වරකාගොඩ ප්‍රාදේශීය රාජධානිය
මහා වංශයේ සඳහන් පංචයෝජන රටිඨ නමින් හැඳින්වූ ඓතිහාසික ප්‍රදේශයෙන් භින්න වූ කොටසක් ලෙසට සැලකෙන පස් යොදුන් කෝරළය කෝටිටෙි රාජධානි සමයේදී දුර්ගම ස්ථානයක් ලෙසට අතිශයින් වැදගත් විය. පොළොන්නරු අවධියේදී මේ ප්‍රදේශයේ වගුරුවල ජලය බස්සවා හැර සංවර්ධනය වූවද පාලන ප්‍රදේශයක් වශයෙන් ශක්තිමත් වන්නේ කෝටිටෙි යූගයේදීය.
පූරාණ පස්යොදුන් කෝරළය නොහොත් වත්මන් කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොටසේ වරකාගොඩ වසමේ, වරකාගොඩ මංසන්දියෙන් ගී කියන කන්ද වතුයායට පිවිසෙන මාර්ගයේ මීටර් 100 ක් පමණ ගමන් කරන විට දකුණූ පසට බරව රජ මාළිගයක නටබූන් හමූවේ. මාළිගාවට යාබදව දළදා මාළිගයක අවශේෂ යැයි කිවහැකි ගොඩනැඟිල්ලක්ද හමූවේ. පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ ස්ථානය ආරක්ෂා කරලීමෙන් පසූව මාළිගා භූමියේ කැටයම් සහිත කුළුණූ අටක්ද දළදා මාළිගා ගොඩනැඟිල්ලේ කුළුණූ දාසයක් සහිත පදනම් දෙකක්ද දක්නට ඇත. අනෙකුත් කුළුණූ බිම පතිතව පවතී. වහළයට යොදා ගත් පෙති උළු රාශියක්ද මැටි කොත් කීපයක්ද සොයාගෙන තිබේ.
මෙම ස්ථානය දැනට විහාර භූමියක් බවට පරිවර්තනය වී තිබේ. මාළිගයට පිවිසීමට උතුරු දෙසින් දිසාගේවත්ත යැයි කියැවෙන භූමිය හරහා පඩිපෙළකි. පඩිපෙළ අවසන් වන්නේ වාහල්කඩ නොහොත් වලකඩහේන ප්‍රදේශයෙනි. පඩිපෙළ නැගීමේදී ගල් කුළක කොටන ලද සෙල් ලිපියක් හමූවේ. තව ස්වල්ප දුරක් ගමන් කරන විට කුඤ්ඤ ගසා පැලීමට සූදානම් කර ඇති ගල් කැබලිය. මාළිගයට පිවිසෙන තැන තිබූ සෙල්ලිපියක් කලකට ඉහත කඩා ගලවාගෙන ගොස් ඇත. වලකඩහේනට උතුරු පැත්තෙන් කුමාරගේ වත්තද නිරිත දෙසින් උයන් වත්ත ද හමූවේ. නැගෙනහිර දෙසින් රාජධානිය සීමා වන ප්‍රදේශය කෝටිටයා හේනයි.
මෙවැනි ඓතිහාසික පූරාවස්තු ඇතුළත් මේ ප්‍රදේශය අද එතරම් අවධානයක් සහිතව නොසැලකීමට හේතුව එය බස්නාහිර පළාතේ පැවතීම නිසා යැයි සිතිය හැකිය. නමූත් මේ මගින් අපගේ ඉතිහාසයට වැටෙන ආලෝකය ඉතා ප්‍රබලය. අවිචාරවත් සමයක් වූ ගම්පල, රයිගම අවධියේ ඓතිහාසික කරුණූ හෙළිදරව් කර ගැනීමට මේ ස්ථානය අතිශයින් වැදගත්ය.
දාහතර වැනි ශත වර්ෂයේ මැද භාගයේදී කුරුණෑගල, ගම්පලත් අතර රාජ්‍ය විචාළ සවූළු විජයබාහූ නොහොත් පස්වන විජයබාහූ රජූගේ එකොළොස් වැන්නේ දී කෑරගල පද්මාවතී පිරිවෙන කළා යැයි කෑරගල පවතින සෙල් ලිපියේ සඳහන් වේ. කාංචි නොහොත් වංචි පූරයෙන් පැමිණි අලගක්කෝනාර පරපූරේ දසවැනියා මේ පද්මාවතී දේවියගේ සහෝදරයා වෙයි. විහාරය තනවා ඇත්තේ වීර කේරළ රජූගේ (1336:1346) පූත්‍ර බොහනිසූරු මහන්තා නොහොත් දළ සෙන්ගමූ මිගන්තරු යැයි සඳහන්ය.
මේ දෙදෙනාට නිශ්ශංඛ අලකේශ්වරය, අර්ථනායකය, දේව මන්තී්‍රය යන පූතුන් තිදෙනෙකුද දියණියක් ද විය. ගම්පල රජකළ මෙහෙණවර තෙවැනි වික්‍රමබාහූ රජූගේ සොහොයූරිය වූ ජයසිරි බිසව සමග විවාහයට පත් මේ තිදෙන (එක ගෙයි කෑම) රයිගම හා කෝටිටෙි වාසය කරමින් ප්‍රභූරාජ සහ ප්‍රතිරාජ පදවියද අවසානයේ රාජ පදවියද දැරූ බව සඳහන් වේ.
පාණ්ඩව සම්ප්‍රදායට අනූව පොළොන්නරු අවධියේ පටන් සහෝදරියගේ පූත්‍රයාට රජකම හිමිවන යාන්ත්‍රණයක් ඇතිවී තිබිණි. ජයසිරි බිසව විවාහ කර ගැනීමටත් කිලිංකස්දා ලබැණි පරපූරේ ගම්පල පස්වන පරාක්‍රම බාහූගේ පූත්‍ර සූදසූන් මහලේනා කුමරු නිශ්ශංඛ අලකේශ්වර සොහොයූරිය විවාහ කර ගැනීමත් මේ සම්ප්‍රදායට එකඟය. ඒ අනූව රජකම තීන්දු විය.
සූදසූන් මහා ලේනාවන්ට වීරබාහූය, වීර අලකේශ්වරය, මලනිස්ථපතිය යන පූතුන් තිදෙනකුද දුවණියක්ද විය. ජයසිරි බිසවගේ දියණිය විවාහ කරගත්තේ වීර පරාක්‍රමබාහූ කුමරුයි. ඔහූ ගම්පල ප්‍රභූරාජ හැටියට පත්විය. තෙවන වික්‍රමබාහූ ගේ දියණිය සූනේත්‍රා වීරබාහූගේ සහෝදරයා වූ වීර අලකේශ්වර හා විවාහ විය. ඔහූ රයිගම මාණ්ඩලික රාජ්‍යය විචාළේය. වීරබාහූගේ ප්‍රත්‍රයා විජය ඈපා වෙයි. අස්ගිරි තල්පතේ සඳහන් වන පරිදි වීර අලකේශ්වර ස්වාධීන වන්නට උත්සාහ කරන කල්හි වීරබාහූ කුමරු ඔහූ පන්නා දමා දළදා සිතුමිණිරුවනද ගෙන කෝටිටෙිට පැමිණෙයි.
විජය ඈපා එවකට රයිගමට නූදුරින් පස්යොදුන් රට ආණ්ඩූ කිරීමට යොදවා තිබූණි යැයි සිතිය හැකිය. චෝල දේශයට පලාගිය වීර අලකේශ්වර සහ සූනේත්‍රා දෙවියන්ගේ පූත්‍ර පරාක්‍රම ඈපා කුමරු පසූකාලයේදී පැමිණි වීදාගම මහානායක හිමියන්ගේ ආශිර්වාදයෙන් කෝටිටෙි රජකමට පත්වන්නේ සියලුම මාණ්ඩලික රාජ්‍යය එක්සත් කොට සයවන පරාක්‍රමබාහූ නමිනි. කෑරගල දැනට තිබෙන සෙල් ලිපි දෙකම ඒ අවධියට අයත්ය.
කෑරගල පද්මාවතී පිරිවෙනද, වරකාගොඩ රජමාළිගයද කෑගල්ල දිස්ත්‍රික්කයේ අම්බූළුගල ශී්‍ර දන්ත පායද එකම යූගයක එකම ශිල්පියෙකු විසින් සාදවන ලද්දක් ලෙසට අපට කල්පනා කළ හැක්කේ ගෘහ නිර්මාණ ශිල්පයේ සමානතා හේතුවෙනි. මේ සමානතාවන්ද ඓතිහාසික කරුණූද සංසන්දනය කොට බලන කල්හි ඉතිහාසයේ හෙළි නොවූ කරුණූ කීපයක් ඉස්මතු වේ.
අම්බූළුගල පූරය ඉදිකිරීම සම්බන්ධව පළමූවරට සඳහන් වන්නේ ශක ව. 1254 (ක්‍රි.ව. 1332) තෙවැනි බූවනෙකබාහූ විසින් දෙන ලද අම්බූළුගල සන්නසේය. නමූත් සූප්‍රසිද්ධ ජනකවියෙක අම්බූළුගල ශී්‍ර දන්ත පාය ඉදිකිරීම ගැන සඳහන් වන්නේ මෙසේය.
සක වසින් එක් දහස් තුන්සිය
දෙසල්සලක් වසරේදී
නෙකසිරින් බෝරජනා අඹ
ඇවූළුගල්පූර තල සෙදී
ලකමෙතුන් රජ පැමිණි නරවර
තඹපතක් ලියවා පිදී
එකල කම් දත්නල්ල පෙරුමල් ඇදුරු
පණ්ඩිත නව සූදී
ඒ අනූව දන්ත පාය ඉදිකරන ලද්දේ ශක ව. 1342 දීය (ක්‍රි.ව. 1420) ඒ සයවන පරාක්‍රමබාහූ අවදියේ දීය.
කෑරගල සෙල්ලිපියෙහිද, ඒ ස්ථානයේ පවතින කැටයම් සහිත ගල් කණූද ඒ යූගයට අයත් වෙයි. ගම්පල වීරබාහූ රජූ කෝටිටෙි මහරජූව සිටි කාලවකවානූව 1396:1399 කාල වකවානූවයි. ඔහූගේ පූත්‍රයා වන විජය ඈපා කුමරු ඈපා පදවිය දරමින් 1399:1415 කාලයේදී වැජඹූණූ බව පැහැදිලියි. ජනප්‍රවාදයේ සඳහන් අන්දමට වීරබාහූ නම් ගම්පල රජූගේ දෙටූ පූත් විජයබාහූ නම් කුමරු උපරාජ කෙනෙක් වශයෙන් උඩරටින් සෙනග ගෙනෙමින් රයිගම් පූරයේ වසමින් රජ කෙනෙකුට අවශ්‍ය රජමාළිගා බලකොටූ අන්තංපූර භාණ්ඩාගාර ආදිය පිහිටූවාගෙන රයිගම් සහ පස්යොදුන්කෝරළ දෙක ආණ්ඩූ කළේය. මේ පැරණි අත්ලියවිල්ලක සඳහන් තොරතුරුය. මේ තොරතුරු සත්‍ය බව පසක් වන්නේ ගම්පලින් පැමිණි මූණසිංහ පරපූර අදත් පස්යොදුන් කෝරළයේ පදිංචිව සිටින බැවිනි. ඔවූන්ගේ පෙළපත ගම්පල රදළ ලේඛනයට අයත්ය.
වීරබාහූගේ සොහොයූරු වීරඅලකේශ්වර අර්ථනායක අලගක්කෝනාර ගේ සහ ජයසිරි බිසවගේ පූත්‍ර කුමාර අලකේශ්වරගේ ආධිපත්‍යයට අභියෝග කරමින් සිටි කාලය බැවින් ගම්පල කෝටිටෙි සහ රයිගම රාජ්‍යය තුනම සූරකෂිත කර ගැනීම අත්‍යවශ්‍ය විය. දළදා වහන්සේ ආරක්ෂාකෙර ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ අනූව විරබාහූ ගේ අතින් විජය ඈපා විසින් වරකාගොඩ (ගණේඋඩ) රජමාළිගය ද දළදා මාළිගයද සාදා ඇති බව කල්පනා කළ හැකිය. සතුරු උපද්‍රවයකදී ආරකෂා විය හැකි ලෙසට ඒ ප්‍රදේශය ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදියෙන් සමන්විත විය. රයිගම සිට ඉතා නූදුරු ප්‍රදේශයක තිබූ බැවින් කළු ගඟින් එතෙර වූ විගසම ආරක්ෂිත බළකොටූවට පැමිණිය හැකිවීම මෙහි විශේෂයක් විය.
මෙහි අදත් රජපිරිවරකට වාසය කළ හැකි වන පරිදි සැකසූ වටපිටාවක් ඇත. දිසාගේ වත්ත යනූ දිසාපතිවරයා විසූ ප්‍රදේශයයි. කුමාරගේ වත්ත යනූ කුමරුන් විසූ ප්‍රදේශයයි. උයන් වත්ත යනූ රජූගේ උයන පිහිටි ප්‍රදේශයයි. රජ මාළිගයට උතුරින් පත්තිනි දේවාලයක නටබූන් හමූවේ. එයටද එපිටින් විහාර ආරාම සංකීර්ණයයි. එහි පවතින ගරා වැටූණූ ස්තූපය මෙයට සාකෂි සපයයි.
රයිගම, ගම්පල, කෝටිටෙි යන රාජධානි තුනම එක් සෙමෙනි තබා රට එක් සේසත් කිරීමට වාසනාව ලැබූණේ සයවන පරාක්‍රම බාහූ රජූටයි. ඔහූ ක්‍රි.ව. 1412 දී කෝටිටෙි අගරජූ වශයෙන් පත්වූ විට ඔහූගේ බලය සෑම තැනකම ඇති කරන්නට කළ සටහන් මෙහිදීද අපට හමූවේ. වරකාගොඩ රජ මාළිගයට නගින පඩිපෙළ අතර මැදදී හමූවන සෙල්ලිපි පාඨය එයට සාකෂි සපයයි. රාජකීය මූද්‍රාව සහිතව එහි ශී්‍ර සඟබෝ ශී්‍ර යනූවෙන් සටහන්ව තිබේ. විරබාහූගේ මරණයෙන් පසූ ඔහූගේ පූත් විජය ඈපා වාසය කළ වරකාගොඩ රජමාළිගා භූමිය එලෙස කෝටිටෙිට යටත් රාජධානියක් බවට පත්වී තිබේ. මේ රජමාළිගය තැනූ ශිල්පියා විසින් කෑරගල පද්මාවතී පිරිවෙනේ වත්මන් ගල්කණූ කැටයම් සහිත ගොඩනැඟිල්ද අම්බූළුගල දන්ත පාය ගොඩනැඟිල්ලද තැනූ බව නිසැකය. වේපොළදෙණියේ නල්ල පෙරුමාල් පණ්ඩිත නම් ඉන්දියානූ ශිල්පියා මේ නිර්මාණ යන්හි ආචාර්යවරයා වශයෙන් සැලකිය හැකිය.
අම්බූළුගල ශී්‍ර දන්ත පාය වත්මන් විහාරය නූවර යූගයේ කරවන ලද්දක් වන අතර එහිදී කෝටිටෙි යූගයේ නටබූන් යොදා තනවන ලද අලංකාර ටැම්පිට විහාරයක් දක්නට ඇත. මෙහි පවතින උළු, ගල් කැටයම්ද, කෑරගල පවතින උළු ගල් කැටයම් ද, වරකාගොඩ පවතින උළුගල් කැටයම්ද අතර තිබෙන සමානතාව මේ ඉතිහාසය ගොඩ නැංවීමට බලවත් පිටිවහලක් බව කිව යූතුයි.
නටබුන් වූ වරකාගොඩ පැරණි පුදබිම
“වරකාගොඩ ප්‍රාදේශීය රාජධානිය” යන හිසින් මතුගම සෙනෙවි රුවන් විසින් 2009 මැයි 06 වන දින බදාදා අතිරේකයෙහි පළකරන ලද ලිපියෙහි සඳහන් ඓතිහාසික ස්‌ථානය පිළිබඳව පුරාවිද්‍යා ගවේෂකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මේ ලිපිය සැපයෙන බව සැලකුව මැනවි. ඉහත සඳහන් ඓතිහාසික පුදබිම පිහිටියේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ පස්‌යොදුන් රට (පංච යෝජන රට්‌ඨ) මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨශයේ වරකාගොඩ මංසන්ධිය ආසන්නයේ. කිසිවකුගේ අවධානයට යොමු නොවූ මෙම ඓතිහාසික පුද බිමේ පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම අරභයා මතුගම සෙනෙවිරුවන් විසින් සැකසුණු දීර්ඝ ලිපිය කාගේත් පැසසුමට ලක්‌විය යුතුයි. මා දන්නා පරිදි කළුතරට ආසන්න දියගම පිහිටි, බ්‍රාහ්මී අක්‌ෂරයෙන් ලියෑවුණු සෙල්ලිපිය හැරුණු විට පස් යොදුන් රට දැනට ශේෂව තිබෙන පුරා විද්‍යාත්මක වැදගත් ස්‌ථානය වරකාගොඩ පිහිටි මෙම නටබුන් ගොඩනැඟිලි සංකීර්ණය බව ප්‍රකාශ කළ හැක.
මෙහි එකිනෙකට ආසන්න වන පරිදි නිර්මිත ගොඩනැඟිලි දෙකක නටබුන් දක්‌නට ලැබේ. භූමියේ උසම ස්‌ථානයේ පිsහිටි ගොඩනැගිල්ල සරල බොරදමක් සහිතව ගඩොලින් නිමැවුණු තරමක් උස ආයත චතුරශ්‍රාකාර පදනමක් මත ගොඩනඟා ඇත. එම ගොඩනැඟිල්ලේ ගල්කණු තවමත් ශක්‌තිමත් ලෙස බිමට සවි වී ස්‌ථාවරව පවතී. ඒවා අනුරාධපුරයේ නටබුන් ගොඩනැඟිලිවල පිහිටි ගල්කණු තරම් උස මහතින් යුක්‌ත නැත. එකම ගල්කණුවේ පහත කොටස සිව් රැස්‌වද ඉහළ කොටස අටපට්‌ටම් ලෙසද නෙළා ඇත. කුළුණු හිස සරල පේකඩ ආකෘතියකින් නිමැවිණි. එම ගොඩනැඟිල්ලේ ගල්කණු පේළි දෙකකි. කණු දහසයකි. ගොඩනැඟිල්ලේ උතුරු අන්තයේ චතුරශ්‍රාකාර ආකෘතියට කණු හතර බැගින් දෙපැත්තේ සිටුවා ඇත. එම හතරැස් ආකෘති දෙක මැද කොටසේ ප්‍රතිමාවක් වැනි පූජනීය වස්‌තුවක් තැන්පත් කළ ඔප මට්‌ටම් ගල් පුවරුවක් වෙයි. මෙය බුදු මැඳුරක් හෝ දේවාලයක් විය හැකියයි අනුමාන කළ හැකිය.
ස්‌ථාවරවම පිහිටි ගල් කණු අටක් සහිත දෙවන නටබුන් ගොඩනැඟිල්ල භූමියේ පහත කොටසේ පිහිටියේය. එම ගල්කණුවල ඉතා චාම් ලෙස කැටයම් කළ විවිධ රූප සටහන් දක්‌නට තිබේ. කුළුණු හිස පියකරු ආකෘතියකින් මතුකර පෙන්වා ඇත. සෙනෙවිරුවන් මහතා මෙම ගොඩනැඟිල්ල රජ මාලිගයක් ලෙස හඳුන්වතත් මාලිගයක් එතරම් කුඩා විය හැකිදැයි ප්‍රශ්නයකි. ගල්කණු වැනි ස්‌ථාවර ද්‍රව්‍ය යොදා ගොඩනගන ලද්දේ ආගමික ගොඩනැඟිලි මිස ගිහියන්ගේ ප්‍රයෝජනය පිණිස සෑදුණු මාලිගා වැනි ගොඩනැඟිලි නොවන බව අනුරාධපුර, පොළොන්නරු නටබුන් පිරික්‌සීමෙන් පෙනේ. එම නටබුන් ගොඩනැඟිල්ල ඉදිරියෙන් වාහල්කඩක නටබුන්ද එයට පිවිසීමට ශෛලමය පිය ගැට පෙළක්‌ද තිබුණු බව, ශේෂව ඇති ගල්පඩි කීපයෙන්ද නටබුන් මුරගල සහිත කොරවක් ගලින්ද පැහැදිලි වෙයි. වාහල්කඩ ඉදිරිපස බෑවුqම් ප්‍රදේශයේ තවත් ගල්පඩි පසින් යටවී ඇති බව අවට නිවැසියෝ පවසති. එයින් පැහැදිලි වනුයේ මෙම පූජා භූමියට පිවිසෙන ගල්පඩි සහිත මාර්ගය වාහල්කඩ ඉදිරියෙන් බෑවුම දිගේ පහළට විහිදී තිබුණු බවයි. සෙල් ලිපියක් යෑයි සිතිය හැකි අක්‌ෂර සටහන් සහිත ගලක්‌ද, තැන තැන විසිරුණු ගල් කුළුණු කොටස්‌ද මේ පුදබිමේ දක්‌නට ඇත. මෙම ගොඩනැඟිලි සංකීර්ණය රයිගම හා ගම්පොළ හෝ කෝට්‌ටේ රාජධානි යුගයට අයත් යෑයි සිතිය හැක.
දැනට මෙම ඓතිහාසික භූමියේ අලුතෙන් විහාරස්‌ථානයක් ගොඩනැඟෙමින් පවතී. ඉදිවෙමින් පවතින නව විහාර මන්දිරයට පිවිසෙන පියගැට පෙළට පැරණි ගල්පඩි කීපයක් යොදා තිබෙනු දක්‌නට ලැබිණි. කැඩුණු ගල් කණුවක කොටසක් බිම සිටුවා ඒ මත පහන් පැලක් සවිකර තිබේ. මෙම ඓතිහාසික භූමියේ අලුතෙන් විහාරස්‌ථානයක් ගොඩනැඟීම පැරණි නටබුන් විනාශයට හේතුවක් වේද? මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‌ෂිතයක් නොකරන්නේ මන්ද යන ප්‍රශ්නයද ඇසිය යුතුව තිබේ.
මෙම ස්‌ථානයේ කැණීම් කළහොත් තවත් පුරා වස්‌තු මතු කර ගතහැකි වනවා පමණක් නොව ගොඩනැඟිලි සංකීර්ණය පිළිබඳ බොහෝ කරුණු අනාවරණය කර ගැනීමටද හැකි වනු ඇත. ඒ තුළින් මෙහි කාල වකවානුව, නිර්මාණකරු හා එවකට මේ ප්‍රදේශයේ පැවැති සෞභාග්‍ය තත්ත්වය ආදී කරුණු රැසක් එළිදරව් කර ගැනීමෙන් පස්‌යොදුන් රට ඉතිහාසයට නව ආලෝකයක් ලැබේ යෑයි සිතමි.