ත්‍රිකුණාමලය පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය (Puliyuththu Wewa Archaeological Site in Trincomalee)

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.50 out of 5)
Lakmal K. Baduge
සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎

නටඹුන් සහිත බිම නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. පිළිම ගෙයක් බවට අනුමාන කල හැකි පුදබිමකි. විනාශ වු සහ නොවු පෙති උළු රැසක් ඒ අවට පසින් යටව විසිර පවති. විශාල ප්‍රමාණයේ කණු පාදම් ගල් දෙකක් කොළ රොඩු වලින් වැසි ගොස් තිබේ. නිධන් හොරුන් වැනසිම නිසා අනුරාධපුර මුල් යුගයට අයත් ගඩොලු රැසක් තැන තැන විසිර පවති.

[Google Ad 01 -EN]

නටඹුන් බිමේ ස්ථාන දෙකක් අවස්ථා කිහිපයකදිම කැණිම් කර ඇති පෙනි යයි. එක් ස්ථානයක අඩි 15 ක් පමණ පළලැති අඩි 10 ක් පමණ ගැඹුරැති විශාල වලක් හාරා ඇත. ඒ තුල කඩා දැමුණු කිරිගරුඩ පාෂාණයෙන් නිමැවු අඩි 8 ක් පමණ උසැති හිටි පිළිමයක් මෑතක් වන තුරු තිබු බව අවට ගැමියන් කියයි. නමුත් මේ වනවිට එකි පිළිමය හෝ පිළිම ශේෂයන් හෝ එම ස්ථානයේ දක්නට නැත.

ඊට අඩි හයක් පමණ දුරින් තවත් විශාල කැණිමකි. කැණිම් වලෙහි මුව අඩි හයක් පමණ වේ. ගැඹුර අඩි 25 ක් පමණය. වල තුල ජලය පිරි ඇත. නිධන් සොයා කැණීම කර ඇති බව පෙනි යයි. වෙනත් නටඹුන් කිසිවක් ඒ අවට දක්නට නොවිය. මෙකි ස්ථානයට දකුණු පසින් මිටර් 50 ක් පමණ උතුරට වන්නට පිහිටි ගල් තලාවේ කෝව වලවල් කිහිපයක් දක්නට ලැබේ.

එතැන සිට තවත් මිටර් 100 ක් පමණ දකුණු දෙසට වන්නට පිහිටා ඇති මිටර් 50 ක් පමණ දිගට පැතිර ඇති පැතලි ගල් තලාවේ කෝව වල 22 ක් දක්නට ලැබේ.

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලය පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :නුවර පාර ඔස්සේ
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 30ක්  පමණ 
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

Leave a Reply