ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (5 votes, average: 3.20 out of 5)

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය තූළින් බහුල ලෙස වාර්තා වී තිබෙන මෙගලිතික සුසාන වර්ගය ලෙස ශිලා මංජුසා සුසාන පෙන්වාදිය හැකි ය. මෙම වර්ගයේ සුසාන යාපන අර්ධද්වීපය, උතුරු මැද, වයඔ, අග්නිදිග හා නැගෙනහිර හා දකුණු පලාත යන පලාත් තුළින් වාර්තා වී තිබේ. ශිලා මංජුසා සුසාන ඉදිකිරීම සඳහා ශිලා පුවරු භාවිත කර තිබෙන අතර ඒවා තරමක් විශාල හා කුඩා ප‍්‍රමාණවලින් ද යුක්ත වේ. සිරස් අතට සිටුවන ලද ශිලා පුවරු හතරක් පෙට්ටික් ලෙස සකස් කර මෙම සුසාන ඉදිකර තිබේ.

⚙️ [Google Ad 01 -SI]

මියගිය පුද්ගලයින්ගේ භෂ්මාවශේෂ  සමග ඒ පුද්ගලයින් භාවිතා කල භාණ්ඩ, පබළු, හී ඉස් හා වෙනත් ආයුධ කොටස් මැටි බඳුන්වල දමා ශිලා පුවරු මැද පස් යටකර ඒ ගල් පුවරුවකින් වැසීම මෙහි සාමාන්‍ය ක්‍රමයයි.

ශ‍්‍රී ලංකාවේ ශිලා මංජුසා සුසාන වැඩිම ප‍්‍රමාණයක් දැනට වාර්තා වන්නේ මල්වතු ඔය, යාන් ඔය, කිරිදි ඔය දැදුරු ඔය ආදී ගංගා නිම්න ආශ‍්‍රිත ව ය. ඒ අතරින් යාන්ඔය මධ්‍ය නිම්නයේ වර්ග කිලෝමීටර් 1400 භූ වපසරිය තුළ වැඩිම ප‍්‍රමාණයක් මෙගලිතික සුසාන ස්ථානගත වී තිබේ. එම නිම්නයේ පමණක් මෙගලිතික සුසාන ස්ථාන 29 ක් පමණ පවතින වන බව මේ වන විට වාර්තාකර තිබේ (මැන්දිස් 2017:105). යාන් ඔය නිම්නය ආශ‍්‍රිත ව පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් මුළු සුසාන ප‍්‍රමාණය 32 වේ. ඒ අතරින් මධ්‍ය යාන් ඔය නිම්නයේ සුසාන ස්ථානගත ව ඇති ස්ථාන ලෙස තම්මැන්නාගොඩැල්ල, ගල්ඇදකටුව, කල්පෙ, ගුරුගල්හින්න, එගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, කොක්එබේ, පන්වත්ත, පඩරැුල්ලාව, දිවුල්වැව, රබෑව, මල්පෝරුවල, කිරිමැටියාව, ඕලූවැව, නෙතුගොල්ලව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, මාවතවැව, මරදන්මඩුව, පරංගියාවාඩිය දික්වැව, ඇතාබැදිවැව, පන්කැටියාව, කැටිවැව , ආදී ස්ථාන පෙන්වාදිය හැකි ය.

ගුරුගල්හින්න සුසාන භූමිය මුලිම්ම සොයාගෙන පරීක්‍ෂා කරන ලද්දේ 1896 දී  ආර්. ඩබ්ලිව්. අයිවර්ස් (R. W. Ievers) විසින්.  1970 දශකයේ දී පුරාචිද්‍යා  දෙපාර්තුමේන්තුවේ රාජා දසිල්වා විසින් ගුරුගල්හින්න ආශි‍්‍රත ව කැණීම් සිදු කර තිබෙන අතර එම සුසානය විද්‍යාත්මක ලෙස කාලනීර්ණය කර නොමැත. නමුත් එහි තිබෙන පූවරුවට අනුව මෙම සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව 7 වන සියවස හා ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස අතර භාවිතා කර ඇති බව සඳහන් වේ. මෙම ප්‍රදේශයේ මෙවන් සොහොන් 100ක් පමණ තිබෙන්නට ඇති බව පුරාවිද්‍යා පුවරුවේ සඳහන් වේ.

ගුරුගල්හින්න සුසාන භූමිය තිබෙන්නේ අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයට යාබදවයි. හල්මිල්ලාව හංදිය  පසුකර කිලෝමීටර් 1.5 ගියවිට සුසාන භූමියේ පූවරුව මාර්ගයේ අසල දැකගත හැකියි.

මූලාශ්‍ර

  • Mendis, D.T. (2018) ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම’, නැණස : විමර්ශිත පර්යේෂණ ශාස්ත්‍රීය සංග්‍රහය , 2(15), pp. 126–137.

සම්බන්ධ වෙනත් පිටු

ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය රියදුරු දිශාවන්

අනුරාධපුර සිට ගුරුගල්හින්න මෙගලිතික සුසාන භූමිය
හරහා :මිහින්තලේ – කහටගස්දිගිලිය – හල්මිල්ලෑව
මුළු දුර : කිලෝමීටර් 42
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 10 – 20
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply