යාපනයේ මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Ruins of Church of Our Lady of Angels in Myliddy - Jaffna 1971
Ruins of Church of Our Lady of Angels in Myliddy – Jaffna 1971 (source: LEWCOCK, Ronald; SANSONI, Barbara; SENANAYAKE, Laky. The Architecture of an Island: The living heritage of Sri Lanka)

16 වන සහ 17 වන සියවස් වලදී, ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ විශාල ලෙස කතෝලික ධර්මය වැළඳ ගත්හ. මෙම පරිවර්තනය සමගින් ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් පිහිටි මන්නාරම දූපතේ සහ යාපනය ප්‍රදේශයන්හි මුහුදුබඩ සිට අභ්‍යන්තරය දක්වා පල්ලි ජාලයක් ගොඩ නැගිණි. 1543 දී බුවනෙකාබාහු රජු (1521-1551) ලිස්බන් වෙත රාජ්‍ය නියෝජිතයින් යැවීමෙන් පසු 1543 දී ෆ්‍රැන්සිස්කන්වරු කෝට්ටේ රාජධානියේ පදිංචි වී දිවයිනේ වැසියන් ආගමට හරවා ගැනීමේ මුල් අදියර ආරම්භ විය. 1619 දී පෘතුගීසින් යාපනය යටත් කරගැනීමත් සමග මිෂනාරිවරුන් යාපනයේද වේගයකින් ව්‍යාප්ත විය.

1644 වන විට යාපනය අර්ධද්වීපයේ රෝමානු කතෝලික සභාවට අයත් පල්ලි 12 ක් තිබූ අතර ඉන් මයිලිඩිහි දේව දූතයන්ගේ දේවස්ථානය විය. ලන්දේසි ජාතික පිලිපස් බෝල්ඩියස් පියතුමා මයිලඩ්ඩි පල්ලිය පිළිබඳව 1672දී මෙසේ වාර්තා කරයි.

මයිලඩ්ඩි පල්ලිය තෙලිප්පලේ සිට පැයකට කාලක් පමණ දුරින් වේ. මෙහි පාසැල් ළමුන් 750 ක්, සියල්ලන්ම එක් ගුරුවරයෙකු විසින් උගන්වනු ලබන අතර, තෙලිප්පලේ දෙදෙනාට වඩා වැඩ තිබේ. මෙම පල්ලියේ සාමාජිකයන් ප්‍රමාණය 1500 හෝ 1600 කි. පල්ලිය විශාලය, ගලින් සාදා ඇත. එයට අයත් නිවස ඉතා උස් ය, එහි මුදුනේ බැල්කනියක් ඇත. පල්ලියට මුහුදු වෙරළේ සිට සැතපුම් භාගයකට වඩා දුරක් නොමැත. මෙහි නොයෙක් මාළු වර්ග, කකුළුවන්, හාවුන් සහ කුරුල්ලන්ගෙන් ගහනය.

මයිලිඩි යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ධීවර ගම්මානයකි.මෙහි ධීවර බෝට්ටු සඳහා වෙන්වූ වරායක් තිබේ. 1971 ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම පල්ලිය නටබුන් වී ඇති බිත්ති පමණක් ඉතිරිව ඇති බවයි. කෙසේ වෙතත් මෙම පල්ලිය පසුකාලීනව නැවත ගොඩනඟා ඇති අතර දෙමළ කොටි ත්‍රස්තවාදීන් රජයේ හමුදා සමඟ යුද්ධ කළ 30 වසරක කාලය තුළ නැවත විනාශ වී ඇත. 2009 දී ත්‍රස්තවාදීන් තීරණාත්මක ලෙස පරාජය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා හමුදා 2010 දී වන වැදී තිබූ පල්ලි භූමිය පවිත්‍ර කොට, වසර 12 කට පසුව 2000 කට අධික පිරිසක් සහභාගී වෙමින් දිව්‍ය පුජාවක් පැවැත්වීය. මෙම පල්ලිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

First service held after 12 years in 2010 on the ruins of Portuguese Church of Our Lady of Angels in Myliddy - Jaffna
First service held after 12 years in 2010 on the ruins of Portuguese Church of Our Lady of Angels in Myliddy – Jaffna
Church of Our Lady of Angels in Myliddy 1671
Church of Our Lady of Angels in Myliddy 1671
source : A true and exact description of the most celebrated East-India coasts of Malabar and Coromandel and also of the Isle of Ceylon.

මුලාශ්‍ර

  1. Baldaeus, P., 1672. ‘A true and exact description of the most celebrated East-India coasts of Malabar and Coromandel and also of the Isle of Ceylon. 1st ed. Amsterdam: Janssonius van Waasberge en van Someren.
  2. Jayasinghe, S., Santos, J. and Carita, H., 2019. REMAINS OF DARK DAYS – The Architectural Heritage of Oratorian Missionary Churches in Sri Lanka. 1st ed. LISBON,: Artis Press.

සම්බන්ධ වෙනත් පිටු

මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන් ගමන් මාර්ගය

යාපනය සිට මයිලඩ්ඩි පෘතුගීසි පල්ලියේ නටබුන් දක්වා
හරහා :කන්කසන්තුරේ
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply