උඩුනුවර වතුපොල අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 4.50 out of 5)

පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්. වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.

කොළඹ නුවර මාර්ගයේ පිළිමතලාව ඉලුක්වත්ත  මුස්ලිම් දේවස්ථානය අසලින් ඇති විට හමුවන කිරිවවුල මාර්ගයේ වතුපොලට කිලෝමීටර 6¾ ක් ගමන් කිරීමෙන් වතුපොල අම්බලමට ලඟා වීමට පුළුවන්. වතුපොල අම්බලම පිහිටා තිබෙන්නේ මනරම් වෙල්යායක් මැදයි. මෙම අම්බලමට ළඟාවීමට වතුපොල රජමහා විහාරය අසලින් වාහනය නතර කොට නියරක් මතින් යාමටතිබෙනවා.

[Google Ad 01 -EN]

මෙය මදක් උස්වූ බිමක සම සතරැස් ලෙස සාදන ලද කුඩා අම්බලමක්. ගලින් හා බදාමයෙන් සාදා ඇති මෙම අම්බලමේ පිල ලෙස භාවිතා කිරීමට අඩි දෙකක් පමණ උසට එහි බිත්තිය සාදා තිබෙනවා. මෙහි පිටුපස බිත්තිය දෙඇස බිත්ති වලට වඩා අඟල් කිහිපයක් උසයි. මෙසේ වෙනස් උසට තැනූ පිල් මෙම කාලයේ අම්බලම් වල සුලබ දර්ශනයක්.උසස් යයි සලකන අය සඳහා උස් ආසනත් අන් යට මිටි ආසනත් තැබීම මෙකල සාම්ප්‍රදායක්.

වහලය සාදා ඇත්තේ සිංහල උළු යොදා පල සතරකටයි. කැණිමඩලට උඩින් සාම්ප්‍රදායික මැටි කොතක් තබා තිබෙනවා. මෙම අම්බලම 2011 දී පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කර තිබෙනවා.

සම්බන්ධ වෙනත් පිටු

උඩුනුවර වතුපොල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

උඩුනුවර වතුපොල අම්බලම රියදුරු දිශාවන්

පිළිමතලාව ඉලුක්වත්ත සිට උඩුනුවර වතුපොල අම්බලමදක්වා
හරහා : වට්ටප්පොළ
මුළු දුර :කිලෝමීටර 6.7
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 10-15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply