
පුරාණ පොළොන්නරු රාජධානියේ විෂ්ණු දේවාලය අංක 3 ලෙස හඳුනාගෙන ඇති කෝවිලේ නටබුන් පරාක්‍රම සමුද්‍රය ජලාශයට ආසන්නයේ ප්‍රධාන නටබුන් ඔබ්බට පිහිටා ඇත.
ක්‍රි.ව. 1017-1070 කාලය තුළ රාජධානියේ චෝළ ආක්‍රමණයන් සමග හින්දු දෙවියන් සඳහා කැපවූ කෝවිල් බොහොමයක් ස්ථාපිත විය. දශක කිහිපයක් තිස්සේ පොළොන්නරුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වූ අතර, මෙම කෝවිල් බොහොමයක් අගනුවර තුළම ආරම්භ කරන ලදී.
මෙම කෝවිල් ගණයට අයත් නටබුන් වූ ස්මාරක දහහතරක්වත් විසිවන සියවසේ පළමු දශකය තුළ බෙල් විසින් සොයා ගන්නා ලදී. මෑත කාලීන කැණීම්වලදී ආලාහන පරිවේන සංකීර්ණයේ එකක් ඇතුළු තවත් එක් ගඩොලින් තැනූ දේවාලයක් හමුවී ඇත. පොළොන්නරු රාජධානියේ බිඳවැටීම සනිටුවන්ක කල කාලිංග මාඝ යටතේ තවත් ආක්‍රමණ රැල්ලක් ඇති වූ දහතුන්වන සියවසේදී මෙම කෝවිල් වලින් සමහරක් ආරම්භ වූවා විය හැකිය.
අංක 3 විෂ්ණු දේවාලය සම්පූර්ණයෙන්ම ගඩොලින් තැනූ නිර්මාණයකි. මෙම කෝවිලේ අත්තිවාරම පමණක් සංරක්ෂණය කර ඇත. මෙම නටබුන් ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා තිබුණද ඒවාට ප්‍රවේශ වීම පහසු නැත. නගරයට එන ජලාශයට එන වන අලි නවතාලීම සඳහා නටඹුන් හා මාර්ගය වෙන් කරමින් මෙම මාර්ගය දිගේ විදුලි වැටක් දිවෙයි.
පුරාණ පොළොන්නරුව රාජධානියේ සොයා ගත් හින්දු සිද්ධස්ථාන
- ශිව කෝවිල අංක 1
- ශිව කෝවිල අංක 2
- ශිව කෝවිල අංක 3
- ශිව කෝවිල අංක 4
- ශිව කෝවිල අංක 5 (නයිපෙන විහාරය)
- ශිව කෝවිල අංක 7
- විෂ්ණු කෝවිල අංක 2
- විෂ්ණු කෝවිල අංක 3
- විෂ්ණු කෝවිල අංක 4 (නයිපෙන විහාරය)
- ගනේෂ් කෝවිල
සම්බන්ධ වෙනත් පිටු
පොලොන්නරුව රාජධානියේ විෂ්ණු දේවාලය අංක 3 සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පොලොන්නරුව රාජධානියේ විෂ්ණු දේවාලය අංක 3 ගමන් මාර්ගය
නූතන පොළොන්නරුව නගරය නව නගරය ලෙස ද හඳුන්වනු ලබන අතර පොළොන්නරුවේ අනෙක් කොටස පොළොන්නරුව රාජධානියේ රාජකීය පුරාණ නගරය ලෙස පවතී .
කොළඹ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය | මහනුවර සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය |
හරහා : මධ්‍යම අධිවේගී මාර්ගය – කුරුණෑගල – දඹුල්ල දුර : 226 km ගමන් කාලය : පැය 4.45 රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න | හරහා : මාතලේ – දඹුල්ල – හබරණ දුර : කිලෝමීටර් 145 ගමන් කාලය : පැය 3.0 රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියම් බලන්න |
අනුරාධපුරයේ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය | මඩකලපුවේ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය |
හරහා : මරදන්කඩවල – හබරණ දුර : කිලෝමීටර 105 ගමන් කාලය : පැය 2 රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න | හරහා : චෙන්කලඩි – වාලච්චේන දුර : කිලෝමීටර් 100 ගමන් කාලය : පැය 1.5 රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |