මෙකල භාවිතා නොවූවත් නුවර රාජධානිය කාලයේ පුරාණ කඩුගන්නාව – ගම්පොල මාර්ගය වැටී තිබූ පාරේ තිබෙන අම්බලමකි වට්ටප්පොල අම්බලම. මෙම මාර්ගයට අනුබද්ධව තිබූ තවත් පුරාණ අම්බලමක් අඹගස්තැන්න කුරුකුට්ටල ප්‍රදේශයේ ද දක්නට ලැබෙනවා.
වට්ටප්පොල ග්‍රාමයේ තිබෙන මෙම අම්බලම 1918 දී නිම කරන ලද බව පැවසෙනවා. මෙම අම්බලම ගොඩ නංවා ඇත්තේ වට්ටප්පොල ඩිංගිරි බණ්ඩා වරකාවුල්ල නැමැති පුද්ගලයා බව අම්බලමේ සඳහන් වනවා.
මෙම අම්බලම සාදා ඇත්තේ කළුගල් කුට්ටි භාවිතා කරගනිමින්. මෙම අම්බලම සෑදූ පුද්ගලයාගේ ඥාතීන් විසින් සෑම වසරකදීම මෙම අම්බලම අලුත්වැඩියා කරනවා. වර්ථමානයේදී කළු ගල් මතින් සිමෙන්ති පිරියම් කළ හුණු ගා තිබෙනවා.
පහත ගූගල් සිතියමේ ලකුණු කර ඇත්තේ මෙම පිටවල අම්බලම පිහිටි දළ ප්‍රදේශය බව සළකන්න.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
උඩුනුවර වට්ටප්පොල අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
උඩුනුවර වට්ටප්පොල අම්බලම ගමන් දිශාවන්
ඉලුක්වත්ත සිට උඩුනුවර වට්ටප්පොල අම්බලම |
හරහා : අඹගස්තැන්න මාර්ගය මුළු දුර : කිලෝමීටර 3.5 ගතවන කාලය : විනාඩි 15 ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |