රටට අහිමි වූ කිලිවෙඩ්ඩියේ ශ්‍රී වර්ධන බෝධිය
කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධිය 1979 දී හින්දු භක්තිකයන් විසින් විනාශ කර සහස්‍ර ගණනාවක් පුරා පැවති කෝවිලක් ඉදිකරන ලද ශ්‍රී මහා බෝධියේ පළමු අංකුර 32 න් එකකි.
කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධිය 1979 දී හින්දු භක්තිකයන් විසින් විනාශ කර සහස්‍ර ගණනාවක් පුරා පැවති කෝවිලක් ඉදිකරන ලද ශ්‍රී මහා බෝධියේ පළමු අංකුර 32 න් එකකි.
රාජ්‍ය වර්ෂ 134 දී (බු.ව. 677) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර හයක් රට කරවූ මහල්ලක නාග (මහළුනා) රජතුමා මෙම පුද බිමේ ප‍්‍රාසාදයක් කරවා ඇත. රාජ්‍ය වර්ෂ 827 දී (බු.ව. 1370 ) බෙරමිණි පාය ) රාජධානියේ රජ පැමිණ වසර දාසයක් රට කරවූ (3 – 4 ) දප්පුල රජතුමා මෙම පුදබිමට “ගොන්න විට්ඨි” නම් ගමක් පූජා කර ඇත.
බෙලිගල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය සාමාන්‍ය වහරේ බෙලිගල රාජමහා විහාරය ලෙස ප්‍රචලිතය. එය කෑගල්ල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නෙලුන්දෙනිය අතර පිහිටි පුරාණ විහාරයකි. ඓතිහාසික වාර්තාවලට අනුව, බෙලිගල විහාරය ශ්‍රී මහා බෝධි (දෙතිස්පල මහා බෝධි අංකුරයක් රෝපණය කළ ස්ථානයකි.
වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය යනු පොල්ගහවෙල සහ කෑගල්ල අතර වසර 2200 කට අධික ඉතිහාසයක් ඇති විහාරයකි. මෙම විහාරස්ථානය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අවසාන මහා අරහත් යැයි විශ්වාස කෙරෙන මලියදේව රහතන් වහන්සේ සමඟ ඇති සමීප සම්බන්ධතාවය සලකමිනි.
මිට වසර 2000 කටත් එපිට දුරාතීතයේදී දෙවන පෑතිස් නිරිඳුන් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු මාගමට යන සංචාරයේදී එක් කඳු මුදුනෙක දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බව කියැවේ. ඒ ආශ්‍රයේ විහාරස්ථානයක් ගොඩ නැගුණි. එය බෝධිමළු විහාරය නම් විය. මේ පිළිබඳව බෝධි වංශයේ සඳහන්ව තිබේ.