ත්‍රිකුණාමලය ආනන්දකුලම තිස්ස වන සෙනසුණ

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 1.50 out of 5)
Loading...
Sri Thissa Raja Maha Viharaya - Anandakulama mountain range — in Trincomalee.
The rocky mountain of Anandakulama Tissa Forest Hermitage – The Buddha statue can be seen on the highest peak.
Image courtesy of Dr. Ashan Geeganage
Lakmal K. Baduge
By Lakmal K. Baduge

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආන්දම්කුලම වැව් ඉස්මත්තේ වැව් බැම්ම කෙලවර පිහිටි ගල් කදුවැටියේ මෙම නටඹුන් සහිත පුදබිම පිහිටා ඇත. ආන්දම් කුලම වැවෙහි දකුණු පස වැව් බැම්ම මතින් ගමන් කිරිමෙන් පසුව ලෙන් ආරණ්‍ය සේනාසනයට ප්‍රවේශවිමට හැකිය. ලෙන් සංකිර්ණය පිහිටි කදු වැටියට ප්‍රවේශ විම සදහා ගල් පඩි රැසක් දක්නට ඇත. ඒවා මෙම පුදබිමේ ගරාවැටි ඇති පැරණි ආවාසය හා සක්මන් මලුව දක්වා ගමන් කිරිමට සකසා තිබේ.

අනුරාධපුර මුල් යුගයට අයත් පුදබිමක් වන මෙම කදු වැටිය තුල ලෙන් හතරක් දක්නට ඇත. කදු වැටිය උතුරු දෙසින් ඇරඹි බටහිරට විහිද පවති. එහි බටහිර කෙලවර ආන්දම් කුලම වැව් බැම්මට සම්බන්ධ වේ. කදු වැටිය පුරාවටම අසාමාන්‍ය ලෙස පිහිටා ඇති මහා පර්වත රැසකි. ඇතැම් ඒවා කාලයත් සමග පුපුරා ගොස් පහලට පෙරලි ඇත.

ප්‍රධාන ලෙන කදු වැටියේ උතුරු දෙසට වන්නට පිහිටා තිබේ. ඒ තුල මෑත කාලිනව කරන ලද නිර්මාණයක් වෙයි. පස්වග මහණුන් හට දහම් දෙසන බුදුරුවක් සිමෙන්තියෙන් අඹා තිබේ. ලෙන තුල සුදු පිරියම් කර ඇත. අඩි 12 ක් පමණ උසැති අඩි 20 කට වඩා පළලැති මෙම ලෙන සෙසු ලෙන් වලට වඩා ප්‍රමාණයෙන් විශාලය. එහි ඉහල කටාරම් කොටා ඇත. ඊට පහල තවත් කුඩා ගුහාවක් දක්නට ඇත. ඊට මදක් පහලින් කටාරම් කොටද ලද පර්වතයක් කටාරම් මට්ටම දක්වා පසින් හා කොල රොඩු වලින් වැසි පවති. එය කුමක්ද යන්න හදුනා ගත නොහැක.

බටහිර කෙලවර සෙසු ලෙන් තුන දක්නට ඇත. එක ලග පිහිටා ඇති මෙම ලෙන් ත්‍රිත්වය පසුකාලිනව සිදුවු යම් යම් ඉදිකිරිම් වලට භාජනය වි තිබේ. ගඩොලු යොදා ගනිමින් කුටි ලෙස සකසා ඇත. පැරණි බව දක්නට නැත. භික්ෂුන් වහන්සේලා වාසය කල බවක් දක්නට නැත වන සතුන්ගේ රජ දහනක් බවට ඒවා පත්ව තිබේ. ඉන් පළමු ලෙන අඩි 12 ක් පමණ උසැති අඩි 15 ක් පමණ පළලැති වේ කටාරම් කොටා ඇත. කටාරම් කොටා ඇති තැන පුර්ව බ්‍රාහ්මිය අක්ෂරයන්ගෙන් යුත් ලෙන් ලිපියක් දක්නට ඇත.

දෙවන ලෙන ඊට මදක් දුරින් පිහිටි පර්වතයේ පිහිටා ඇති අතර අඩි 12 ක් පමණ උසින් යුත් අඩි 16 ක් පමණ පලලැති එකකි. කටාරම් කොටා තිබේ. පුර්ව බ්‍රාහ්මිය අක්ෂරයන් ගෙන් යුත් ලෙන් ලිපියක් දක්නට ඇත. මැද ලෙනට වම්පසින් පර්වතය ඉහලට වන්නට තුන්වන ලෙන දක්නට ඇත. එම ලෙනට ප්‍රවේශ විම අපහසුය. කටාරම් කොටා ඇති අතර එහිද පුර්ව බ්‍රාහ්මිය අක්ෂරයන්ගෙන් යුතු ලිපියක් දක්නට ඇත. ලෙන් මුව අඩි 10 ක් පමණ පළලැතිය. ලෙන වැව දෙසට මුහුණලා පිහිටා ඇත.

ලෙන් සංකිර්ණයට පහල විහාරස්ථානයේ බෝධියට දකුණු දෙසින් පිහිටි විශාල රැකක් මුල ස්පඨික හුණු ගලින් කරන ලද හිටි පිළිමයක කොටසක් දක්නට ඇත. සිරිපතුල් සහිත පාදම දක්නට නැත සිවුරේ රැළි මනාව දක්නට තිබේ. අගල් 24 ක් පමණ පළලැති අගල් 30 ක් පමණ උසැති මෙම පිළිම කොටසේ ඉග කොටස දක්වා පමණක් දක්නට ඇත. එමෙන්ම ස්ථුප ඡත්‍රයක් විය හැකි වක්‍ර ශෛලමය පුවරුවක්ද බෝධිය අසල දක්නට ඇත. මෙම පුරාවස්තු යුගලය මෙම පුදබිමට අයත් ඒවා විය නොහැකි බව පෙනි යයි. වෙනත් ස්ථානයක සිට මෙතැනට ගෙන ආ ඒවා බව පෙනේ.

මෙම පුදබිම ගැන පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මෙසේ සදහන් කර ඇත. “කදු ගැටය ආශ්‍රිතව පැරණි නටඹුන් මෙහි පිහිටා තිබේ. කන්දේ තැන තැන විසිරුණු පැරණි ගඩොළු රැසකි. පර්වත දෙකක් මත තරමක ගොඩැලි දෙකක් වේ. මේවා පැරණි ස්ථුප වල ශේෂ විය යුතුය. නිධන් සොරුන් විසින් හාරා විනාශ කර ඇති නිසා මුල් ස්වරූපය සහමුලින්ම හදුනා ගත නොහැකිය. කාලයක් පුරා මෙම නටඹුන් අව් වැසි වලට මෙන්ම සතුරු උපද්‍රව වලට ගොදුරු වි පැවැත්තේය. දැනට මෙහි රැකි ඇති එකම දෙය නම් ගල් ලෙන් සමුහයයි. ඒවා පැරණිම යුගයේ කටාරම් කොටා බිත්ති මහා සංඝයාට පුජා කර ඇත්තේය. ලෙන් ලිපි ගණනාවක් තිබි ඇති නමුත් සමහරක් විනාශ ඇති බව පෙනේ දැනට යම්තමින් හදුනාගත හැකි ලිපි හතරක් මෙහි ඇත. ඒවා මේතාක් වගකිව යුතු අන්දමින් පිටපත් කර නැත..”

ඒවා නම් මෙසේය…
1. බරත උතිය උපශක හ (භාරත උත්තිය ගේ.. උපාසක..ගේ)
2. බදත තිශ (භදත්ත තිස්ස)
3. උපසක වෙශහ ලෙණෙ ශගශ දිනෙ ( වෛශ්‍ය උපාසකගේ ලෙණ සංඝයාට පිදිනි)
4. බත තිශහ ලෙණෙ ශගශ ( ස්වාමි තිස්ස ගෙ ලෙණ සංඝයාට පුදන ලදි)

මෙම සටහන් අනුව සාමාන්‍ය වැසියන් ලෙන් පුදා ඇති බව පෙනේ ඉන් එක් අයෙකු භාරත ගෝත්‍රයට අයත් වේ.
( නැගෙනහිර පලාත හා උතුරු පලාතේ සිංහල බෞද්ධ උරුමය, පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පිටු අංක 341)

එල්ලාවල මේධානන්ද හිමියන් සිය වාර්ථාවල ස්ථුපයන් වැනි ගොඩැලි දෙකක් තිබු බව සදහන් කලද කදු වැටිය තුල එවන් ස්ථුප ගොඩැල්ලක නටඹුන් කිසිවක් හමු නොවිය ඒවා කාලයත් සමග අව් වැසි හා වෙනත් උපද්‍රවයන්ට ලක්ව විනාශ වි යන්නට ඇති බව සිතිය හැකිය.

සටහන : ‎ලක්මාල් බදුගේ

සම්බන්ධ වෙනත් පිටු

ආනන්දකුලම තිස්ස වන සෙනසුණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ආනන්දකුලම තිස්ස වන සෙනසුණ රියදුරු දිශාවන්

 ත්‍රිකුණාමලය සිට ආනන්දකුලම තිස්ස වන සෙනසුණ දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 6
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : පැය 1 -2  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply