වන මැද සැඟවුණු තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම (Thalapathkulama Wewa Naga Nagini Rock Carving)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

අනුරාධපුර-හොරොව්පතාන, පරංගි වාඩිය ප්‍රදේශයේ උතුරු මැද-නැගෙනහිර පළාත් මායිම ආසන්නයේ පිහිටි තලපත්කුලම වැව අනුරාධපුර වාරි තාක්ෂණය මැනවින් විදහා දක්වන්නකි.

අනුරාධපුර-හොරොව්පතාන මාර්ගයේ හල්මිල්ලෑව හන්දියෙන් හැරී ඉතා දුෂ්කර මාර්ගයක ටැක්ටර් රථයකින් පැය ඒක හමාරක් පමණ ගමන් කොට පැය 2ක් පමණ දිය අගල් කීපයක් පසුකර පා ගමනින් ලඟා විය යුතුයි.

මෙහි දක්නට ලැබෙන සුවිශේෂීම පුරාවස්තුව ලෙස වැවට ඉහත්තෑවේ ගලේ කොටා අැති ‍ නයි පෙන හත සහිත නාග නාගනී රෑපයයි. මෙය පැරණි වැවක හැඳින්වීමේ සලකුණුයි.ඒසේම ඉතා හෙඳ තත්වයේ බිසෝ කොටුවක් හා දැකුම් මණ්ඩපයක ලක්ෂණ සහිත ගොඩනැගිල්ලක් දක්නට ලැබේ.

පන්සල්වැව, අලිවැව, ඉහළ කුරුඳුවැව, පහළ කුරුඳුවැව, කුඔුක්වැව, රම්බාවැව, මොරගොඩවැව ඇතුලත් ගංගා පද්ධතියේ ප්‍රධාන වැවක් ලෙස තලපත්කුලම වැව හැඳින්විය හැක.

සටහන : ‎Kapila Senadheera‎

සම්බන්ධ වෙනත් පිටු

තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම රියදුරු දිශාවන්

අනුරාධපුර සිට තලපත්කුලම වැව නයි පෙණ හත සහිත නාග නාගනී ගල් කැටයම දක්වා
හරහා : මිහින්තලාව – කහටගස්දිගිලිය
මුළු දුර : කිලෝමීටර් 63
ගතවන කාලය : පැය 2-3 අතර 
ගත කිරිය යුතු කාලය : පැය  1-2 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply