වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාලය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (6 votes, average: 3.50 out of 5)
Loading...

ශ්‍රී ලංකාවේ වලගම්බා රාජ සමයේ සහ ගජබා රාජ සමයේ පත්තිනි දේවිය මෙරටට වැඩම වූ බව ඉතිහාස ගත පුරා වෘත්තවල සඳහන්වේ .එකල ගමනාගමනය සිදුව ඇත්තේ පාගමනින්ය. එවන් මාර්ග වල තනන ලද නවාතැන්පල හෙවත් අම්බලම් තාමත් තැනින් තැන දැකිය හැකිය.

ක්‍රි.ව.112-109 වංක නාථ තිස්ස රාජ සමයේ මෙරට සොළී ආක්‍රමණයෙන් කරිකාලන් නමැති රජු සිහලුන් 12000 ක් ද ඉන්දියාවට රැගෙන ගිය බව සඳහන්ය. ක්‍රි.ව.112-135 රාජ සමයේ ගජබා රජු තම පුරවැසියන්ගේ දුක සැප සොයා බැලීමට රහසිගතව වෙස් වලා රාත්‍රියට රාජධානිය පුරා ඇවිද යාම සිරිතක් විය.එසේ යද්දී නිවෙසක කාන්තාවකගේ අදෝනාව අසා සොළීන් ගෙන් ඊට වාඩුව ගන්නෙමැයි සිතා ඉන්දියාවට ගොස් ලංකාවේ වැසියන් 12000 ට අමතරව එරටින් ද 12000 ක් රැගෙන ආ බව සඳහන්ය.

එසේ පැමිණි සොළින් සමඟ පත්තිනි සළඹ ද රැගෙන ආ බව සඳහන් වේ. ඔවුන් අනුරාධපුර සිට බටහිරට පැමිණ ඇත්තේ කුරුණෑගල-නාරම්මල-දඹදෙණිය- රෑනගල හරහා අලව්වට ය.

එසේ එනවිට නාරම්මල -වදාකඩ-රෑනගල-පඹදෙණිය-අලව්ව පරමාඋල්ල-ගල්වාරම-මොරුගම යත්තල්ගොඩ අම්බලන්වල නවාතැන් ගත්බව සඳහන්ය.මෙසේ පැමිණි සොලීන් යත්තල්ගොඩ සිට කුඹුක් ගසකින් ඔරුවක් තනා මා ඔය දිගේ පහළට ගමන් කරමින් සිටින විට අඳුරු වැටී එන මොහොතක මාඔය අසවූ ගල්තලාවක් දැක නතර වීඇත.

පිරිස පයින් ගමන් කරන්නන් සමඟ එක්වී රාත්‍රි අහර පිස කා බී නින්දට ගොස් ඇත්තේ පත්තිනි රන් සලඹ සහිත ගමන් මල්ල කඩුම්බේරිය ගසේ අත්තක රඳවමිනි. රාත්‍රි කාලය වනවිට එම ගසට නොයෙක් මාදිලියේ ආලෝක ධාරා ගලා එන්නට වී ඇත . මොවුන් පුදුමයට පත්වී බලා සිට පසුදා ගමන් ඇරඹීමට සූදානම් වූ විට සළඹ ගන්නට නොහැකි වී ඇත. පසුව කෙටේරියකින් ගස කපා ගසට ඇලී තිබුණ සළඹ ගෙන අසල ගල් ලෙනෙහි තැම්පත් කරන ලදී. එසේ කරන ලද්දේ ඔවුන්ට රාත්‍රියේදී සුදු ඇඳගත් අයෙක් පැමිණ සළඹ රැගෙන නොයා තැම්පත් කරන ලෙස අණ කිරීමක ප්‍රතිඵලයකිනි.එසේ තැම්පත් කල ස්ථානය කෙටේ අත්ත නමින් නම් කළද එය අද කෙටේ වත්ත නමින් ප්‍රසිද්ධය.නමුත් මෙම ගම් පියස මදුරු පිටිය වන අතර කෙටේ වත්ත කියනු ලබන්නේ දේවාලයට පමණෙකි.

මෙතැන් සිට මෙය දේවාලයක් ලෙස දියුණු කර ඇත. විශාල වත්තක කෙළවර දේවාල ඉඩම පිහිටා ඇත. ප්‍රධාන දේවාලය ඉදිකර ඇත්තේ ටැම්පිට විහාරයක ස්වරූපයෙනි. මෙම දේවාල ඉතිහාසය දඹදෙණි රාජධානිය යුගය දක්වා දිවෙන අතර ටැම්පිට දේවාලය මෙරට කුඩාම දේවාලය ලෙස සැලකේ.

ටැම්පිට විහාරය යනු සාමාන්‍යයෙන් අඩි 3-4ක් උස ගල් කුට්ටි ගණනාවක් මත රඳන ලද ලී වේදිකාවක් මත ඉදිකරන ලද ව්‍යුහයකි. වහලය දැව වලින් සාදන ලද ව්‍යුහයකින් රඳවා ඇති අතර බිත්ති සාමාන්‍යයෙන් වරිච්චියෙන් සාදා ඇත. මෙම ටැම්පිට දේවාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ඇත.

මෙම දේවාලය පිහිටා ඇත්තේ මහඔය වංගුවෙන් නිපදවන ගැඹුරු ගංගා මායිමක් වන “වක්කලම” (වක්කලම) අසලය. වක්කලම ආශි‍්‍රතව ඇලි කිඹුලෙකු ජීවත් වන බවත් ඌ දේවාලය පසු කරන සෑම විටම පාවෙන හෝ උඩු යටිකුරු වී පාවෙන බවත් පැවසේ.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

  • සිරිසේන (2017) වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි දේවාලය, Dinamina.com. Available at: https://archives1.dinamina.lk/2017/11/17/විශේෂාංග/44461/වඳුරුපිටිය-කෙටේවත්ත-සත්පත්තිනි-දේවාලය (Accessed: 09 October 2023).

සම්බන්ධ වෙනත් පිටු

වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාලය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාලය ගමන් මාර්ගය

පස්යාල සිට වඳුරුපිටිය කැටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාලය දක්වා මාර්ගය
නමුත් : මීරිගම – මාදුරුපිටිය
දුර : 16 km
ගමන් කාලය : විනාඩි 30
ගත කිරීමට කාලය : විනාඩි 20-30
රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
 

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply