රයිගම් රාජධානියේ උයන් වත්ත වැව

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)

දොළොස් වන ශතවර්ෂයෙන් පසුව වියලි කලාපයෙන් තෙත් කලාපයට සංක්‍රමණය වූවන් අතර වාරිතාක්ෂණය ලංකාවේ අභාවයට යා නොදී රැකගැනීමට කටයුතු කල කණ්ඩායමක් සිටි බවට බොහෝ උදාහරණ ඉතිහාසය අපට පෙන්වාදෙයි. කොලබ දිස්ත්රික්කයේ මුල්ලේරියාව වැව. තලංගම වැව, බොරලැස්ගමුව වැව හා කළුතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත වැව එයින් කීපයකි. උයන්වත්ත වැව පිළිබද කුඩා හැදින්වීමක් කිරීම මෙහි අරමුනයි.

1521 දී කෝට්ටේ මහ වාසල තුළ සිදු වූ කුමන්ත්‍රණ හේතුවෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ සීතාවක රයිගම වශයෙන් උප රාජධානි තුනකට බෙදා රයිගම් රාජධානියේ පාලනය රයිගම් බණ්ඩාර වෙත පැවරූ බව ඉතිහාස පොත පතෙහි සඳහන් වේ. එහි රාජ්‍ය භාණ්ඩාගාරය පිහිටි ස්ථානය භාණ්ඩාරගම, වත්මනෙහි බණ්ඩාරගම යනුවෙන් හැඳින්වේ. රයිගම් බණ්ඩාර රජුගේ මාලිගය දැනට බණ්ඩාරගම ආශ්‍රිතව (කොළඹ සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අයට වඩාත් සමීප භාෂාවෙන් කිවහොත් ගැලනිගම හුවමාරුව සමීපයේ) පිහිටි පතහවත්ත රජ මහා විහාරය යි. කොතලාවල ප්‍රදේශයට යාබද ව බොල්ගොඩ ගංගා ද්‍රෝණියෙහි ඉදි කර ඇති උයන්වත්ත වැව, වියලි කලාපයෙන් තෙත් කලාපයට සේන්දු වූ අපේ මුතුන් මිත්තන් වාරි තාක්ෂණය ද ගෙනැවිත් ඇති අයුරු දක්වන කැඩපතකි.

⚙️ [Google Ad 01 -EN]

ගැමියන්ගේ හා ඇතැම් උගතුන්ගේ මතය වන්නේ රයිගම් බණ්ඩාර ප්‍රාදේශීය පාලකයා විසින් මේ වැව් ඉදි කරන ලද බවයි. රයිගම් කෝරළයේ අධිකාරී පත්තුව කඹක පත්තුව හා මුන්වත්ත පත්තුව ආශ්‍රිත වැව් කීපයක් පැවතිනි. කාලයාගේ ඇවෑමෙන් කුඹුක පත්තුවේ වැව් නිසරු බවට පත් වී ඇත. රයිගම් ප්‍රදේශයට අයත් වැව් වන්නේ උයන්වත්ත වැව, වැවිට වැව, වල්ගම වැව, මැදගම වැව, අළුත්ගම වැව, ගම්මන්පිළ වැව යනාදියයි. අක්කර 68 පුරා කොතළයක හැඩයෙන් විහිදී ඇති උයන්වත්ත වැව පෙර කොතළ වැව යනුවෙන් ද හඳුන්වා ඇත. මේ කොතළ වැවට මායිම් වූ භූමි භාගය හඳුන්වන්නේ උළුකුඹර දෙනිය, අනුන් පාන පොකුණ, වෙහෙර කැටිය හෙළ, මෙනේරි හේන ලන්ද, දෙල්කඳ දෙන්ද්‍රීය හා රේරුකාන ආදී වශයෙනි. ඉපැරණි සිරිතට අනුව වැවේ නමින් හැඳින්වූ කොතළ වැව ප්‍රදේශය පසුව කොතලාවල ලෙස පරිවර්තනය වී ඇත.

රාජකීයයන් විසින් කොතළ වැව සමීපයෙහි උයනක් කිරීමෙන් පසු උයනට ලැබුණු රාජකීය ප්‍රමුඛත්වය නිසා කොතළ වැව නාමය ඉවත් ව ගොස් උයන්වත්ත නම ව්‍යවහාර වී ඇති බව පිළි ගැනේ. පතහවත්ත රජ මහා විහාරය වටා දැනට ඇති තාප්පය එකල මාලිගය වටා පවුරක් ලෙස ඉදි කර ඇත්තේ වැව අසලින් ලබා ගත් කබොක් ගල් උපයෝගී කර ගෙන බව පැවසේ. මෙම පන්සල හා විහාර පරිශ්‍රය, පුරා විද්‍යා උරුමයක් ලෙස නම් කොට ඇත්තේ එහි තවමත් සුරක්ෂිත ව ඇති මෙවැනි පෞරාණික වටිනාකමකින් යුතු අංග හේතුවෙනි.

1871 දී ඉංග්‍රීසි පාලකයන් විසින් උයන්වත්ත වැවෙහි අඩි 900 දිග වේල්ල ප්‍රතිසංස්කරණය කර අඩි 14 ක් උස ජල කඳක් දැරිය හැකි සේ වැව ප්‍රතිසංස්කරණය කර ඇත. නැවත 1935, 1955, 1977 දී පිට වාන වරින් වර නවීකරණය කර ඇත. වැවෙහි ධාරිතාව අක්කර අඩි 475 ක් වන අතර බැම්මේ දිග අඩි 1000 කි.

වියලි කලාපයේ වීශාල වාරි පද්දති හා සැසදීමේදී මෙය කුඩා ආකෘතියක් සේ පෙනුනද, වාරි තාක්ෂනය හා සබැඳි මුලික න්‍යායයන් නිසි ලෙස පිළිපදිමින් 16 වන සියවසෙහිද දස්කම් පෑ වාරි ශිල්පින් සිටි බවට මෙය මනා සාක්ෂි සපයයි.

1977 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දකුණ උස් ඇල සොරොව්ව සාදා ගැලනිගම අක්කර 100 ක පමණ ප්‍රමාණයකට ජලය සපයන ලදී. වම් ඉවුර, දකුණු ඉවුර සහ දකුණු ඉවුර උස් සොරොවු මගින් බෙදා හැරෙන වාරි ජලයෙන් දැනට ප්‍රතිලාභ ලබන ඉඩම් ප්‍රමාණය අක්කර 385 කි. දළ වශයෙන් ප්‍රතිලාභ ලබන පවුල් 300 කි. පසු ගිය වකාවානු වල දී ජලාශය තුළ මිරිදිය මත්ස්‍ය වගාව ද සාර්ථක ව කරන ලදී.

නාගරික ප්‍රදේශයක පිහිටි බැවින් වැව් තාවුල්ලේ අනවසර ඉදිකිරීම් මෙන් ම වැව නැරඹීමට පැමිණෙන ජනතාවගේ නොසැලකිලිමත් කම හේතුවෙන් ද ප්‍රදේශය අපවිත්‍ර වීම් ආදිය සුලබ දසුනක් වීම අවාසානාවකි.

සම්බන්ධ වෙනත් පිටු

උයන් වත්ත වැව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

උයන් වත්ත වැව වෙත ගමන් මාර්ග

කොළඹ සිට උයන් වත්ත වැව දක්වා
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය
දුර : කිලෝමීටර 60
ගමන් කාලය : පැය 1
ගත කල යුතු කාලය : විනාඩි 30 පමණ
ගමන් මාර්ගය : මෙහි ගූගල් සිතියම තුල බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply