මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

මන්නාරම බලකොටුවේ සිට තලෙයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 12 ක් ගමන් කොට නාරාපාඩු මංසන්ධියෙන් දකුණට හැරී එම වැලි පාර දිගේ කිලෝමීටර 1.4 ක් ගිය තැන තැනිතලා භූමියේ අහස්කුස දෙසට යොමුවූ මෙම විශාල කුළුන දැකගත හැක.

වසර 1658–1796 අතරතුර වූ ඕලන්ද පාලන සමයේ මෙම ස්මාරකය මුර කපොල්ලක් ලෙස ගොඩනඟා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.  දිගින් හා පළලින් මීටර 4½ ක ප්‍රමාණයේ සමචතුරස්‍රාකාර පාදමක් මත ගොඩ නංවා ඇති මෙම කෝණාකාර කුළුණේ උස මීටර් දහයක් පමණ වේ.  ගොඩනැගිල්ල සාදා ඇත්තේ ගඩොල් සහ කොරල් ගල් උපයෝගී කරගෙනය.  කුළුනේ ඉහළම කොටස කොරල් වලින් නිමවා ඇත.

කුළුන ආරම්භයේදී විෂ්කම්භය මීටර හතරක් පමණ වන අතර ඉහලට යනවිට විෂ්කම්භය  ක්‍රමයෙන් කුඩා වන ආකාරයට මෙම කුලුන ගොඩනගා ඇත.

කුළුනට ඇතුළුවීමට ඊශාන දිශාවෙන් ආරුක්කු හැඩයෙන් යුත් දොරටුවක් සාදා ඇත. අවට නිරීක්ෂණය සඳහා පාදමේ සිට මීටර් හතරක් පමණ උසින් බටහිර දෙසට විවෘත වූ කවුළුවක්ද කුළුණ ශීර්ෂයේ තව  කවුළුවක් ද ස්ථාපනය කර තිබේ.

කුළුණ ඉහලට නැගීම සඳහා කුළුණ ඇතුලින් සර්පිලාකාර පියගැටපෙළක් සාදා ඇත.  මුල් පියගැටයන්හි ප්‍රමාණය සෙන්ටිමීටර 28×29 වන අතර ඉහලට යාමේදී  එහි විශාලත්වය ක්‍රමයෙන් අඩුවේ. මෙම පියගැටපෙල මුදුනට මීටර දෙකක් පමණ පහළින් අවසන් වේ.  අවසාන  මීටර 2 නැගීම සිදු කළේ කෙසේද යන්න හඳුනාගැනීමට හැකි පැහැදිලි සාධකයක් නොමැත.  කුලුනේ මුදුනට සතර දිසාවම හොඳින් දර්ශනය වේ.

මෙම කුළුණ අසල තරමක් විශාල කණුවක් සිටවීමට භාවිතා කල පාදම් ගලක අවශේෂ දැකිය හැක. හුනුගලින් කරවා ඇති මෙහි සෙන්ටිමීටර 55 ක විශ්කම්භයක් තිබේ.  එහි ඇතුළත සිදුර සෙන්ටිමීටර 15×15 ප්‍රමාණයෙන්  හා සෙන්ටිමීටර් 10ක් ගැඹුර ලෙස සාදා ඇත.

මෙමකුළුන  2013 අගෝස්තු 16 වන දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ආශ්‍රිත මුලාශ්‍ර

  • අසංග, එම්. වී. පී. කේ. and නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1st ed. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, pp.72-73.

/heri

මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන රියදුරු දිශාවන්

මන්නාරම සිට නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන දක්වා
හරහා : තලෙයිමන්නාරම පාර
මුළු දුර : කිලෝමීටර් 13.4
ගතවන කාලය : විනාඩි 25
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply