වැලිමඩ මොරගොල්ල අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ සිට කිලෝමීටර 2 ½ක් මොරගොල්ල මාර්ගයේ ගමන් කලවිට මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් (Malwatte  Valley Plantations) මගින් පාලනය වන ඩවුන්සයිඩ් වතුයාය (Downside Estate) තුල මෙම අම්බලම මොරගොල්ල මාර්ගය පසකට වන්නට දැක ගන්නට පුළුවන්.

මොරගොල්ල අම්බලම ප්‍රමාණයෙන් කුඩා අම්බලමක්. මෙය සාදා තිබෙන්නේ ගඩොල් හා බදාමයෙන්. දොරටුව ඇති දිශාව හැර අන් පැති  තුනම සම්පූර්ණයෙන් බිත්තියෙන් වසා තිබෙනවා. වහලය පළ දෙකකට සදා සිංහල උළු යොදා ආවරණය කර තිබෙනවා.

ඇතුලත පිටුපස පිල උස්ව හා දෙපස පිල් ඊට සාපේක්ෂව උසින් අඩුව සාදා තිබෙනවා. කුල භේදය තදින් තිබූ නුවර යුගයේ අම්බලම් බොහොමයක වෙනස් උසින් පිල් සෑදීම දැකගත හැකි අතර තේ වතුයායක් මැද තිබෙන අම්බලමකද මෙම ලක්ෂණය දැකගත හැකිවීම විශේෂත්වයක්.

වසර 2015දී ගන්නා ලද ඉහත ඡායාරූපයට අනුව මෙම අම්බලමේ වහලය දිරාපත් වී කඩාවැටී ඇති අයුරු දැකගන්න පුළුවන්.  පසුකාලයක මෙම අම්බලම ප්‍රතිසංස්කරණය කර වහල ගැල්වනයිස්‌ රැලි තහඩු (ටකරං  තහඩු) යොදා ආවරණය කර තිබෙනවා.  (පහල ඡායාරූපය බලන්න)

සම්බන්ධ වෙනත් පිටු

වැලිමඩ මොරගොල්ල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැලිමඩ මොරගොල්ල අම්බලම රියදුරු දිශාවන්

වැලිමඩ සිට මොරගොල්ල අම්බලම දක්වා
හරහා : මොරගොල්ල පාර
මුළු දුර :කිලෝමීටර 2.5
ගතවන කාලය  : විනාඩි 10
ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply