යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.25 out of 5)
Loading...
Verakkadu Buddhist Ruins in Jaffna - යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්
Verakkadu Buddhist Ruins in Jaffna – යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

වසර 1922 දී යාපනයේ සේවයකල මිෂනාරිවරයෙකු වූ එස්. ඥාන ප්‍රකාසර් පියතුමා යාපනයේ අර්ධද්වීපයේ ‘වේරක්-කඩු’ නම් ප්‍රදේශයේ බෞද්ධ ආරාමයක් වියහැකි නටබුන් වූ ස්ථානයක් පිළිබඳව සටහනක් තබා තිබේ. පසුව මෙම ස්ථානය පී. රගුපති විසින් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ සඳහන් කොට තිබේ. වාසනාවකට මෙන් ඔහු මෙය නිවැරදිව ස්ථානගත කිරීම සඳහා මෙම ස්ථානයේ අක්ෂාංශ / දේශාංශ (9°41’20.0″N 80°11’55.0″E) දක්වා ඇත.

1922 දී එස්. ඥාන ප්‍රකාසර් විසින් රචිත “Some Ruins in Jaffna (යාපනයේ සමහර නටබුන්) ලිපියේ ඔහු මෙම ස්ථානය මෙසේ විස්තර කරයි;

වේරක්-කඩු -— මන්තුවිල් හි වේරක්-කඩු ලෙස හැඳින්වෙන ස්ථානයේ විශාල නටබුන් ස්ථානයක් පිහිටා තිබේ. මෙම ස්ථානයට මන්තුවිල්-වරනයි මාර්ගයෙන් මෙම ස්ථානය වෙත වඩාත් පහසුවෙන් ළඟා විය හැකිය. ඔබ පළමු සැතපුම් කනුව අසලින් බැස විනාඩි දහයක් බස්නාහිර දිශාවට මුල්ම අඩි පාර ඔස්සේ ගමන්ඔ කලවිට කටු ලැහැබින් වටවූ විශාල වැලි ගොඩැල්ලක් හමුවෙනු ඇත. මෙය ‘කඩු‘ වනයක් ලෙස හඳුන්වන්නේ මෙබැවිනි. ‘වේරා’ යන නමින් පැහැදිලිවන්නේ මෙහි විහාරයක් (සිංහල භාෂාවෙන් වෙහෙර ලෙසද හැඳින්වේ) පැවති බවය. මෙහි ඊසානදිගින් ඇති තල් ගස් අරඹ හුදෙක් ‘වේරම්’ ලෙස හඳුන්වනු ලැබේ.

මෙම ගොඩැල්ල අක්කර දහයකට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය කර ඇති බව පෙනේ – මේවා රජයේ ඉඩම් වේ. මෙම නටබුන් ඉඩම මීට වඩා විශාල විය යුතුය. මෙහි යම් කොටස් පෞද්ගලික හිමිකරුවන්ට පවරා ඇති බවක් පෙනෙන්නට ඇති අතර ඊට අමතරව අනවසරයෙන් විශාල වශයෙන් ඉඩම් අත්පත් කර ගැනීමක් නිසැකවම සිදුවී ඇත. මෙහි ප්‍රධාන ලෙස ගොඩැලි 2ක් ඇත, එකක් නැගෙනහිරින් අඩි 25 ක් පමණ උසින් සහ බටහිරින් ඇති ගොඩැල්ල ඊට වඩා බොහෝ උස් වූ කේතුකාකාරස්වරුපයක් ගනී. මෙම ස්ථානය පිළිබඳව ජනප්‍රවාද මගින් මෙය බෞද්ධ දාගැබක් ලෙස හඳුනාගත හැක. ගැමියන් විසින් මෙම ගොඩැල්ල මුදුනේ ළිඳක රජවරුන් (හෝ බිසෝවරු) ඔවුන්ගේ වස්තු තැන්පත් කර ඇති බවත්, ‘භූත’ හෝ අවතාර අද දක්වාම එය ආරක්ෂා කරන බවත් ජනතාව විශ්වාස කරති. මගේ මඟ පෙන්වන්නා මට සහතික කළේ අඟහරුවාදා සහ සිකුරාදා රාත්‍රියේදී මෙම අවතාර විසින් මෙම වස්තුන් සුරක්‍ෂිතව තිබේයැයි බැලීමට සේප්පු විවෘත කරන බවත් එම එමගින් ඇතිවන ශබ්ද පැහැදිලිව ඇසෙන බවත් පැවසීය. එක් රාත්‍රියක මෙම අපූරු කටයුතු නැරඹීමට ඇති මගේ ආශාව මම ඇඟවුම් කළෙමි. නමුත් මගේ මඟ පෙන්වන්නා සිනාසෙමින් මෙසේ පැවසීය: “අනේ සර්, ඔබ වැනි අයට මේ සම්බන්ධය පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ විට එවැනි දේ සිදු නොවනු ඇත!

මෙම විශේෂිත පස් කන්ද කැණීම් කළහොත් නිසැකවම වැඩි විස්තර සොයා ගත හැක. වැස්සෙන් සේදුනු එහි බෑවුම්හි, මෙම කවාකාර ගල් බැම්මේ සුන්බුන් වූ ගල් මතු වී පෙනේ. නටබුන් පුරාම මිනිසුන් සක්කගල් මෙන්ම කොරල් ගල් ද හාරා ඇති අතර මෙය වසරින් වසර අඛණ්ඩව කරනා බව පෙනේ. හොඳින් කපන ලද කොරල් ගල් බැම්මේ පිටතද අභ්‍යන්තරය සක්කගලින් ද සාදා ඇත. අසල්වැසි ගම්මානයන්හි රා බොන්නන්ගෙන් මෙම කොරල් හුණු ගල් සඳහා කරුවන් අතර විශාල ඉල්ලුමක් ඇති අතර, ඔවුන්ගේ රා රසවත් කිරීම සඳහා එයින් විශිෂ්ට හුණු සාදයි.

මෙහි නැඟෙනහිර හා බටහිර පස් කඳු අතර අවපාතයක් ඇති අතර සමහර විට එය පැරණි වීථියක් හා ජල මාර්ගයක් විය හැක. මේ පිළිබඳව ඇති ජනප්‍රවාදය නම්, මෙහි මාළිගා තිබූ රජවරුන් හෝ බිසෝවරු කචේ දක්වා (සැතපුම් හතරක් හෝ පහක් ඈතින්) යා හැකි ඇළ මාර්ගයක් කපා දැමීමට පටන් ගෙන ඇති නමුත් එහි ජලය ඔවුන්ගේ යාත්‍රා පාවීමට ප්‍රමාණවත් නොවන බව තේරුම් ගෙන ඔවුන් මෙතැනින් ඉවත් වූ බවය.

වසර 1980 දී පී. රගුපති මහතා පවසන්නේ මෙම ප්‍රදේශය කටුපඳුරු වලින් ගහන උස් වැලි කඳු ඇති බවයි. වාර්තා කරන අවස්ථාවේදී මෙම ස්ථානයේ නව නිවාස යෝජනා ක්‍රමයක් ඉදිවෙමින් පවතින බවද ඔහු වාර්තා කරයි.

මෙම වාර්තාව දැන් අවුරුදු 40 ඉක්මවා ඇති අතර වසර 30 කට වැඩි කාලයක් පැවති දෙමළ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව මෙහි නටබුන් සොයා ගත හැකිද යන්න සැක සහිතය. කෙසේ වෙතත් අදාළ බලධාරීන් මෙවන් ස්ථාන පිළිබඳව පර්යේෂණ කර අනාගත පරම්පරාවන් සඳහා මෙම උරුමයන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.

ආශ්‍රිත

  • Rev. Fr. Gnana Prakasar, S., 1922. Some Ruins in Jaffna. Ceylon Antiquary and Literary Register, VII.
  • Ragupathy, P., 1987. Early settlements in Jaffna : An Archaeological Survey. 1st ed. Madras: Sudarsan Graphics.

සම්බන්ධ වෙනත් පිටු

යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාපනය වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන් ගමන් මාර්ගය

කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)
හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව
මුළු දුර : කිලෝමීටර් 400 km
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින්
මුළු දුර : කිලෝමීටර් 365
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
යාපනය නගරයේ සිට වේරක්කඩු බෞද්ධ පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා :චාවකච්චේරි
මුළු දුර : කිලෝමීටර් 25
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply