Old Thalaimannar Lighthouse (Urumalai Lighthouse)

තලෙයිමන්නාරම පැරණි ඌරුමලේ  ප්‍රදීපාගාරය

මන්නාරම දූපතේ බටහිර වෙරළේ ඌරුමලෙයි ග්‍රාමයේ මෙම පැරණි ප්‍රදීපාගාරය දැකගත හැක. මෙරට ප්‍රදීපාගාර මුලින්ම ගොඩනැගුවේ පෘතුගීසින් විසිනි. මෙම ප්‍රදීපාගාර ලන්දේසීන් හා ඉන් පසුව බ්‍රිතාන්‍යයන් වැඩි දියුණු කොට පවත්වා ගෙන ගොස් ඇත.  ලංකාවේ මුල්ම අංග සම්පූර්ණ ප්‍රදීපාගාරය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් 1848 දී ගාල්ලේ ඉදිකළ ප්‍රදීපාගාරය යි.

Read More
මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල - Narapadu Ancient Watch Tower in Mannar

මන්නාරම නාරාපාඩු පැරණි ඕලන්ද මුරකපොල්ල කුළුන

මන්නාරම බලකොටුවේ සිට තලෙයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 12 ක් ගමන් කොට නාරාපාඩු මංසන්ධියෙන් දකුණට හැරී එම වැලි පාර දිගේ කිලෝ මීටර 1.2 ක් ගිය තැන තැනිතලා භූමියේ අහස්කුස දෙසට යොමුවූ මෙම විශාල කුළුන දැකගත හැක. වසර 1658–1796 අතරතුර වූ ඕලන්ද පාලන සමයේ මෙම ස්මාරකය මුර කපොල්ලක් ලෙස ගොඩනඟා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 

Read More