මාවෙල මල්වතු පුරාණ ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 2.00 out of 5)

මාවෙල මල්වතු පුරාණ ටැම්පිට විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ මහනුවරමාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට මීටර් සියයක් ඈතින් ඇති ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරයකි.

අද මෙම විහාරස්ථානයේ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ටැම්පිට විහාරයයි. ටැම්පිට විහාර යනු මහනුවර යුගයේ විහාරයන්හි ජනප්‍රිය වූ ගෘහ නිර්මාණ අංගයකි. මෙහි විහාරය ගෙය කළුගල් කඳන් මත ඉදිවේ.

⚙️ [Google Ad 01 -SI]

සාමාන්‍යයෙන් ටැම්පිට විහාරයක කුළුණු අඩි 3 ක් පමණ උස වුවද, මාවෙල මල්වතු විහාරයේ මෙම කණුව අඩි 6 ක් පමණ උසවේ. ගල් කණු රළුවට කපා ඇත. ටැම්පිට විහාරයේ ප්‍රධාන දොරටුවට ලී පඩිපෙළක් බිම සිට ඉහළට තබා ඇති අතර . 1939 වර්ෂය පඩිපෙළ කණුවක කැටයම් කර ඇත.

ටැම්පිට විහාරයේ උස නිසා, ටැම්පිට විහාරයෙන් ආරම්භ වන දෙවන වහල සතර දිශාවෙන්ම පිටතට විහිදී ඇති අතර මෙමගින් වඩා විශාල පහළ මහලක් නිර්මාණය වී ඇත. මෙම කොටස දැනට ඉරිදා පාසල් පන්ති පැවැත්වීම සඳහා යොදා ගැනේ.

පිළිම ගෙය ඇතුලත බුද්ධ ප්‍රතිමා රාශියක් ඇත. මෙහි ප්‍රධාන ප්‍රතිමාව පිටුපස බිත්තියට පිට ලා හිඳී පිළිමයකි. බුදුන්ගේ සිවුර රතු පැහැයෙන් වර්ණාලේප කොට ඇත. බිත්තියේ සූර්යයා සහ චන්ද්‍රයා මුදුනේ පින්තාරු කර ඇති අතර ප්‍රධාන අගසව්වරුන් දෙදෙනා වන සාරිපුත්ත සහ මොග්ගලාන තෙරුන් ඊට පහතින් පින්තාරු කර ඇත. දෙපස බිත්ති ඔස්සේ එක හා සමාන හිටි පිළිම හතරක් තබා ඇත. පිළිම ගෙය තුල ඇති සියලුම ප්‍රතිමා සිරස්පතකින් හා ගිනිදැල් ස්වරූපයෙන් පින්තාරු කරඇති රැස් වළල්ලකින් සමන්විතය.

පන්සලට ළඟා වීමට ගනේතැන්න හන්දියේ සිට මහන්තේගම මාර්ගයට ඇතුළු වන්න. පන්සල මෙම මාර්ගයේ මීටර් 200 ක් පමණ දුරින් පිහිටා ඇත.

පන්සලට ළඟා වීමට කොළඔ මහනුවර A1 මාර්ගයේ හිගුල හංදිය පසුකර සුප්‍රසිද්ධ වැලමිට වංගුවට පහත ගනේතැන්න හන්දියේ සිට මහන්තේගම පාරෙන් හැරී ගමන් කිරන්න. මාවෙල පුරාණ මල්වතු විහාරය මෙම මාර්ගයේ මීටර් 200 ක් පමණ දුරින් පිහිටා ඇත.

සම්බන්ධ වෙනත් පිටු

මාවෙල මල්වතු පුරාණ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාවෙල මල්වතු පුරාණ ටැම්පිට විහාරය මාර්ගය

ගනේතැන්න සිට මාවෙල මල්වතු පුරාණ ටැම්පිට විහාරය දක්වා මාර්ගය
දුර: මීටර් 200
ගමන් කාලය: විනාඩි 5
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply