මාගල්ල වැව මහසෙන් රජු (276-303 A D) විසින් ඉදිකරන ලද ජලාශ දහසයකින් එකක් (මහදාරගල්ල වැව ලෙස හැදින්වූ) ලෙස සැලකේ. එය I වන පරාක්‍රම බාහු (1153-1186 A D) සමයේදී අලුත්වැඩියා කර පසුව රිදී බැඳි ඇල්ල ලෙස හඳුනාගෙන ඇති දැදුරු ඔයෙන් ඇරඹි පෝෂක ඇළ මාර්ගයෙන් වැඩි දියුණු කරන ලද බව මහාවංශය සටහන් කරයි. මහා පරාක්‍රමබාහු යුවරාජ වශයෙන් රටේ දකුණු ප්‍රදේශයේ රජ කළ විට දැදුරුඔය හරහා අමුණු 5ක් ඉදිකළ බවත්, ඉන් සූකර නිජ්ජ නමින් වූ අමුණ මගින් මාගල්ල ජලාශයට ජලය හරවා යැවූ බවත් සඳහන් වේ. ඉදිකිරීම් කල පෙදරේරුවන්ට රිදී කාසිවලින් වැටුප් ගෙවූ බැවින් එය රිදී බැඳි ඇල්ල නම් වූ බව බව චූලවංශයේ සඳහන් වේ.
පඩුවස්දෙව් විත්ති උපුටා දක්වමින් ඇතැමුන් විශ්වාස කරන්නේ ක්‍රි.පූ. 540 දී පමණ ඉන්දියාවෙන් පැමිණි දණ්ඩ ශාක්‍ය කුමරුන් විසින් මාගල්ල වැව ඉදිකරන ලද බවත් එය මහසෙන් රජුගේ (276-303 A D) පාලන සමයේදී තවත් පුළුල් වූ බවත්ය.
ආණ්ඩුකාර හෙන්රි වෝඩ් 1855 සහ 1857 යන වසර වලදී ඔහුගේ ක්ෂේත්‍ර චාරිකා වලදී මාගල්ල ජලාශයට ගොස් එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇත. තමා සමඟ කතා කිරීමට ගම් ප්‍රධානියා සහ ගම්වාසීන් ද පැමිණි බවත්, එබැවින් ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමේ කිසිදු දුෂ්කරතාවයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, “ මේ ප්‍රදේශයේ එක් විශාල වාසියක් වන්නේ බහුල ජනගහනයක් සිටීම වන අතර මෙය ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකවීමට අවශ්‍ය එක් අංගයකි. දිවයිනේ වල් බිහි වී ඇති බොහෝ අනෙකුත් ජලාශ සඳහාද එම කරුණ අතවශ්‍යයි.”.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් දුන් පොරොන්දු මත රජයට වැඩි විශ්වාසයක් තැබිය නොහැකි වූ බැවින්, ප්‍රතිසංස්කරණය යථාර්ථයක් වූයේ 1873 දී පමණි.
1943-1955 කාලයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ඉපැරණි රිදී බැඳි ඇළ ප්‍රතිසංස්කරණය කර මාගල්ල වැව පුරාණ යුගයේ දී මෙන් ම සශ්‍රික වීමට අවශ්‍ය පහසුකම් සලසා දුනි. රිදී බැඳි ඇල්ල හරහා ජලය හරවා යැවීමට දැදුරු ඔය හරහා ඇති අමුණ නවීන ඉංජිනේරුවන් විසින් තෝරාගෙන ඇත්තේ රජසමයේ ඉදිකළ අමුණට වඩා කි මි 03 ක් පහලින් වූ ස්ථානයකි. මෙම නව පිවිසුම් ඇළ ශ්‍රී මාගුල් වැව, හල්මිල්ල, තෝරපිටිය, කුඹුක් වැව , කටගමුව, හා ඇලවක යන වැව් පෝෂණය කරමින් මාගල්ල වෙත ලගා වන්නේ කි.මි 20.4 ක් ගෙවා දමමිනි.
මාගල්ල ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 1835 දී තාක්ෂණික ශක්‍යතා සහ සමීක්ෂණ සිදු කළ රාජකීය ඉංජිනේරු කපිතාන් චාල්ස් සිම් මහතා ජලාශයේ තත්ත්වය, ප්‍රදේශවාසීන් සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ තාක්ෂණික යෝජනාව පිළිබඳ 1857 මාර්තු 12 දිනැති “Upon tank of Nicoverettia” නමින් වූ.මනා වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර පහත දැක්වෙන නිරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.
“කෙසේ වෙතත්, මෙම වගා බිම් අස්වද්දා බොහෝ කාලයක් ගත වී ඇත, බොහෝ විට කුඹුරු වසා ඇති කැළෑව ඉවත් කර නැවත වී බීජ පිළිගැනීමට සුදුසු තත්ත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගතවනු ඇත. ……
මෙම යෝජනා ක්‍රමය සඳහාවූ ඇස්තමේන්තුව තව දුරටත් අඩු කිරීමෙන් රජයේ අවශ්‍යතා ඉටු කරන අතරම, ප්‍රජාවගේ සුභසාදනය සලසන වැව ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රධානතම අරමුණ බව ඒත්තු ගැන්වීම ස්වදේශිකයාගේ වෙහෙස නිවීමට උත්තේජනයක් වනු නොඅනුමානය.
උඩරැටියන් හා ස්වදේශික ජනතාව අපගේ විශිෂ්ට කර්මාන්ත වන මාර්ග ඉදි කිරීම සහ පොදු වැඩ දෙස ප්‍රශංසාවෙන් බලා සිටින අතරම, සෑම දෙයකදීම අපගේ දක්ෂතාවය සහ බලය පිළිගත්තද, වැව් හා ඇළවේලි පිළිබඳ අපගේ මැදිහත්වීම පිලිබඳ මෙතෙක් සැලකුවේ උදාසීන හා හැගීම් විරහිත ස්වභාවයෙනි. සෑම කන්නයකම බහුල ලෙස වර්ෂාව ලැබෙන රටකට (බ්‍රිතාන්‍යය ) හුරුපුරුදු අපට , අනාගතය සඳහා ප්‍රතිපාදන ලෙස වැව්වල ජලය ගබඩා කිරීම පිළිබඳ අදහස, ඇත්ත වශයෙන්ම සලකා බැලුවහොත්, ප්‍රමුකතාවයෙන් ද්විතියික වැදගත්කමක් උසුලයි. නමුත් ස්වදේශික ජනතාවට, ඒ සියල්ල (වැව් හා ඇළවේලි )- ඔවුන්ගේ සෞඛ්‍යය, ධනය, සුවපහසුව, ශිෂ්ටාචාරය ආදී සියල්ලයි.
පුරාණ කාලයේ මාගල්ලවැවෙහි විශාල බැමි සෑදීමේදී සැමගේ සහාය ලබා ඇති බව පෙන්නුම් කරන ලද අතර, වර්තමානයේ එය දැනටමත්, ස්වේච්ඡා ශ්‍රමය පිරිනැමීමෙන් සමාන අවශ්‍යතා පෙන්නුම් කරයි. එබැවින් වැව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ තමන් විසින් ගොඩනඟා ඇති බලාපොරොත්තුව ගැන Nicovertia හි වැසියන් කිසියම් අත්වැරදීමකින් කලකිරීමට පත් වුවහොත් එය කණගාටුවට කරුණක් වනු ඇත..”
ජලය සැපයිය හැකි ප්‍රදේශය, පෝෂක ඇල, ජලාශයේ වපසරිය, බිසෝ කොටු හා වාන් පිළිබඳ ඔහු තවදුරටත් විස්තර කරයි.
“එහි හැඩය අක්‍රමවත් ය, දිගු ප්‍රදේශයක් දක්වා විහිදේ. වැව පූර්ණ තත්වයක තිබූ විට යටවන ප්‍රදේශය, පරිපූර්ණ තත්වයක තිබූ විට, අක්කර 286 ක් පමණ වන්නට ඇති බව කැලෑ මායිම් වලින් පෙනේ. මෙම වාර්තාව සමඟ ඉදිරිපත් කරන මා විසින් 1835 දී සිදු කරන ලද සමීක්ෂණයේ පිටපත ඕනෑම පිළිගත් ගණනය කිරීමකට ප්රමාණවත් තරම් නිවැරදි පරීක්ෂණයකි.
වැව මගින් කලින් වාරිමාර්ග පහසුකම් සැලසු බිම් ප්‍රමාණය දැන් සොයා ගත නොහැක. කෙසේ වෙතත්, එය අවම වශයෙන් අමුණු 300 ක් (හෝ අක්කර 600 ක්) විය හැකි බව අනුමාන කළ හැකිය. මන්ද එම ඉඩම් ප්‍රමාණය නැවත පහසුවෙන් වගාවට ගෙන යා හැකි බැවිනි, ඊට අමතරව, හිටපු දිසාපතිවරයෙකුගේ ප්‍රකාශය අනුව, රාජ්‍ය සතු දේපළ අමුණු 100 කි.
මාගල්ලවැවේ ජලය රඳවා ගැනීම සඳහා ප්‍රධාන වේල්ලට අමතරව කුඩා බැමි දෙකක් තිබුණි. ප්‍රධාන වේල්ල යාර 792 ක් විහිදෙන අතර උස අඩි 23 ක් හා පාදම අඩි 115 කි. එය දැන් ස්වභාවික භූමියක් ලෙස ස්ථිරව තහවුරු වී ඇති අතර, විශාල වර්ධනයක් සහිත පඳුරු හා ගස් වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත. ගවයන් ගමන් කිරීම හේතුවෙන් බැම්ම මත අඩි පාරවල් ඇතිවී ඒවා ගිලා බැසීමට ලක්වී ඇති අතර ඒවා පිළිසකර කිරීමට සුළු වියදමක් දැරීමට අවශ්‍ය වේ. වැවෙහි එක් කෙළවරකට ආසන්නව ඉපැරණි සොරොව්වක් හා එයින් ජලය පිට කිරීමේ මාර්ගයක් විශිෂ්ට ලෙස පිහිටුවා ඇත. සොරොව්වෙහිවැව දෙසට මුහුණ ලා පිහිටි කොටස බදාම නොමැතිව අතිවිශාල ගල් වලින් නිවැරදිව සවි කර ඇත. අඩි 14ක් දිවෙන එය බිසෝකොටුවට හෝ හතරැස් ළිඳට විවෘත වන අතර ඉන් පසු අඩි 95ක් බැම්ම යටට ගමන් කරයි.
කුඩා බැම්ම දිග මීටර් 230 ක් සහ උස අඩි 20 කි. අනෙක මෙන්, එය බිසෝකොටුවකින් සහ ගල් සොරොව්වකින් සමන්විත අතර තවමත් හොද තත්වයකින් පවතී.
ජලය රැස් කිරීමේ අදහසින් ඉදිකළ වේල්ල ගංවතුරෙන් ගසාගෙන ගොස් ඇති අතර, ජලාශයේ උපයෝගීතාවම අහෝසි වී ඇත. පැතිරී ගිය ජලාශයක් වෙනුවට, වැව හුදු පොකුණක් දක්වා හැකිලී, නෙළුම් සහ අනෙකුත් ජල පැළෑටිවලින් ඝන ලෙස වැසී ඇත. කිසිඳු නිවසක් අසලක දැකිය නොහැකි වුවද අමුණු 90 ක් වූ වපසරිය තැනින්තැන වගා කර ඇති අයුරු දිස්වේ . මහා වර්ෂා කාලයකදී ස්වදේශිකයන්ට වැව නියමිත මට්ටමට ඉහළ යන විට එක් සොරොව්වක් හරහා හෝ අවශ්‍ය ජල ප්‍රමාණයක් ආරක්ෂා කර ගත හැකිය. .”
අංග සම්පූර්ණ මෙම වාර්තාව ඉපැරණි මාගල්ල වැව පිලිබඳ මනා තොරතුරු ලබා දීමෙන් ප්‍රතිසංස්රන කටයුතු හොදින් සිදු කිරීමට පසුබිම සකසා තිබීම පැසසුම් කටයුතුය.
දැනට (2024 දී) මාගල්ල ජලාශයේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 7,480 කි. පෝෂක ඇළ යටතේ වගා කරන ලද සමහර ප්‍රදේශ (හෙක්ටයාර 900ක් පමණ) ඇතුළුව පද්ධතියේ මුළු වගා බිම් ප්‍රදේශය හෙක්ටයාර 2,723 කි. වාරි ජලයෙන් ප්‍රතිලාභ ලබන ගොවි පවුල් සංඛ්‍යාව 2,769 කි. වාරිමාර්ග යෝජනා ක්‍රමය දකුණු ඉවුර (RB) ඇළ, වම් ඉවුර (LB) ඇළ සහ මැද ඇළ (මැද ඇල) ලෙස ප්‍රධාන ඇළ මාර්ග තුනකින් සමන්විත වේ. මෙම ජලාශය මගින් නිකවැරටිය නගරයේ සහ නාගරික ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවය ද සපුරාලයි.
2000 වසරේදී පමණ ඉපැරණි ප්‍රධාන සොරොව්ව ආශ්‍රිතව ජාල කාන්දුවක් ඇතිවූ අතර ව්‍යසනයක් ඇතිවීම වලක්වා ලමින් ඒ සදහා පිළියම් යෙදීමට වාරි ඉංජිනේරුවරු සමත් වුහ.
එක් කන්නයක ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජලාශය හතරවාරයක් පිරවිය යුතු බව නිරීක්ෂණය වේ. මාගල්ල යෝජනා ක්‍රමයේ ඇති ප්‍රධාන ගැටලුව වූයේ ඇතැම් මාසවලදී දැදුරුඔය ද සිඳී යන බැවින් හෙක්ටයාර 72කට වගා කන්න දෙකක් සඳහා වාරිමාර්ග සැපයීමට මාගල්ල වැවේ තිබූ සීමිත ධාරිතාවය ප්‍රමාණවත් නොවීමයි. 2014 වසරේ ආරම්භ කරන ලද දැදුරුඔය ජලාශය මගින් දැදුරු ඔයට අනවරත ජල පරිමාවක් මුදා හැරීමට හැකි වීමෙන් රිදී බැඳි ඇළ මගින් ප්‍රමාණවත් තරම් ජලය මාගල්ල වැවට හරවා මෙම ගැටලුවට සාර්ථකව විසදුම් ලබා දීමට හැකි විය.
මාගල්ල – රිදී බැඳි ඇල්ල යනු රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මත වාරි පද්ධතියක් කළමනාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් තෝරාගත් පළමු වාරි යෝජනා ක්‍රමයයි. රිදී බැඳි ඇළ ගොවි සමාගම 1998 සැප්තැම්බර් මාසයේදී 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සීමිත වගකීම් සහිත ජනතා සමාගමක් ලෙස ස්ථාපිත කරන ලදී. ඉඩම් සහ ජලය ඇතුළු සියලුම යෙදවුම් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට සමාගමට බලය ලබා දී තිබිණ. 1997-2000 දක්වා මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රජය විශාල මුදලක් සහ විශේෂඥ දැනුමක් ආයෝජනය කර ඇත. මූල්‍ය ලේඛනවලට අනුව, සමාගම 2007 අවසානය වන විට රුපියල් 860,290 ක ප්‍රාග්ධන වටිනාකමකින් යුත් කොටස් හිමියන් 2,285 ක් අතර නිකුත් කර තිබිණ. සමාගම, කණ්ඩායම් ණය වැඩසටහන, බීජ වී නිෂ්පාදනය, සැපයීම ඇතුළු විවිධ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය. ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා පොහොර සහ කෘෂි රසායන, කුකුළු ගොවිතැන, එළවළු බීජ නිෂ්පාදනය, විසිතුරු මත්ස්‍ය වැඩසටහන සහ විවිධ ව්‍යාපාරික කටයුතු අරබන ලදී. කෙසේ වෙතත්, මූල්‍ය කළමනාකරණයේ සහ විගණනයේ බොහෝ දුර්වලතා හේතුවෙන් දශකයකට පමණ පසු නියමු ව්‍යාපෘතිය අසාර්ථක විය.
නිකවැරටිය නගරය, මාගල්ල ජලාශයේ ශාන්ත සුන්දරත්වයෙන් වැසී ඇත. නමුත් මෙම ජලාශය මනරම් පසුබිමකට වඩා ප්‍රජාවට ජීවන මාර්ගයක් වන අතර, එදිනෙදා ජීවිතයේ සෑම අංශයක් හරහාම ප්‍රතිලාභ සපයයි. සැබැවින්ම මෙම ජලාශය ප්‍රාදේශීය වස්තුවක් පමණක් නොව ජාතික සම්පතක් වන අතර එය ගොඩනැගූ මිනිසුන්ගේ දක්ෂතාවය සහ හැකියාව පෙන්නුම් කරයි.
මෙම ජාතික වස්තුව සුරැකීම රජයේ වගකීමක් පමණක් නොව එයින් සෘජු ප්‍රතිලාභ ලබන්නන්ගේ සහ තම මව්බිමේ ස්වභාවික ආශ්චර්යයන් මතු පරපුරට සුරක්‍ෂිත කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
වාහල්කඩ වැව සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
වාහල්කඩ වැව වෙත ගමන් මාර්ග
අනුරාධපුර සිට වාහල්කඩ වැව දක්වා |
හරහා : කැබිතිගොල්ලෑව දුර : කිලෝමීටර 86 ගමන් කාලය : පැය 2 ගත කල යුතු කාලය : විනාඩි 30 -60 අතර ගමන් මාර්ගය : මෙහි ගූගල් සිතියම තුල බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (5) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (26) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (13) ස්මාරක (4) සුසාන භූමි (5)
Kingdom of Anuradhapura (1) z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (40) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (9) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (6) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (2) පුත්තලම දිස්ත්‍රික්කය (5) පෘතුගීසි බලකොටු (2) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (2) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)