
ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය තූළින් බහුල ලෙස වාර්තා වී තිබෙන මෙගලිතික සුසාන වර්ගය ලෙස ශිලා මංජුසා සුසාන පෙන්වාදිය හැකි ය. මෙම වර්ගයේ සුසාන යාපන අර්ධද්වීපය, උතුරු මැද, වයඔ, අග්නිදිග හා නැගෙනහිර හා දකුණු පලාත යන පලාත් තුළින් වාර්තා වී තිබේ. ශිලා මංජුසා සුසාන ඉදිකිරීම සඳහා ශිලා පුවරු භාවිත කර තිබෙන අතර ඒවා තරමක් විශාල හා කුඩා ප‍්‍රමාණවලින් ද යුක්ත වේ. සිරස් අතට සිටුවන ලද ශිලා පුවරු හතරක් පෙට්ටික් ලෙස සකස් කර මෙම සුසාන ඉදිකර තිබේ.
මියගිය පුද්ගලයින්ගේ භෂ්මාවශේෂ සමග ඒ පුද්ගලයින් භාවිතා කල භාණ්ඩ, පබළු, හී ඉස් හා වෙනත් ආයුධ කොටස් මැටි බඳුන්වල දමා ශිලා පුවරු මැද පස් යටකර ඒ ගල් පුවරුවකින් වැසීම මෙහි සාමාන්‍ය ක්‍රමයයි.
ශ‍්‍රී ලංකාවේ ශිලා මංජුසා සුසාන වැඩිම ප‍්‍රමාණයක් දැනට වාර්තා වන්නේ මල්වතු ඔය, යාන් ඔය, කිරිදි ඔය දැදුරු ඔය ආදී ගංගා නිම්න ආශ‍්‍රිත ව ය. ඒ අතරින් යාන්ඔය මධ්‍ය නිම්නයේ වර්ග කිලෝමීටර් 1400 භූ වපසරිය තුළ වැඩිම ප‍්‍රමාණයක් මෙගලිතික සුසාන ස්ථානගත වී තිබේ. එම නිම්නයේ පමණක් මෙගලිතික සුසාන ස්ථාන 29 ක් පමණ පවතින වන බව මේ වන විට වාර්තාකර තිබේ (මැන්දිස් 2017:105). යාන් ඔය නිම්නය ආශ‍්‍රිත ව පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් මුළු සුසාන ප‍්‍රමාණය 32 වේ. ඒ අතරින් මධ්‍ය යාන් ඔය නිම්නයේ සුසාන ස්ථානගත ව ඇති ස්ථාන ලෙස තම්මැන්නාගොඩැල්ල, ගල්ඇදකටුව, කල්පෙ, ගුරුගල්හින්න, එගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, කොක්එබේ, පන්වත්ත, පඩරැුල්ලාව, දිවුල්වැව, රබෑව, මල්පෝරුවල, කිරිමැටියාව, ඕලූවැව, නෙතුගොල්ලව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, මාවතවැව, මරදන්මඩුව, පරංගියාවාඩිය දික්වැව, ඇතාබැදිවැව, පන්කැටියාව, කැටිවැව , ආදී ස්ථාන පෙන්වාදිය හැකි ය.
ගුරුගල්හින්න සුසාන භූමිය මුලිම්ම සොයාගෙන පරීක්‍ෂා කරන ලද්දේ 1896 දී ආර්. ඩබ්ලිව්. අයිවර්ස් (R. W. Ievers) විසින්. 1970 දශකයේ දී පුරාචිද්‍යා දෙපාර්තුමේන්තුවේ රාජා දසිල්වා විසින් ගුරුගල්හින්න ආශි‍්‍රත ව කැණීම් සිදු කර තිබෙන අතර එම සුසානය විද්‍යාත්මක ලෙස කාලනීර්ණය කර නොමැත. නමුත් එහි තිබෙන පූවරුවට අනුව මෙම සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව 7 වන සියවස හා ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස අතර භාවිතා කර ඇති බව සඳහන් වේ. මෙම ප්‍රදේශයේ මෙවන් සොහොන් 100ක් පමණ තිබෙන්නට ඇති බව පුරාවිද්‍යා පුවරුවේ සඳහන් වේ.
ගුරුගල්හින්න සුසාන භූමිය තිබෙන්නේ අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයට යාබදවයි. හල්මිල්ලාව හංදිය පසුකර කිලෝමීටර් 1.5 ගියවිට සුසාන භූමියේ පූවරුව මාර්ගයේ අසල දැකගත හැකියි.
මූලාශ්‍ර
- ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම – ඩී. තුසිත මැන්දිස්, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
සම්බන්ධ වෙනත් පිටු
- ශ‍්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය
- ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
/ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය සිතියම
The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites
Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.
ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය රියදුරු දිශාවන්
අනුරාධපුර සිට ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය |
හරහා :මිහින්තලේ – කහටගස්දිගිලිය – හල්මිල්ලෑව මුළු දුර : කිලෝමීටර් 42 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 10 – 20 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |