ඌව පරණගම අඹගස්දෝව තොටුපල අරාව අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.50 out of 5)

තොටුපල අරාව අම්බලම තිබෙන්නේ වැලිමඩ ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ අඹගස්දෝව ප‍්‍රදේශයේ. මේක වසර 300 ක් පමණ පැරණි බවයි කියන්නේ. නමුත් මෙහි යටගියාව කාලයත් සමග වැළලිලා.

මහනුවර රාජධානි සමයේ මහනුවර – මහියංගණ මාර්ගයේ ගමන් ගත් මගීන්ගේ විඩාව සංසිදීමට මෙම අම්බලම ඉදිකර ඇතැයි ජනප‍්‍රවාදයේ කියැවෙනවා. අලංකාර කුඹුරු යායක් ආසන්නයේ මෙම අම්බලම සදා තිබෙන්නේ ගල් තබා සදාපු උස් වේදිකාවක් මත. ඒ මත ගල්කණු 4ක් සිටුවා එම කණු මත වහළය රඳවා තිබෙනවා. මෙම ගල්කණු සිටුවා තිබෙන්නේ රළු ලෙස කොරියේ කැපූ ලෙසමයි.

⚙️ [Google Ad 01 -SI]

මේ අසලම ප්‍රදේශයේ ජනතාවගේ ගෞරව පාත්‍රවන පුරාණ බෝධීන් වහන්සේ නමක්ද පිහිටාතිබෙනවා. අවාසනාවකට නිසි සංරක්ෂණයක් නොමැතිකමින් මේ වන විට අම්බලමේ වහළයේ උළු විනාශ වෙමින් පවතිනවා.  තවද කැටයම් සහිත වහළයේ ලීද විනාශයට යමින් පවතිනවා.

මෙම අම්බලමට තිබෙන්නේ වැලිමඩ – හක්ගල මාර්ගයේ. වැලිමඩ සිට අඹගස්දෝව පසුකර මීටර 350 ක් පමණ ගියවිට වම් පැත්තෙන් තොටුපල අරාව දෙසට කොන්ක්‍රීට් කල කුඩා පාරක් හමු වෙනවා. මෙම මාර්ගයේ මීටර 50ක් පමණ ගිය විට තොටුපල අරාව අම්බලම වෙත ලඟා වන්නට පුළුවන්.

සම්බන්ධ වෙනත් පිටු

අඹගස්දෝව තොටුපල අරාව අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අඹගස්දෝව තොටුපල අරාව අම්බලම රියදුරු දිශාවන්

වැලිමඩ සිට අඹගස්දෝව තොටුපල අරාව අම්බලම දක්වා
හරහා : අඹගස්දෝව
මුළු දුර :කිලෝමීටර 4.6
ගතවන කාලය  : විනාඩි 25
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply