිම ගෙය ස්ථූපයට බටහිරින් පිහිටා ඇත. අඩි 9 ක් උස ගල් කණු 35 ක් ඒ වන විටත් තිරස්ව තිබී ඇත. බුදු පිළිමයක පාදම එය පිළිම ගෙයක් බවට සනාථ කරයි. ස්තූපය ආසන්නයේ වම් පසින් තවත් පිළිම ගෙයක් සොයාගෙන ඇති අතර, ගලින් කරන ලද හිඳි පිළිමයක පහළ කොටස සොයාගෙන ඇත.

මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇතත්, පසුගිය දෙමළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර 40 ක කාලය තුළ කිසිදු ආරක්ෂාවක් ලබා දී නොමැත. පුරාවිද්‍යාත්මක නටබුන් සඳහා ආරක්ෂාවක් නොමැතිකමෙන් නිධන් හොරුන් විසින් මෙම ස්ථානය නිරන්තරයෙන් නිදහසේ විනාශ කරනු ලබන බව 2020 දී පුවත්පත්හි වාර්තා විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙම භූමියේ 1979 දී සඳහන් කළ පුරාවස්තු 2 ට අමතරව ගල් කණු සහිත තවත් ගොඩනැගිලි 2 ක නටබුන්, බෝධිඝරය ලෙස හදුන්වන ගොඩනැගිල්ලක්, ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් සහ ගොඩනැගිලි ප්‍රවිශ්ඨයක් සේ සැලකිය හැකි සදකඩ පහන්, කොරවක් ගල් සහිත පිය ගැට  සංකීර්ණයක් ඇති බවය.

ප්‍රදේශයේ ප්‍රචලිත ජනප්‍රවාදයන්ට අනුව මෙම ආරාමය ඉදිකර ඇත්තේ දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ. 161-137) පුත් සාලිය කුමරු විසිනි. ඒ අනුව සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා ස්නානය කළ පොකුණේ නටබුන් අදටත් දැකිය හැකිය.

මල්විල රජමහා විහාරයේ පූජ්‍ය හන්තානේ පඤ්ඤාතිස්ස හිමියන්ට අනුව මෙම සංකීර්ණය අක්කර 100 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇතත් මෑත කාලයේ බොහෝ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර අක්කර 50 කටත් වඩා අඩු ප්‍රමාණයක් දැන් විහාරස්ථානයට ඉතිරිව ඇත.

2021 දී හන්තානේ පඤ්ඤාතිස්ස හිමිගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ නටබුන් නැවත පරීක්ෂා කර ඇති අතර මෙම ස්ථානය රජමහා විහාරය සමඟ සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇත.

ආශ්‍රිත

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration report of the archaeological commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.48.
  • Archaeology.gov.lk. 2021. Malwila Archaeology Reserve. [online] Available at: <http://www.archaeology.gov.lk/web/index.php?option=com_content&view=article&id=89:malwila-archaeology-reserve&catid=51:sites&Itemid=99&lang=en> [Accessed 5 June 2021].
  • කළු­ප­හන, ක., 2020. මල්විල පුද­බිම නිධන් හොරු ගිල ගනී ද?. [online] දිනමිණ. Available at: <https://www.dinamina.lk/2020/10/08/විශේෂාංග/105985/මල්විල-පුද%C2%ADබිම-නිධන්-හොරු-ගිල-ගනී-ද> [Accessed 5 June 2021].

සම්බන්ධ වෙනත් පිටු

වනාතවිල්ලුව මල්විල රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වනාතවිල්ලුව මල්විල රජමහා විහාරය ගමන් මාර්ගය

පුත්තලම සිට වනාතවිල්ලුව මල්විල රජමහා විහාරය දක්වා
හරහා :මන්නාරම මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 18
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com