අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

මැදවච්චියේ සිට මන්නාරමට යන මාර්ගයේ මඩු පල්ලි පාරට කිලෝමීටරයකට පමණ පෙර මල්වතු ඔය හරහා වැටී ඇති එල්ලෙන පාලමට ඇති මාර්ගය පවතී. මෙම මාර්ගයේ  කිලෝමීටරයක් පමණ ගමන් කලවිට  අලංකාර පරිසරයක ඇති යෝධ ඇළ හරහා වැටී ඇති අමුණක් අමුවේ.  මෙම අමුණ ප්‍රදේශවාසීන් විසින් තේක්කම අමුණ ලෙස හැඳින්වූවත් මෙය නිවැරදි තේක්කම අමුණ නොවේ. මීට කිලෝමීටරයක් ඉහළින්  ධාතුසේන රජතුමා (459-477) මල්වතු ඔය හරස්කොට තේක්කම යන ස්ථානයේ අමුණක් බැඳ යෝධ ඇළට ජලය හරවා තිබේ.  සාමාන්‍යයෙන් තේක්කම අමුණ ලෙස හඳුන්වන්නේ මෙම අමුණයි. 

පස්වන ශත වර්ෂයේදී ධාතුසේන රජතුමා ඉදිකරන ලද යෝධ වැව සිට මල්වතු ඔය දක්වා තිබුණු කිලෝමීටර් 20කට පමණ ඈතින් තේක්කම සිට කිලෝමීටර් 25ක් දිග දිග ඇලක් කොට මල්වතු ඔයෙහි ජලය යෝධ වැව වෙත සපයා ඇත මෙම ගමනේ මුල් කිලෝමීටර 10ම මල්වතු ඔයට සමාන්තරව යෝධ වැවට ගමන් කරයි. 

යෝධ ඇළෙන් ගලනා ජලයෙහි වේගය අධික බව නිසා ඇළෙහි ගමන් මග  කැඩී නැවතත් මල්වතු ඔයට ජලය එක්වීම නිසා මෙම ස්ථානයේ නව අමුණක්  ‍බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ඉදි කර තිබේ. 

මෙම අමුණ ආසන්නයේම හින්දු භක්තිකයන් විසින් කුඩා දෙවොලක් සාදා ඇත.  මෙහි ප්‍රධාන ආගමික වස්තු ලෙස පොළොවට ගිල්වූ අර්ධ කවාකාර පුවරු දෙකක ගිල්වන ලද ප්‍රතිමා දෙකක් පවතී. ඉන් එකක් තුළ සිමෙන්තියෙන් අඹන ලද ගනේෂ් දේව ප්‍රතිමාවක්ද, අනෙත් පුවරුවේ ගල් පුවරුවක අර්ධ උන්නතව නෙළන ලද දේව ප්‍රතිමාවක් වේ. හින්දු භක්තිකයන් විසින් මෙම ප්‍රතිමාවට පත්තිනි දේවිය ලෙස සලකා වැඳුම් පිදුම් කළද මෙය පාර්වතී දේව ප්‍රතිමාවක් බව හඳුනාගෙන ඇත. මෙම ප්‍රතිමාවේ ඇත්තේ උඩුකය පමණකි.  දෙඅත් සහ පපුවට පහළ කොටස දක්නට නොමැත. පත්තිනි දේවියගේ දෙකන්, දෙඅත් හා ගෙල ආභරණයන්ගෙන් සරසා හිස ජටාමකුටයකින්  අලංකාර කර ඇත.  

ක්‍රිස්තු වර්ෂ 11-12 වන සියවසට අයත් මෙම පාර්වතී දේවියගේ ප්‍රතිමාව චෝල පාලන සමයෙහි මෙරටට ගෙනෙන ලද්දක් හෝ මෙහි නිර්මාණය කරන ලද්දක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිස්තු වර්ෂ 1017-1070 අතර චෝල ආක්‍රමණිකයන් ලෙස රාජරාජ චෝල හා රාජේන්ද්‍ර චෝල යන රජවරුන් මෙරට පාලනය කළ අතර ඔවුන් ශිව භක්තිකයන් විය. මොහු මන්නාරමේ හා පොලොන්නරුවේ ශිව දේවාල ඉදි කළ බව වාර්තා වේ.   ඒ අනුව මෙම පිළිමය දකුණු ඉන්දීය චෝල සම්ප්‍රදායට අනුව ඉදිකළ දේවාලයට අයත් ප්‍රතිමාවක් විය හැක. 

මෙම පුවරුව ඉදිරියේ අනුරාධපුර මුල් යුගයට අයත් සිරි පතුල් ගලක් තබා තිබේ.  මෙම සිරි පතුල වනය තුළ වෙනත් හඳුනා නොගත් බෞද්ධ නටබුන් පද්ධතියකින් මෙහි ගෙනත් තැබුවා විය හැක.

මෙම ප්‍රදේශය වියළි කලාපයේ ඉතා මනරම් භූමි භාගයකි.  බ්‍රිතාන්‍යයන් විසින් සාදන ලද අමුණත්, ඊට පහළින් යෝධ ඇළ හරහා මෑතකදී සාදන ලද ආරුක්කු පාලමත්, ඒ අසල යකඩින් සාදන ලද පැරණි ආරුක්කු පාලමත් මෙහි අලංකාරය වැඩි කරයි. 

යෝධ ඇළ හරහා මීටර 250 ක් පමණ තවත් ඉදිරියට ගමන් කල විට මල්වතු ඔය හරහා ඇති පැරණි එල්ලෙන පාලමද නැරඹිය හැක. 

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .31-35.

සම්බන්ධ වෙනත් පිටු

මන්නාරම අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මන්නාරම අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන් රියදුරු දිශාවන්

මැදවච්චිය සිට අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන් දක්වා
හරහා : තලෙයිමන්නාරම පාර
මුළු දුර : කිලෝමීටර් 47
ගතවන කාලය : විනාඩි 50
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply