සොබාදහමට අභියෝග කරමින් ගංගා දෙකක් සම්බන්ධ කළ ඌරුබොක්ක ලංදේසි වේල්ල

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Urubokka Dam built by the Dutch
Urubokka Dam built by the Dutch

By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)

කොටපොල-මුලටියාන පාරේ ගමන් කර ඇති ඕනෑම කෙනෙකු ඌරුබොක්ක-වේල්ල මතින් ගමන් කර හෝ එය දැක තිබෙන්නට ඇති. එහි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බව පමණක් නොව, එය ඌරුබොක්ක ඔය දිගේ අමුණු මාලාවක් පෝෂණය කරන සක්‍රිය වාරිමාර්ග නිර්මිතයක් ලෙස ද හඳුනා ගත් අය සීමිත ය .

මුල් වේල්ල ඉදිකර ඇත්තේ මීට වසර 233 කට පෙර ( ක්‍රි. ව. 1787 )ලන්දේසි පාලකයින් විසිනි. එමගින් ඌරුබොකු ඔයට එක්කල ජලය සමගින් කුඹුරු අක්කර 5000 කට පමන අමුනු පද්ධතියක් මගින් දියවර සැපයින. 1832 දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් රාජකාරිය ක්‍රමය ඉවත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නඩත්තු කටයුතු නොසලකා හැරීම හේතුවෙන් 1837 දී වේල්ල කැඩී බිදී ගොස් ඇත. එය පසුව 1861 දී ප්‍රතිසංස්කරණය කරන ලදි. එබැවින් දැනට පවතින ඔප කළ කළු ගලින් තැනූ වේල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය තාක්‍ෂණයේ සම්මිශ්‍රණයක් විය හැකිය. එවැනි කරුණු තහවුරු කිරීම සඳහා ගවේෂණ කිරීමට අපගේ “වාරිමාර්ග පුරාවිද්‍යා” විෂය ඉදිරි කාලයේ දී දියුණු විය යුතු බව මගේ හැඟීමයි .

දිවයිනේ අනෙකුත් දැවැන්ත වාරිමාර්ග නිර්මිත හා සසඳන විට මෙය ඉතා කුඩා නිර්මිතයක් වුවද (දිග 159’සහ උපරිම උස 37’), එය ඌරුබොක්ක ඔය වාරිමාර්ග පද්ධතියේ ගොවීන්ට කරන සේවය අති විශාලය. ජල සම්පත් ඉංජිනේරුවන්ගේ කෝණයෙන් බලනකල මෙම වේල්ලට සුවිශේෂීවන ලක්ෂණ රාශියක් ඇත. එය ඉදිකර ඇත්තේ නිල්වලා ගඟේ අතු ගංගාවක් හරහා වන අතර එමගින් නිල්වලා ගඟෙහි ගංවතුර අවම කරමින් ඌරුබොකු ඔයෙහි ජල හිඟයට පිලියම් ලබා දීමට සමත්ව ඇත. වෙනත් වචන වලින් කිව හොත්,එය අන්තර් ද්‍රෝණි ජල හුවමාරු පද්ධතියක ප්‍රධාන ව්‍යුහයකි. පොලොන්නරුව රාජසමයෙන් පසු පසු ඉදිවූ අන්තර් ද්‍රෝනි ජල හුවමාරු පද්ධතිය මෙය විය හැක.

ඌරුබොකු වේල්ල නිලවලා ගඟේ වර්ග සැතපුම් 9ක් අවහිර කර එම ප්‍රදේශයේ රැස්වෙන ජලය සැතපුම් 2.75 ක් දිග කැපූ ඇළක් හරහා ඌරුබොකු ඔයෙහි ප්‍රධාන අතු ගංගාව වන ගින්නෙලි ඔය වෙත හරවා යැවේ. එබැවින් වේල්ලේ දකුණු පැත්තට ලැබෙන වැසි ජලය ඌරුබොක්ක ගඟ හරහා ගලා යන අතර වම් පැත්තට වැටෙන වැසි ජලය නිල්වලා ගඟ දිගේ ගලා යයි.

මේ වන විට මෙම හැරවුම් ඇළ ස්වාභාවික ජල මාර්ගයක් ලෙසට ජනාකීර්ණ ප්‍රදේශ හරහා ගලා යන අන්දම දකින අය එය මිනිස් නිර්මානයක් යැයි විශ්වාස නො කරනු ඇත (වාරිමාර්ග ඉංජිනේරුවන් විසින් එය “regime condition” ලෙස හඳුන්වනු ලබයි).

මහාචාර්ය කේ. ඩී. පරණවිතාන මහතා 2000 වර්ෂයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති සියවස් සැමරුම් සම්මන්ත්‍රණයට ලිපියක් ඉදිරිපත් කරමින් ලන්දේසීන් විසින් ඌරුබොක්ක වේල්ල සැළසුම් කිරීමේ පසුබිම මෙසේ විස්තර කළේය.

“ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයේ සිදු කරන ලද වැදගත්ම ජල විද්‍යාත්මක ව්‍යාපෘතිය වන්නේ 1787 දී ඌරුබොක්ක වේල්ල ඉදිකිරීමයි. එය වියළි කලාපයේ ගිරුවා පත්තුව හා මොරවක් කෝරලේ මායිම අතර මාතර දිසාවෙහි පිහිටා ඇත. තෙත් කලාපයේ පිහිටි ජලයෙන් පෝසත් වූ නිල්වලා ගඟේ ඉහළ පෙදෙසෙහි මොරවක් කෝරලේ එකතු වූ අතිරික්ත ජලය,ගඟෙහි පහළ ඇති කුඹුරුවලට,විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ බයිගම් ලෙස එකල හැඳින්වූ සහල් නිපදවන ගම්මාන 4කට නිරන්තර ගංවතුර හානි සිදු කළේය. 1780 ගණන්වල දී ගිරුවපත්තුව ප්‍රදේශය වසරක් පුරා පැවති නියඟයෙන් විනාශ වූ අතර ප්‍රදේශවාසීන් වෙනත් ප්‍රදේශ වලට පලා යාම හේතුවෙන් එහි ජනගහනය බරපතල ලෙස පහත වැටුණි. මෙම අයහපත් අත්දැකීමෙහි ප්‍රතිඵලයක් ලෙස,කුඹුරු ඉඩම් ගංවතුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගිරුවා ඔය හරහා වේලි ඉදිකිරීමේ යෝජනාවක් ඉංජිනේරු පීටර් ෆොනැන්ඩර් ඉදිරිපත් කළේය. අතිරික්ත ජලය ඇලක් හරහා හරවා යැවීමට අපේක්ෂා කරන ලදී. “

ඉංජිනේරු ෆොනැන්ඩර් විසින්ම සකස් කරන ලද මෙම ව්‍යාපෘතියේ මුල් සැකසුම පළමු වරට මහාචාර්ය කේ. ඩී. පරණවිතන මහතා මෙම පත්‍රිකාව සමඟ ප්‍රකාශයට පත් කරන ලදී.

ආණ්ඩුකාර හෙන්රි වෝඩ්ද 1860 දී ඌරුබොක්ක ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු එම සංචාරක සටහන් ලිවීමේදී 1787 අප්‍රියෙල් 16 දිනැති ලන්දේසි ඉංජිනේරු ෆර්නැන්ඩ්ස්ගේ වාර්තාව උපුටා දක්වමින් වේල්ල ඉදිකිරීමට පෙර ප්‍රදේශයේ තත්ත්වය මෙසේ වාර්තා කර ඇත.

“පළාතේ වසර ගණනාවක නියඟයෙන් පසු ඔහු (ඉංජිනේරු ෆර්නැන්ඩ්ස්) දුටු දේ ගැන කතා කරමින් ඔහු මෙසේ පවසයි. “ මේ ප්‍රදේශය දැන් කෙතරම් කනගාටුදායක තත්වයකට පත්වී ඇත්ද! කෙත්වතු පාලුවට අත්හැර දමා ජන ශුන්‍ය වී ඇත; – පොල් ගස්වල කරටිය කපා එම බඩය ඉතා සුළු ආහාර වේලක් වුවද තම පවුලේ අයගේ එක් දිනක් කුසගිනි නිවීමට සඳහා පවා යොදවා ගැනේ; – විශාල හා වටිනා කෙත්වතු පාලු වී වේගයෙන් කැලෑවෙන් ආවරණය වෙමින් පවතී; – පොළොව නියඟයෙන් ඉරිතලා ඇත; – වැසියන් ඇටසැකිලි බවට පත්වී ඇත. පොල් ගසක ඉතිරි වී ඇති කුරුම්බා ඇටියක් දැකීම දුර්ලභ දෙයකි. කෙටියෙන් කිවහොත්, මෙහි ඇති සමස්තය ගැන දුක් වීම හැර කල හැකි කිසිවක් නැත.

ඉංජි ෆර්නැන්ඩ්ස් තවදුරටත් මෙසේ පවසයි ;

(පෙරදිග-ඉන්දියානු) සමාගම විශාල මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නැත, ඉල්වා ඇත්තේ අත්තිකාරමක් පමණි. මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ ඉහල සහල් අස්වැන්නක් ලබා දුන් මෙම පළාතේ,දුක් විඳින ජනතාවට උපකාර කිරීම සමාගමේ යුතුකම බව මම නිහතමානීව කියමි. එහෙත් ඔවුන්ට ආධාර දීම හෝ නොදීම පසෙකලා වුවද,තම හොඳම පළාත කාන්තාරයක් වීමට ඉඩ දී ඉවත් වීම නොවිය යුතු ය. මුඩ්ලියර් කෙනෙකුගේ තොරතුරුවලට අනුව,මෙම පත්තුවේ වැසියන් දහයෙන් දෙනෙකුගෙන් නවයක් ම පසුගිය අවුරුදු හත තුළ කුස ගින්නෙන් මිය ගොස් නැතහොත් ප්‍රදේශය හැර ගොස් ඇත; ඉතිරි ව සිටින අයට ද, ආධාර ලබා නො දුන්නොත්,එසේ හැර ගිය උන්ගේ ආදර්ශය අනුගමනය කරනු ඇත.”

1907 දී කැප්ටන් ජෝන් කීන්, “ලංකාවේ වාරිමාර්ග” පිළිබඳ සිය වාර්තාවේ සඳහන් කළේ ආන්ඩුකාර හෙන්රි වෝඩ් හුදු නීති හා ප්‍රතිපත්ති සම්පාදනයකින් පමණක් සෑහීමකට පත් වූ අයකු නොවන බවයි. ඔහුගේ ධුර කාලය තුළ වාරිමාර්ග වැඩ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පවුම් 7,765ක් වැය කර ඇති අතර,ඉන් වඩාත් ම වැදගත් වන්නේ නැගෙනහිර ඉරාක්කමම් සහ අම්පාර යන වැව්ද,දකුණු පළාතේ ඌරුබොක්ක හා කිරම වැව වන බව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම කටයුතු සඳහා මුදල් යෙදවීමේ දී ප්‍රතිලාභ ලබන්නන්ගෙන් මුදල් අය කිරීමක් නො කරන ලද අතර වගාවෙන් උපයන ධාන්‍ය බද්ද මගින් ප්‍රාග්ධනය ප්‍රමාණවත් ලෙස ලබෙනු ඇති බව සලකා ඇත.

වාරිමාර්ග, ගෘහස්ථ හා විවිධ අංශ සඳහා ජල ඉල්ලුම අඛණ්ඩව පුළුල් වීම මෙන්ම නව අවශ්‍යතා සඳහා ජල ඉල්ලුම් කරුවන්ද ඉදිරිපත්වීම නිසා ජල සම්පත් සංවර්ධනය අනවරත ව නව හඳුන්වා දීම් කළ යුතු ගතික ක්‍රියාකාරකමකි. තිරසාර ජල සැපයුමක් සඳහා ඇති ඉල්ලුමත් සමඟ ඌරුබොකු ඔයේ, අක්කර අඩි 3225 ක ධාරිතාවකින් යුත් පුරාණ උඩුකිරවිල ජලාශය පසුව ප්‍රතිස්ථාපනය කළ අතර 1960 දශකයේ අග භාගයේ දී ශ්‍රී ලංකා ඉංජිනේරුවන් විසින් අක්කර අඩි 38,900 ක ධාරිතාවකින් යුත් මුරුතවෙල නමින් නවතම ජලාශයක් සැලසුම් ඉදි කර දැයට දායාද කරන ලදී.

සම්බන්ධ වෙනත් පිටු

ඌරුබොක්ක වේල්ල සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ඌරුබොක්ක වේල්ල රියදුරු දිශාවන්

කොළඹ සිට ඌරුබොක්ක වේල්ල දක්වා
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – මිද්දෙණිය
මුළු දුර: කිලෝමීටර 224
ගතවන කාලය  : පැය 4
ගත කල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

/


© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply