ගෝමරන්කඩවල මයිලවැව පුරාවිද්‍යා භූමිය – Gomarankadawala Mailawewa Archaeological Site

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
ගෝමරන්කඩවල මයිලවැව පුරාවිද්‍යා භූමිය - Gomarankadawala Mailawewa Archaeological Site

ගෝමරන්කඩවල මයිලවැව පුරාවිද්‍යා භූමිය – Gomarankadawala Mailawewa Archaeological Site
ඡායාරූපය : නැගෙනහිර උරුමයක අරුමය 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මයිලවැව ග්‍රාම නිලධාරි වසමේ මයිල වැව වැව් ඉස්මත්තේ මෙම නටඹුන් සහිත දාගැබ පිහිටා ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කලකට පෙර සංරක්ෂණය කරනු ලැබු මෙම දා ගැබ ඉන් පසුව නිසි නඩත්තුවක් නොමැතිවිම නිසා වල්බිහිවි ගොස් සෑ ගර්භය තැන තැන පුපුරා ගොස් තිබේ. අගල් 156 ක් පමණ උසින් යුතු දාගැබෙහි උතුරු දෙසට වන්නට ගර්භය මැදින් කොටසක ගඩොලු ගැලවි තිබේ. අඩියක පමණ උසින් යුතු ගඩොලු වේදිකාවක් මත දාගැබ ඉදිකර ඇති අතර එය බුබ්බුලාකාර හැඩයක් ගනි.

දාගැබ වටා චතුරස්‍රාකාර ගඩොලු ප්‍රාකාරයකි. ප්‍රාකාරයේ උතුරින් තැන් කිහිපයක ගඩොලු ගැලවි ගොස් ඇත. දාගැබ හා ප්‍රාකාරය අතර මලුව පිහිටා තිබේ. මලුවට පිවිසිම සදහා දොරටුව අසල පියගැට පේලි තුනකි.

කවර කලෙක කවරෙකු විසින් ඉදිකරන ලද්දක්ද යන්න නොදන්නා මුත් දාගැබ සහිත මලුවට පිවිසෙන දොරටුවේ පියගැට පෙල අසල දකුණු පසට වන්නට ප්‍රාකාර බැම්මට හේත්තුවි ඇති දෙමළ බසින් ලියල ලද ටැම් ලිපියක් දක්නට ඇත.

එය මෙතෙක් පරිවර්තනය කර ප්‍රකාශය‍ට පත්කර නොමැති බව එම්. ඒ. විමලසේනයන් රචිත සෙල් ලිපිවලින් හෙලිවන ශ්‍රී ලංකාවේ සමාජිය ඉතිහාසය කෘතියේ 9 වන පිටුවේ සදහන් වේ.

මෙම ටැම් ලිපිය උසින් අගල් 54 ක් වන පළල අගල් 17 ක් වේ. මෙහි අක්ෂර පේලි 16 ක් දක්නට ලැබේ. අක්ෂර ඉතා පැහැදිලිව දක්නට ඇත.

දා ගැබට බටහිරින් දිගින් අගල් 47 ක් හා පලලින් අගල් 25 ක් වන ශෛලමය පුවරුවක් දක්නට ඇත. එහි වම් කෙලවර කොටසක් කැඩි ගොස් ඇත. තවත් අවශේෂ ශෛලමය කොටස් රැසක් හා කැඩි ගිය ශෛලමය කණු කොටස් කිහිපයක් දා ගැබට යාබදව රුකක් මුල දක්නට ලැබේ.

ඊට මදක් ඔබ්බෙන් දාගැබේ යුපගල දක්නට ඇත. අගල් 88 ක් දිගින් යුත් එහෙත් කොටස් දෙකකට කැඩි ඇති යුපගලෙහි කොටස් දෙක එකම තැන වැටි තිබේ.

මෙම ස්ථානය මයිල වැව අංක දෙක පුරාවිද්යා වැඩබිම ලෙස දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවත් මෙම පුරාවිද්යා ස්ථානයේ පිහිටි දා ගැබ, දා ගැබ් ප්‍රාකාරයට හා දෙමල අක්ෂර සහිත ටැම් ලිපියට අමතරව දා ගැබට යාබදව පවතින පවතින ශෛලමය අවශේෂයන් ටැම්පිට විහාරයක නෂ්ඨාවශේෂයන් බව පුරාවිද්යා නිලධාරින් පවසයි.

සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎

මුලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

මයිලවැව පුරාවිද්‍යා භූමිය සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.


ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


මයිලවැව පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට මයිලවැව පුරාවිද්‍යා භූමිය දක්වා

හරහා :
මුළු දුර : කිලෝමීටර් 50
ගතවන කාලය : පැය ½ –  1 
ගත කිරිය යුතු කාලය : පැය 1 ක් පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
Comments