
මාවෙල වලගම්බා ලෙන් විහාරය (Mawela Walagamba Len Viharaya)
පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය හතර කෝරලේ ගල්බඩ කෝරලයේ ගන්නෑ (ගංනවය) පත්තුවට අයත් ය. මෙගම කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. මේ නිසා විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙනි.