තලෙයිමන්නාරම පැරණි ඌරුමලේ  ප්‍රදීපාගාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 4.00 out of 5)
Old Thalaimannar Lighthouse (Urumalai Lighthouse)
Old Thalaimannar Lighthouse (Urumalai Lighthouse)

මන්නාරම දූපතේ බටහිර වෙරළේ ඌරුමලෙයි ග්‍රාමයේ මෙම පැරණි ප්‍රදීපාගාරය දැකගත හැක. මෙරට ප්‍රදීපාගාර මුලින්ම ගොඩනැගුවේ පෘතුගීසින් විසිනි. මෙම ප්‍රදීපාගාර ලන්දේසීන් හා ඉන් පසුව බ්‍රිතාන්‍යයන් වැඩි දියුණු කොට පවත්වා ගෙන ගොස් ඇත.  ලංකාවේ මුල්ම අංග සම්පූර්ණ ප්‍රදීපාගාරය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් 1848 දී ගාල්ලේ ඉදිකළ ප්‍රදීපාගාරය යි.

බොහෝ ප්‍රදීපාගාර සඳහා මූලික අමුද්‍රව්‍ය වූයේ කළු ගල් සහ වෙනත් රටවලින් ආනයනය කරන ලද ගල් ය. ලෝහ හා දැව භාවිතය ප්‍රදීපාගාර ගොඩනැගීමේදී අවම විය. එසේ මුත් ඌරුමලේ ප්‍රදීපාගාරය සම්පූර්ණයෙන්ම ලෝහයෙන් තනා තිබේ.  මෙහි උස මීටර් 25-30 අතර වේ. මෙම ප්‍රදීපාගාරය වෘත්තාකාරව සිටවූ යකඩ කුලුණු හයක් සහ මධ්‍යයෙන් තවත් යකඩ කුළුණක් සමග කුළුණු 7ක  ආධාරයෙන් ගොඩනංවා ඇත.  භූමිය ආසන්නයේ එක් කුළුණක වට ප්‍රමාණය මීටර 1.3 ක් පමණ වන අතර ඉහලට යනවිට ක්‍රමයෙන් සිහින් වේ. කුළුණු දෙකක් අතර පරතරය මීටර් 5.8 කි.

⚙️ [Google Ad 01 -EN]

මෙම කණු මුදුන් කොටසේ එහි පිටත පෘෂ්ඨය වැසෙන සේ ඝනකම තහඩුවකින් ආවරණය කොට ඇත ඒ මත වෘත්තාකාර තහඩු දැලක් එලා එය වටා කෙටි කණු සවි කොට ඇත. වර්තමානයේදී එම කණු කිහිපයක් කඩා වැටී ඇති අතර කණු 8ක් පමණක් ඉතිරි වී ඇත. දෙවුන්දර ප්‍රදීපාගාරයේ ඉහළ වේදිකාවට මෙය යම් සමානතාවයක් දක්වන අතර දෙවුන්දර හා සමානව එය වටා ගමන් කිරීම හැකි වන සේ සකස් වන්නට ඇතැයි සිතිය හැක. මෙම ප්‍රදීපාගාරය දැල්වීම සඳහා ගෑස් හෝ තෙල් භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කරයි.

මෙම ප්‍රදීපාගාරය ගොඩනැගීමට අවශ්‍ය ලෝහ කුළුණු කොටස් සහ අනෙකුත් අමුද්‍රව්‍ය එංගලන්තයෙන් හෝ වෙනත් යුරෝපීය රටකින් ගෙන ඇතැයි විශ්වාස කෙරේ. දහනමවන ශත වර්ෂයෙදී බ්‍රිරිතාන්‍ය ජාතිකයන් දුම්රිය  මාර්ග හා යකඩ පාලම් බහුල ලෙස ලංකාවේ ඉදිකර අතර ගොඩනැඟිලි සඳහා යකඩ භාවිතය බහුලව සිදු වූයේ මෙම කාලයේය.  ඒ  අනුව ඌරුමලේ ප්‍රදීපාගාරය 1850 1900 අතර ඉදි වූවක් බව විශ්වාස කරයි.

මුලතිව් හිද මෙවැනිම සම්පූර්ණයෙන්ම ලෝහයෙන් ඉදිකළ ප්‍රදීපාගාරයක්  පැවති අතර 2003 වසරේදී මෙය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.  එබැවින් ලංකාවේ පවතින එකම ලෝහයෙන් ඉදිකළ ප්‍රදීපාගාරය ඌරුමලේ  ප්‍රදීපාගාරය වේ.  අවාසනාවට මෙන් මෙයද වර්තමානයේදී කඩාවැටීමේ තර්ජනයට ලක්වී ඇත.

ඌරුමලේ  ප්‍රදීපාගාරය අද පිහිටා ඇත්තේ නාවික අනු ඛණ්ඩයකට අයත් භූමියක් තුළ ය. එබැවින් එය අසලට යාමට සාමාන්‍ය ජනතාවට තහනම්ය.  මෙම භූමිය තුලට යාමට  නාවික හමුදාවේ විශේෂ අවසරයක් ගත යුතුය. එසේ නොමැති නම් මෙම භූමියේ පිට සිට ප්‍රදීපාගාරය දුරින් නැරඹිය හැක.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .80-81

සම්බන්ධ වෙනත් පිටු

තලෙයිමන්නාරම පැරණි ඌරුමලේ  ප්‍රදීපාගාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

තලෙයිමන්නාරම පැරණි ඌරුමලේ  ප්‍රදීපාගාරය රියදුරු දිශාවන්

කොළඹ සිට ඌරුමලේ  ප්‍රදීපාගාරය දක්වා අනුරාධපුර සිට ඌරුමලේ  ප්‍රදීපාගාරය දක්වා
හරහා : හලාවත – පුත්තලම – මන්නාරම
මුළු දුර : කිලෝමීටර් 290
ගතවන කාලය : පැය 6.5
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : මැදවච්චිය – මන්නාරම
මුළු දුර : කිලෝමීටර් 145
ගතවන කාලය : පැය 3
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)