කුලහීනයන් ශ්‍රී පාද වන්දනා කල ආඬියාමළ තැන්න වැලි මළුව

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (10 votes, average: 3.50 out of 5)

අඹගමුව සෙල්ලිපිය පළමුවන විජයබාහු රජුගේ (1070-1110) 36 වැනි වර්ෂයේදී කරවන ලද්දකි. මෙය අඩි 12 අඟල් 3 x අඩි 9 අඟල් 3 ක් සහ අනෙක් අඩි 9 අඟල් 4 x අඩි 9 අඟල් 7 ප්‍රමාණයෙන් යුත් ගල්කුළු 2ක කැටයම් කර ඇත.

පළමුවන විජයබාහු රජු විසින් ද්‍රවිඩ ආක්‍රමණික හමුදාවන් පරාජය කර රට එකම පාලනයක් යටතට ගෙන ඒම මෙම සෙල්ලිපිවල විස්තර කෙරෙන අතර, රජු විසින් ජනතාවට කරන ලද මෙහෙවර සහ ශ්‍රී පාද වන්දනාකරුවන්ට සහ ශ්‍රී පාදයට කරන ලද පරිත්‍යාග ද විස්තර කෙරේ.

⚙️ [Google Ad 01 -SI]

මෙම විශාල සෙල්ලිපියේ, ශ්‍රී පාද සටහන ඇති ඉහළ මළුවට පහළින් රජු විසින් තවත් මළුවක් ඉදිකර ඇති බවත්, කුලහීනයන්ට ශ්‍රී පාද වන්දනා කිරීමට එසේ පහසුකම් සලසා දුන් බවත් සෙල්ලිපියේ කොටසක් සඳහන් කරයි. මෙම සෙල්ලිපියට අනුව කුලහීනයන්ට ශ්‍රී පාද මළුවට පැමිණීමට අවස්ථාව නොලැබූ අතර ඔවුන්ට පහත් මළුවක සිට වන්දනා කිරීමට සිදු විය. පූජ්‍ය ඤාණවිමල හිමියෝ (1942 දී) ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ කාලයේ පවා සැඩොල් කුලයේ ජනයා ඇහැළ කණුවට පැමිණ තම පඬුරු ඉහළ මළුවට යවා ඇහැළ කණුවේ සිට ශ්‍රී පාදය වැඳ පුදා ගැනීම සිදු කළ බවයි . ඔවුන් ඉහළට යන්නේ නම්, ඒ සඳහා අවාරයේ ආරම්භයේ ඇති ඉතා නිශ්චිත කාලසීමාවකදී පමණි. මෙය පුරාණ චාරිත්‍රයක ශේෂයක් විය හැක.

ශ්‍රී පාද කඳු මුදුනට මීටර් 600ක් පමණ පහළින් අද අම්බලමක් තිබෙන ආඬියාමළ තැන්න නම් පෙදෙසක් ඇත. තම පියා මරා දැමීමෙන් පසු සීතාවක රාජසිංහ රජු (1581-1591) හින්දු භක්තිකයෙකු බවට පත් වූ අතර ශ්‍රී පාදය ආඬි නොහොත් සන්නාසි නම් වූ හින්දු පූජකවරුන්ට භාර දෙන ලදී . කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) විසින් එය ආපසු ගෙන බෞද්ධ භික්ෂුන්ට නැවත භාර දෙන තෙක් ඔවුන් දළ වශයෙන් වසර 155 ක් පමණ මෙම ස්ථානය කළමනාකරණය කළහ. ශ්‍රී පාදයේ එක් ප්‍රධාන ආඬියෙකු මියගියස්ථානය ආඬියාමළ තැන්න බවට පත් වූ බව කියනු ලැබේ (රතනපාල, 2016).

මෙම ආඬියාමළ තැන්න වැලි මළුව ලෙසද හඳුන්වන බව ඥානවිමල හිමියෝ සඳහන් කරති. මෙම අඩවියෙන් ශ්‍රී පාද ශිඛරය පැහැදිලිව දිස්වේ. එබැවින් පළමුවන විජයබාහු රජු (1070-1110) විසින් කුලහීනයන් සඳහා ඉදිකරන ලදමළුව මෙම ආඬියමල තැන්න හෙවත් වැලි මළුව බව විශ්වාස කෙරේ.

ආශ්‍රිත

  1. Gnanawimala, K. (1942) සපරගමූවේ පැරණි ලියවිලි . Colombo, Sri Lanka: Kirielle J. M. Samarakoon Bandara.
  2. Rathanapala, K. (2016) ශ්‍රී පාදස්ථානයේ වතගොත . Yakkala, Sri Lanka: Karametiye Rathanapala thero (self-publication).

සම්බන්ධ වෙනත් පිටු

ශ්‍රී පාද කන්දේ ආඬියාමළ තැන්න වැලි මළුව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ශ්‍රී පාද කන්දේ ආඬියාමළ තැන්න වැලි මළුව ගමන් මාර්ගය

කොළඹ සිට ශ්‍රී පාදය දක්වා මාර්ගය (එරත්න අඩි පාර දක්වා)
හරහා : කඩුවෙල – අවිස්සාවේල්ල – ගිනිගත්හේන – නල්ලතන්නිය
දුර : කිලෝමීටර් 140
ගමන් කාලය : පැය 4 යි.
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply