විශ්මිත ලංකා – දිවයින වටා දෘශ්‍යමය චාරිකාවක්

වෙබ් අඩවියේ සොයන්න

ශ්‍රී ලංකාවට වසර 2600 කටත් වැඩි ලේඛන ගත ඉතිහාසයක් ඇතත් එහි අවම වශයෙන් අවුරුදු 125,000 ක් තරම් ප්‍රාග්ඓතිහාසික මානව ජනාවාස තිබූ බවට සාධක ඇත. පුරාණ සේද මාවත කාලයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වාම ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ ගැඹුරු වරායන් ඉතා උපායමාර්ගික වැදගත්කමක් ලබා දිනි. ශ්‍රී ලංකාව තුල විවිධ ආගම්, ජනවාර්ගික හා භාෂා රාශියක් පවතී. මේ සිංහල, ශ්‍රී ලාංකික දෙමළ, මුවර්, ඉන්දියානු දෙමළ, බර්ගර්, මැලේ, කෆීර් සහ ආදිවාසී වැදි ජනයාගේ දේශයයි. ශ්‍රී ලංකාවේ අතීත බෞද්ධ උරුමයක් ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ ලේඛන වන පාලි ත්‍රිපිටකය ක්‍රිපූ 29 දී රැස්වූ සිව්වන බෞද්ධ සභාව දක්වා දිව යයි.

මෙම වෙබ් අඩවියේ පරමාර්ථය වනුයේ අපේ මුතුන් මිත්තන් සහ සොබාදහම විසින් අපට ලබා දී ඇති දේ පිළිබඳ ඇගයීම වර්ධනය කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ සියලු ආකර්ෂණීය ස්ථාන පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීමයි.
වසර 2600 ක් ආවරණය වන පරිදි ලියැවුණු ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව ලොව පැරැණිම සහ සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් පැවති දිවයිනකි.

ශ්‍රී ලාංකික සංස්කෘතිය බෞද්ධ දර්ශනයයෙන් පෝෂණය වී ඇති අතර එහි ශිෂ්ටාචාරය ගොඩනැගුනේ “වැවයි දාගබයි ගමයි පන්සලයි” යන තේමාව තුලය.

යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කැර තිබේ. මෙවන් කුඩා රටක ලෝක උරුම හතක් තිබීම ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයකි.
ශ්‍රී ලංකාවේ උරුමය (නව එක්කිරීම්)
[otw_is sidebar=otw-sidebar-1]
ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය සාපේක්ෂව කුඩා වුවද වෙනස් දේශගුණික තත්වයන් හා භූමි ලක්‍ෂණ නිසා පුළුල් පරිසර පද්ධති ව්‍යාප්තියක් දක්නට ලැ‍‍බෙන අතර එහි විශාල ශාක හා සත්ව විවිධත්යක් පවතී. ලංකාබේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්වතර හැඳින්විය හැක්කේ ලංකාවටම ආවේණික වු දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂත්වයන් මෙම වනාන්තරවල දැකිය හැකි බැවිනි. ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන ලෙස නම් කොට ඇති භූමි 34න් එකක් වීම වැදගත් කරුණකි.
ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ජෛවවිවිධත්ව ස්ථාන (නව එක්කිරීම්)
[otw_is sidebar=otw-sidebar-2]
ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය ගැන සලකා බැලීමේදී, ලොව විශාලතම දිය ඇලි ඝනත්වයක් ශ්‍රී ලංකාවේ ඇති බව පෙනේ. මීටර් 241 ක උසකින් යුතු බඹරකන්ද දියඇල්ලේ පටන් වර්ෂස්ථායි හා මෝසම්, නම්කොට ඇති සහ නම් කොට නොමැති දියඇලි 500කට ආසන්න ප්‍රමාණයක් මෙහි දත්ත ගත කොට තිබේ.
ශ්‍රී ලංකාවේ දියඇලි (නව එක්කිරීම්)
[otw_is sidebar=otw-sidebar-3]
නොකිලිටි මුහුදු වෙරලින් වටවූ නිදැල්ලේ සැරිසරන වනසතුන්ගෙන් පිරි ශශ්‍රීක වනාන්තරයන්ගෙන්, අලංකාර කඳු පන්තීන්ගෙන් ගහන, විචිත්‍ර භූදර්ශනයන්ගෙන් පිරි, සාගර තරම් විශාල වූ පෞරාණික වැව් සමග සැඟවුණු සොබාදහමින් පිරි ශ්‍රී ලංකා දිවයින පුරාණ ගවේශකයින් සැඟවුණු පරාදීසය, ඉන්දියානු සාගරයේ මුතු ඇටය වැනි නම් යොදා අගය කළහ. මුල්කාලයේ මෙම දිවයිනට බැසී මුස්ලිම් සහ ක්රිතියානි ආගමිකයන් ඔවුන් ප්‍රථම ආදම්ගේ උයන ඔවුන් අනාවරණය කලගත් බව විශ්වාස කළහ.
ශ්‍රී ලංකාවේ ආකර්ෂණ (නව එක්කිරීම්)
[otw_is sidebar=otw-sidebar-4]
ශී‍්‍ර ලංකාව පුරාණ ලෝකයේ බිසෝකොටුව තාක්‍ෂනය සොයා එය උපරිම ලෙස දියුණු කල එකම රට වේ. මේ තාක්‍ෂණය භාවිතයෙන් පුරාණ ලාංකිකයෝ සයුරු තරම් විශාල මහා වැව් ක්‍රිස්තු පූර්ව යුගයේ සිට සාදමින් කොට රට ශශ්‍රීකත්වය කරා ගොඩ නැගුහ. යුරෝපීයයන් විසින් මෙම තාක්ෂණය භාවිතා කොට වැව් තැනුවේ 20 වන සියවසේදීය. මෙම කාලය වන විට වැව් ජලයේ අතිවිශාල ජල පීඩනය පාලනය කිරීමට බිසෝකොටු යොදා ශ්‍රී ලංකාව විසින් වැව් 30,000 ක් පමණ ඉදි කොට තිබිණි.
ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත (නව එක්කිරීම්)
[otw_is sidebar=otw-sidebar-7]
ශ්‍රී ලංකා දිවයිනට ඉන්දියාවේ සිට පළමු ජනාවාස කරුවන් අවුරුදු මිලියනකට පමණ පෙර හෝ ඊටත් ප්‍රථමයෙන් පැමිණෙන්නට ඇත.

වසර 125,000 පමණ පෙර කාල වකවානුවට අයත් බූන්දලෙන් සොයාගත් සාක්‍ෂි වලින් ශ්‍රී ලංකාවේ ජනාවාසයන් අඩුම වශයෙන් එතරම් පැරණි බව පෙන්වයි. රට පුරා පැතිරී ඇති ප්‍රාග් ඓතිතිහාසික ජනාවාස සාක්ෂි සහිත ගල්ලෙන් බොහෝ සංඛ්‍යාවක් දැනටමත් සොයා ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය (නව එක්කිරීම්)
[otw_is sidebar=otw-sidebar-8]