Ruins on the Matara Galgodiyana Island

මාතර ගල්ගොඩියාන දූපත බෞද්ධ නටබුන්

ගල්ගොඩියාන කියන්නේ මාතරට කිට්ටුව පිහිටි ගල් පරුවක් වගේ දූපතක්. මේක ගොඩබිම ඉඳන් මීටර් 200කටත් වඩා අඩු දුරකින් සහ ජනප්‍රිය පොල්හේන වෙරළේ ඉඳන් මීටර් 500ක් විතර දුරින් පිහිටලා තියෙනවා. කවුරුත් පදිංචි නැති මේ දූපත වර්ග මීටර් 290ක් (අක්කර 1ක් විතර) පුරා විහිදිලා තියෙනවා.

Read More
Large Stone Steps towards the streams at Sudukanda photo source : Ruins in Central Eastern Area of Sri Lanka

වස්ගමුව වන තුල සැඟවුණු සුදුකන්ද (කුමාර කන්ද) නටබුන්

සුදුකන්ද නටබුන් වාස්ගමුව ජාතික උද්‍යානයේ මධ්‍යම බටහිර කෙලවරේ පිහිටා ඇත. මෙම නටබුන් විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර, එය විශාල ආරාම සංකීර්ණයක සාධක ලෙස සැලකිය හැක. කණගාටුවට කරුණක් නම්, මෙය නිධන් හොරුන්ට පමණක් සිත්ගන්නා සුළු ස්ථානයක් වී තිබීමයි. මෙතෙක් මෙම ස්ථානය පිළිබඳ කිසිඳු පුරාවිද්‍යා සමීක්ෂණයක් සිදුකර නැත.

Read More
Packed devotees early in the morning at Ruwanweli Seya

රුවන්වැලි සෑය මහා ස්ථූපය

රුවන්වැලිසෑය ඉදිකරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 137 සිට ක්‍රිස්තු පූර්ව 119 දක්වා රාජ්‍යය කළ මහා දුටුගැමුණු රජතුමා විසිනි. මුල් ස්තූපය අඩි 180ක් (මීටර් 55ක්) පමණ උසින් යුක්ත වූ අතර එය බොහෝ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. අද වන විට ස්තූපය අඩි 350ක් (මීටර් 107ක්) උසින් සහ අඩි 300ක් (මීටර් 92ක්) විශ්කම්භයකින් යුක්ත වේ.

Read More
A photo of the Man Eating Leopard of Punanai after being shot to death

ශ්‍රී ලංකා ඉතිහාසයේ මිනීමරු කොටි

කොටියන් බොහෝ දුරට රාත්‍රියේදී ක්‍රියාශීලී වන නමුත්, ඔවුන් උදෑසන, සවස් කාලය සහ දිවා කාලය තුළ ද දැකිය හැකිය. වෙනත් රටවල සිටින කොටියන් මෙන් නොව, ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) තම ගොදුර කලාතුරකින් ගස්වලට ඔසවා ගෙන යයි. මෙයට හේතුව වන්නේ ඔවුන් දිවයිනේ ප්‍රධාන විලෝපිකයා වීම සහ ඔවුන්ට පහසුවෙන් ගොදුරු සොයාගත හැකි වීමයි.

Read More
Medapitiya Araththana Viharaya

හඟුරන්කෙත අරත්තන රජමහා විහාරය

අරත්තන විහාරය හඟුරන්කෙත නගරාසන්නව පිහිටි අතිශය පූජනීය වූත්, බොහෝ විට හඟුරන්කෙත විසූ රාජකීයයන්ගේ විහාරස්ථානය වශයෙන් පැවතියා වූත් විහාරයයි. හඟුරන්කෙතට කිලෝමීටරයක් පමණ දකුණින් පිහිටි මෙම විහාරයේ ඉතිහාසය පිළිබඳ මුල්ම ලේඛනගත සාධක හමුවනුයේ, මෙම විහාරය සන්තක සන්නස් තුන අතුරින් දෙකකිනි.

Read More
Royal Palace of Hanguranketha

හඟුරන්කෙත රජ මාළිගාව

හඟුරන්කෙත නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කුඩා නගරයකි. කන්ද උඩරට රාජධානියේ යුගයේදී මෙය දියතිලකපුර හෝ දියතිලක නුවර ලෙස හැඳින්වුණි. එය කන්ද උඩරට රාජධානියේ රජවරු කිහිපදෙනෙකුට අතථ්‍ය රාජධානියක් ලෙස පවතිණි. රජවලිය අනුව, හඟුරන්කෙත පළමු රජ මාළිගාව තනන ලද්දේ රාජාධිරාජ සෙනරත් රජතුමා (1604-1635) විසිනි.

Read More
Kandyan Chieftains in front of the Temple of Tooth in Kandy

මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේවරු

ශ්‍රී දළදා සමිඳු තැන්පත් කර ඇති රන් කරඬු හතෙන් පළමු කරඬුවේ යතුර දළදා සමිඳුන්ගේ ගිහි භාරකරු දියවඩන නිලමේ සතු වේ. මෙම තනතුර දළදා වංශකථාව වන ධාතුවංශයේ ‘ධාතුරක්ඛාධිකාරි’ ලෙස සටහන් වේ. දළදා සමිඳුන් ආරක්‍ෂා කිරීම, පුද පූජා සංවිධානය කිරීම, විහාරස්ථානයේ දේපළ හා වත්කම් අධීක්‍ෂණය කිරීම දියවඩන නිලමේවරයාට පැවරෙන රාජකාරි වේ.

Read More
Ancient Stone Bowl in Hulftsdorp Court Complex (අලුත්කඩේ උසාවියේ පැරණි ගල් බඳුන)

අලුත්කඩේ උසාවියේ පැරණි ගල් බඳුන

ඔබ කවදා හෝ කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයට ගොස් ඇත්නම් එහි මිදුලේ කුඩා පොකුණක් මධ්‍යයේ විශාල පෞරාණික ගල් පාත්‍රයක් ස්ථානගත කර තිබෙනු ඔබ දැක ඇති. එය අඟල් 35 (සෙන්ටිමීටර 89) පමණ උසකින් සහ අඟල් 48 (සෙන්ටිමීටර 122) විෂ්කම්භයකින් යුක්ත වේ.

Read More
Siyambaladamana Megalitic Burial Grounds

සියඹලාදමන මෙගලතික සුසාන භූමිය

රූස්ස ගස් වලින් පිරි වන අලින් ගැවසෙන ප්‍රාදේශයක හුදකලාව සියඹලාදමන මෙගලතික සොහොන් පරිශ්‍රය පිහිටා ඇත.මෙම ස්ථානයට ආසන්නයෙන් යාං ඔය ගලා බසි. එම නිසා එළඹිය හැකි නිගමනය වන්නේ යාං ඔය නිම්නයේ පිහිටි පැරණි ජනාවාසයක් මෙම ස්ථානය ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇති බවයි.ස්වභාවික හා මානව ක්‍රියාකාරකම් වලට අවම වශයෙන් ලක්ව ඇති නිසා මෙම සොාහොන් පරිශ්‍රය ඉතා හොදින් දක්නට ලැබේ.සුසාන ගර්භ 16 ක් පමණ අක්කර 03 ක පමණ භූමියක පිහිටා ඇත.

Read More
Weli Maluwa (Andiyamala Thenna) Ambalama on Sri Pada Trail

කුලහීනයන් ශ්‍රී පාද වන්දනා කල ආඬියාමළ තැන්න වැලි මළුව

ශ්‍රී පාද කඳු මුදුනට මීටර් 600ක් පමණ පහළින් අද අම්බලමක් තිබෙන ආඬියාමළ තැන්න නම් පෙදෙසක් ඇත. තම පියා මරා දැමීමෙන් පසු සීතාවක රාජසිංහ රජු (1581-1591) හින්දු භක්තිකයෙකු බවට පත් වූ අතර ශ්‍රී පාදය ආඬි නොහොත් සන්නාසි නම් වූ හින්දු පූජකවරුන්ට භාර දෙන ලදී . කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) විසින් එය ආපසු ගෙන බෞද්ධ භික්ෂුන්ට නැවත භාර දෙන තෙක් ඔවුන් දළ වශයෙන් වසර 155 ක් පමණ මෙම ස්ථානය කළමනාකරණය කළහ.

Read More

රටට අහිමි වූ කිලිවෙඩ්ඩියේ ශ්‍රී වර්ධන බෝධිය

කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධිය 1979 දී හින්දු භක්තිකයන් විසින් විනාශ කර සහස්‍ර ගණනාවක් පුරා පැවති කෝවිලක් ඉදිකරන ලද ශ්‍රී මහා බෝධියේ පළමු අංකුර 32 න් එකකි.

Read More
Wandurupitiya Ketewaththa Sathpaththini Tampita Devalaya

වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාලය

 විශාල වත්තක කෙළවර වඳුරුපිටිය කෙටේවත්ත සත්පත්තිනි ටැම්පිට දේවාල ඉඩම පිහිටා ඇත. ප්‍රධාන දේවාලය ඉදිකර ඇත්තේ ටැම්පිට විහාරයක ස්වරූපයෙනි. මෙම දේවාල ඉතිහාසය දඹදෙණි රාජධානිය යුගය දක්වා දිවෙන අතර ටැම්පිට දේවාලය මෙරට කුඩාම දේවාලය ලෙස සැලකේ.

Read More
Dimbulagala Molahitiya Velegala Rock

දිඹුලාගල මොලහිටිය වෙලේගල පුරාවිද්‍යා ස්ථානය

මොලහිටිය වෙලේගල නුවරකලාවිය දිඹුලාගල කුඩා උල්පත ගම්මානයේ පිහිටි දිගු ගල් පර්වතයකි. මෙම පර්වතය කුඩා උල්පොත සිට කිලෝමීටර් 1.5 ක් පමණ දුරින් පිහිටා ඇති අතර, දිඹුලාගල පර්වතයට සමාන්තරව නැගෙනහිර සිට බටහිරට දිවෙන දිග දිගේ සමාන්තර පටු වැටි තුනක් හෝ හතරක් සහිත පහත් පාෂාණ භූමියකි.

Read More
The carving of the ship belonging to the 1st-2nd century BC at Handapanwila Rajamaha Viharaya

දිඹුලාගල හඳපාන්විල රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය

හඳපාන්විල රජමහා විහාරය පිහිටා ඇත්තේ දිඹුලාගල ප්‍රදේශයේ හඳපාන්විල ග්‍රාමයේ ” දූවේගල” නමින් හඳුන්වන ගල්තලාවේය . දූවේගල පුරාණ බෞද්ධ ආරාමයක් වන අතර ස්තූපයක්, සෙල්ලිපි සහ ගොඩනැගිලිවල නටඹුන් හමුවේ.

Read More
Kegalle Miniyampitiya Watta Archaeological Ruins

කෑගල්ල මිනියම්පිටිය වත්ත පුරාවිද්‍යා ස්ථානය

කොළඹ සහ මහනුවර අතර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන අතරතුර මින් පෙර වාර්තා නොවූ පෞරාණික ස්තූප දෙකක නටඹුන් වසර කිහිපයකට පෙර වාර්තා විය. මෙම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මිනියම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇත.

Read More
Monarawila Keppetipola Memorial

1818 ඌව වෙල්ලස්ස කැරැල්ල හා මොණරවිල කැප්පෙටිපොළ ස්මාරකය

1817/18 කැරැල්ල ලෙසද හැඳින්වෙන  ඌව  වෙල්ලස්ස කැරැල්ල 1815 දී ඉංග්‍රීසින් මහනුවර රාජධානිය අල්ලා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ පළමු නිදහස් සටන ලෙස සැලකේ. මහනුවර රාජධානිය ඉංග්‍රීසින්ගෙන් නිදහස් කර ගැනීමේ මෙම සටන මෙහෙයවූයේ මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ විසිනි.

Read More
අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන් - Ruins at Akithamurippu (Thekkama) Paththini Devalaya

අකිතමුරිප්පු (තේක්කම) පත්තිනි දේවාලයේ පැරණි නටබුන්

මැදවච්චියේ සිට මන්නාරමට යන මාර්ගයේ මඩු පල්ලි පාරට කිලෝමීටරයකට පමණ පෙර මල්වතු ඔය හරහා වැටී ඇති එල්ලෙන පාලමට ඇති මාර්ගය පවතී. මෙම මාර්ගයේ  කිලෝමීටරයක් පමණ ගමන් කලවිට  අලංකාර පරිසරයක ඇති යෝධ ඇළ හරහා වැටී ඇති අමුණක් අමුවේ.

Read More
The electric fence separating the ruins of Vishnu Devalaya Mo 3 from the main road

පොලොන්නරුව රාජධානියේ විෂ්ණු දේවාලය අංක 3

අංක 3 විෂ්ණු දේවාලය සම්පූර්ණයෙන්ම ගඩොලින් තැනූ නිර්මාණයකි. මෙම කෝවිලේ අත්තිවාරම පමණක් සංරක්ෂණය කර ඇත. මෙම නටබුන් ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා තිබුණද ඒවාට ප්‍රවේශ වීම පහසු නැත. නගරයට එන ජලාශයට එන වන අලි නවතාලීම සඳහා නටඹුන් හා මාර්ගය වෙන් කරමින් මෙම මාර්ගය දිගේ විදුලි වැටක් දිවෙයි.

Read More
The Stupa of Kasapurad Parivena located among the Polonnaruwa kingdom

පොලොන්නරුව රාජධානියේ කසුප්රද් පිරිවෙණ

රන්කොත් වෙහෙර සහ මැණික් වෙහෙර අතර සැඟවී ඇති කසුප්රද් පිරිවෙණ සාමාන්‍යයෙන් වන්දනාකරුවෙකු නොයන කුඩා ආරාමයකි. මෙම ආරාමය ක්‍රිස්තු වර්ෂ 914-923 අතර අනුරාධපුර රාජධානියේ රජකම් කළ පස්වන කස්සප රජු (එනම් අභය සලමෙවන්) විසින් ඉදිකරන ලදකසුප්රද් පිරිවෙණ ලෙස අනුමාන කෙරේ.

Read More
Royal Baths of king Nissanka Malla

නිස්සංගමල්ල රාජකීය නාන පොකුණ

පොළොන්නරුව තානායම සහ පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය අතර මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද නටබුන් සමූහයකි. පරාක්‍රම සමුද්‍රයේ ඉපැරණි බිසෝකොටුවක්, පොළොන්නරු රාජධානියේ නිශ්ශංක මල්ල රජුගේ (ක්‍රි.ව. 1187-1196) රාජකීය නාන තටාකවලින් සමන්විත විශාල ගඩොල් පොකුණක් මේවාට ඇතුළත් වේ.

Read More