ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව – Tallest Mile Post in Sri Lanka

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Tallest Mile Post - at Devinuwara
Tallest Mile Post – at Devinuwara

ශ්‍රී ලංකාවේ මහාමාර්ග මෙන්ම දුම්රිය මාර්ග ස්ථාපිත කිරීමේ ගෞරවය හිමිවන්නේ මේ රට යටත් කරගත් විදේශීය ජාතිකයන් අතුරෙන් අවසන් පාලකයන් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ටය. තම පරිපාලන කටයුතු සහ ආර්ථික නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා වුවද බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දුම්රිය මාර්ග හා මහාමාර්ග ඉදිකිරීම මේ රටේ ආර්ථික සාමාජික සංවර්ධනයට මහත් රුකුලක් විය.

ආරම්භයේදී ගාල්ල, කොළඹ, මාතර, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මීගමුව, මහනුවර, අනුරාධපුරය, ‍පොළොන්නරුව, හම්බන්තොට, නුවරඑළිය ආදී ප්‍රධාන නගර සම්බන්ධ කෙරෙමින් පාරවල් ඉදිකළ අතර ඒ අතර දුර ප්‍රමාණය ගණනය කිරීම සඳහා සැතපුම් කණුද ඉදිවිය.

දැන් දුර මැනීමේ ඒකකය සැතපුම්වල සිට කිලෝමීටර් දක්වා වෙනස්වී ඇත. එසේම පැරැණි සැතපුම් කණු වෙනුවට විවිධ හැඩයෙන් සහ පැහැයෙන් යුතු කිලෝමීටර් කණු මග දෙපස දැකිය හැක.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එකල රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද මහාමාර්ග අයිනේ ස්ථාපනය කළ සැතපුම් කණු අතරින් සුවිශේෂී සැතපුම් කණුවක් මාතරට නුදුරු දෙවිනුවර ප්‍රදේශයේදී දැකිය හැක.

ලංකාවේ උසම සැතපුම් කණුව වශයෙන් ඉතිහාසයට එක්වී ඇති මෙම සැතපුම් කණුව මාතර – කතරගම මහා මාර්ගයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට සමීපයේ ලංකාවේ ප්‍රකට දේශපාලකයෙක් වූ හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ රොනී ද මෙල් මහතාගේ නිවස ඉදිරිපිට දැකිය හැක.

අඩි 7ක් පමණ උසකින් යුත් මෙම සැතපුම් කණුව තනිකරම කළුගලෙන් නෙළා තිබිමද තවත් සුවිශේෂී කරුණකි. මෙම සැතපුම් කණුවේ අඩි 4ක් පමණ උසකින් ලොකුවට 103 වැනි සැතපුම් කණුව වශයෙන් ඉලක්කමෙන් සඳහන් කර ඇත. එම ස්ථානයේ මඳක් පහළින් ච්ව්ච්අඒ යනුවෙන් ඉංග්‍රීසියෙන් සටහන් කර ඇත.

අනුරාධපුර ‍පොළොන්නරු නගරවල දක්නට ලැබෙන පැරැණි ගල්කණු සිහිපත් කෙරෙන මෙම 103 වැනි සැතපුම් කණුවේද කැටයම් කොටා ඇති අතර 103 අංකය සඳහන් වන ස්ථානයට මඳක් පහළින් සහ ඉහළින් සුවිශේෂී අයුරින් සකස්කර ඇත.

මෙම සියල්ලටම වඩා, වැදගත්වන්නේ මෙම කණුව මුදුනේ ‘දෙවිනුවර’ යනුවෙන් සිංහලයෙන් කැටයම් කර තැබිම සහ ඊට මඳක් පහළින් රුහුණු කොඩියේ ලාංඡනය වූ ‘කුරු ඇතා’ කැටයම් කර තිබිමය. ‘කුරු ඇතා’ සටහන් කර තිබිම පිළිබඳව අදහස් දක්වන විද්වතුන් එය රුහුණට කරන ලද ගෞරවයක් ලෙස සඳහන් කරයි. [A]

රුහුණු කොඩියට ‘කුරු ඇතා’ ඇතුළත් කිරීමත් ඉතාමත් සුවිශේෂී කරුණකි. කුරු ඇතුන් එකල බහුලව වාසය කර ඇත්තේ තංගල්ලට නුදුරු ‘බට අත’ නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. මෙම ප්‍රදේශය ඈත අතීතයේ කැලෑබදව පැවැති යුගයේදී කුරු ඇතුන් බහුලව වාසය කර ඇත. ‘රුහුණු ගැටයා’ නමින්ද උන් හඳුන්වනු ලැබේ.

ලංකාවේ වෙනත් ප්‍රදේශවල දක්නට ලැබෙන අලි ඇතුන්ට වඩා ‘රුහුණු ගැටව්’ හෙවත් ‘කුරු ඇතුන්ගේ’ විශේෂ ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. මෙම ඇතුන් ශරීර ප්‍රමාණයෙන් අනෙක් අලි ඇතුන්ට වඩා මදක් කුඩා වුවද ඉතාමත් රණකාමී ස්වභාවයෙන් යුක්තය. එසේම සුවිශේෂී ශක්තියකින්ද යුක්තය. සටනකදි පැරදී පලා නොයන ‘කුරු ඇතා’ මියයන තෙක්ම සටන් කරයි. ජයග්‍රහණය කර මිස පැරදි පලා නොයන ගතියක් කුරු ඇතාගේ දක්නට ලැබේ.

ඒ නිසාම රුහුණු රණයාගේ ජනකාමිත්වය සහ පසු නොබසින ධෛර්යය සම්පන්නභාවය සංකේතවත් කරමින් රුහුණු කොඩියට ‘කුරු ඇතා’ යොදා ඇත. එය රුහුණු ජනයාගේ අනන්‍යතාවය තහවුරු කරන්නකි.

වසරක් පාසා මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන දෙවිනුවර ශ්‍රී උපුල්වන් විෂ්ණු මහා දේවාලයේ ඇසළ උළෙ‍ලේ මහ පෙරහරේ ගෙනයනු ලබන කොඩි අතර ප්‍රමුඛත්වය ගනු ලබන්නේ ‘රුහුණු කුරු ඇතා’ කොඩියයි. එසේම දුටුගැමුණු මහ රජතුමා රුහුණේ මාගම්පත්තුවේ සිට රජරට අනුරාධපුරය බලාගිය මහා සංග්‍රාමික පෙරහරේද ‘කුරු ඇතා’ කොඩියද ගෙන ගිය බවට සාධක ඇත.

රුහුණේ ජනයාට කරනු ලබන ගෞරවයක් ලෙසින් කුරු ඇතා යොදා ඇති බව සැලකෙන නමුත් මෙකී සැතපුම් කණුව ස්ථාපනය කිරීම සම්බන්ධව පැහැදිලිව පැවසීමට දන්නා අයෙකු නැත. කෙසේ වෙතත් ලංකාවේ උසම සැතපුම් කණුව ලෙස ඉතිහාසයට එක්වී ඇති මෙම සැතපුම් කණුව අපේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වයත් අභිමානයත් පිළිබඳව ඉඟි කරමින් තවත් කාලයක් විරාජමාන වනු ඇත.

එහෙත් පසුගිය කාලයේ වරින්වර ඓතිහාසික අගයකින් යුත් මෙම කණුව කිසියම් පිරිසක් විසින් රැගෙන යාමට උත්සාහ දරා ඇත. ඒ නිසා මෙම ඓතිහාසික ගල් කණුව යටට කොන්ක්‍රීට් දමා සිටුවා ඒ අසල වූ තාප්පයටම සවිකර ඇත.

සටහන ජයතිස්ස තෙන්නකෝන්

www.lakbima.lk

සම්බන්ධ වෙනත් පිටු

ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුවේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව වෙත ගමන් දිශාවන්

කොළඹ සිට මාර්ගය

ගාල්ල සිට මාර්ගය

කෙසේ වෙතත්: දක්ෂිණ අධිවේගී මාර්ගය – ගාල්ල – මාතර
දුර : 168 km
ගමන් කාලය: පැය 3 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
දුර: 45 km
ගමන් කාලය: විනාඩි 50 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

*